අරගලකරුවන් දේශපාලකයන්ව හු කියා පන්නති

මර්දනයට ආර්ථික පිඩනයට එරෙහිව සටන් වදිමු යන මැයෙන් ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ ,බහුජන හා වෘත්තීය සමිති එකාබද්ධව ඊයේ (02) සංවිධානය කර තිබු විරෝධතා පාගමනට සහභාගි වු දේශපාලන පක්ෂ කිපයක නායකයිට හු කියා සහ පාහර දී එළවා දැමිමට විරෝධාකරුවන් පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගයේ නායකසහ විපෂ නායක සජිත් පේමදාසව හු කියා පන්නා ගත් අරගලකරුවෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මාධය හමුවක් පවත්වද්දී . වතුර බෝතලයකින් පාහර දි ඇත . හතලිස් තුන බලකායේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකව එරෙහිව විරෝධය ‌ගොඩනැගෙද්දි ඔහු තම ආරක්ෂකයින් සමග පිටව තිබෙි .

දේශපාලන පක්ෂ නායකින් විරෝධතාව මැද පිටව යැම නිසා අරගලකරුවන් අතර නොසන්සුන්තාවයක් ඇති විය . එම නොසන්සුන්තාවය පාලනය කරන්නට ගිය ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින්ට ද අරගලකරුවෝ හු ඇත .

මරදාන එල්ෆිස්ටන් රගහලෙන් සවස 03ට ආරම්භ කළ පෙළපාලිය පාවෙන වෙළද පොල අසල දි පොලිසිය මැදිහත් වි නතර කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed