LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අත්අඩංගුවට ගත් අරගලකරුවන්ව 19 ඇප මත මුදාහරි

ගාලුමුවදෝර ජනාධිපති ලේකම් කාර්යාලයේ බටහිර ගේට්ටුව අවහිර කළා යැයි අද ( 20) පාන්දර අත්අඩංගුවට ගත් 19 දෙනාට ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අද (20) නියෝග කළේය .

ඇපකරුවන් සඳහා ග්‍රාමසේවක සහතිකයක් සහා ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කරන්නැයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය

අලී රෝෂාන් දානිස් අලීට ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකට අමතර රුපියල් 25.000ක් මුදල් ඇපයක් ද නියමය කළේය .

පසුගිය දා පොලිස් මුලස්ථාන ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ දී බැරිගේට් පෙරලුවා යැයි දානිස් අලීට චෝදනා කොට නඩුවක් ද පවරන ලදී .

පොලිස් මුලස්ථනය සිද්ධිය සම්බන්ධයෙන් දානිස් අලීව පෙරට්ටුවකට තබන්නැයි පොලිසිය කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළේය.