LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අපේ අරගලකරුවෝ

ගෝඨා – රනිල් හවුල් ආණ්ඩුව පන්නමු !!
මහජන ආණ්ඩුවක් පිහිටවමු !!
තෙල්,ගෑස්,විදුලිය සහ අත්‍යාවශය භාණ්ඩ අර්බුදයට තිත තබමු!!
————————————————–
ලංකාවේ මේ වන විට පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදයකට ගොදුරු වී ඇත.
මෙම අර්බුදය මෑතකදී හටගත් අර්බුදයක් නොව වසර ගනනාවක සිට වැඩෙමින් පැවති ආර්ථික අර්බුදයකි. රාජපක්ෂලා මහජනතාවගේ දේපළ කොල්ල කෑම නිසා මෙම අර්බුදය තවත් ත්වු විය.
කොවිඩි 19 වසංගතය,යුක්‍රේන මැදිකරගෙන එක්සත් ජනපදය හා නැටෝ බල හවුල රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධයත් ආර්ථික අර්බුදය උත්සන්න කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමෙන් අනතුරුව ව්‍යාපාරිකයන්ට අසීමිත බදු සහන පිරිනැමීම සිදු කළ අතර කම්කරු පීඩිත ජනයා මත බදු බර පටවා පීඩාවට පත් කළේය.

මහජනයා දැනටමත් අත්විඳිමින් සිටින තෙල්,විදුලිය,ගෑස්, මූලික ආහාර  පාන සහ ඖෂධ පවා සැපයීමට ගෝඨා – රනිල් ආණ්ඩුව අසමත් වී ඇතුවා පමණක් නොව දිගින් දිගටම අධික ලෙස මිල ඉහල  දමමින් ජනයා ගසාකෑම ගෝඨා – රනිල් තන්ත්‍රය දැන් ආරම්භ කර ඇත.

වසර 74 ක් මෙරට පාලනය කළ සෑම පාලක කල්ලියක්ම මේ අර්බුදයට වගකිව යුතුය. මෙම ක්‍රමය යටතේ මහජනතාවගේ එකදු මූලික ප්‍රශ්නයක් විසඳාගත නොහැකි බව ගෝඨා –  රනිල්  ආණ්ඩුව අද ඕනෑවටත් වඩා ඔප්පු කර ඇත.
අධ්‍යාපන,සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවය බරපතළ ලෙස කඩා වැටී ඇත. මහජනයා ඖෂධ නැතිව මියැදෙන අතර ඉදිරියේදී ආහාර පාන නොමැති මියැදීමට නියමිතය. තවද ගෑස්,තෙල් පෝලිම් වල මහජනයා මියැදෙති.
                           මෙම සමාජ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා ගෝඨා – රනිල් ධනපති ආණ්ඩුව පෙරලා දමා මහජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම හැර සිංහල,දෙමළ සහ මුස්ලිම්  කම්කරු පීඩිත  ජනතාවට වෙනත් විකල්පයක් නැත.

මෙම අර්බුදයට ඇති එකම විසඳුම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමනක් යන මිත්‍යාව වාම අවස්ථාවාදීන් මෙන්ම මධ්‍යම පාන්තිකයන් වපුරමින් සිටිති.

                   මෙම පද්ධතිය මෙසේ පවත්වාගෙන යමින් ඔලු ගෙඩි මාරු කිරීමෙන් (හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස)අර්බුදයට විසඳුම් නැති බව 74 වසරක දේශපාලන ඉතිහාසය අපට ඕනෑවටත් වඩා අපට උගන්වා ඇත.

රෑ වැටුණු වලේ දවල්ද නොවැටෙන්නැයි අපි මහජනතාවගෙන් ඉල්ලමු.

ගෝඨා – රනිල් හවුල් ආණ්ඩුව පෙරළා දැමීමට වීදි බැස සටන් වදිනු!!
ජූලි 09  කොළඹ වටලමු !!