LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අරගලය කාටත් සමාන බිමක් කළ වර්ණවත් මොහොතක්

ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනඥයින් සමාජය දියුණුcc මානුෂික අයිතිවාසිකම් අතින් ඉදිරියට රැඟෙන යාම පසෙකලා, පසුගාමී මතවාද බහුතරය සේ දුටු විට ඒවා නිවැරදි කිරීමේ වෙහෙස අත හැර ඒවා මත වැඩි ඡන්ද පුරවා ගැනීම ඉතිහාසයේ සිට කරන ලද වැරද්දකි.මේ වැරදි ක්‍රියාවලියෙන් වඩාත් බැට කෑ පිරිස අතරට විෂම ලිංගික ආශාවන්ගෙන් බැහැර ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයෝද වූහ.

එය කෙතරම් විද්‍යාත්මක සාධක සහිත තත්ත්වයක් වුවත්,සමාජය එයින් මුදාලීම පසෙකලා බහුතර ඔළු ගෙඩි ගැන සිතූ දේශපාලකයෝ මිත්‍යාවේම කරණම් ගැසූහ.


මේ වාතාවරණයේ එක් තැනෙක සමාජය පුපුරා යමින් මිනිස්සු දේශපාලකයාට රැවටී ඇති බව පසක් කර ගත් මොහොතක ඇති වන අරගලය පාදක වන්නේ ක්‍රමවේදයේ අපේක්ෂාවන්ටය.වඩාත් දියුණු ක්‍රමවේදයකට දේශපාලන සහ ආර්ථික වශයෙන් මේ රට පිවිසිය යුතු බවට මතවාදීව ගොඩ නැඟෙන අරගලයෙට වඩා මානුෂීය සමාජ අපේක්ෂාවන් සහිතව වෙනස් ලිංගික අනන්‍යතා සඳහා නීතිමය ඉඩ අවස්ථා අපේක්ෂිත පුරවැසියන්ද එකඟතාවය පළ කරන්නේය.

ඒ අනුව අරගලයට එවැනි අවශ්‍යයතා ඇති ප්‍රජාව මෙන්ම එවැනි අවශ්‍යයතා ඉවසිය යුතුය කියන සමාජ මැදිහත්වීමට එකතු වන පුරවැසියන්ද අත්වැල් බැඳ ගන්නා අතර එහි ඓතිහාසික සමාජමය මැදිහත්වීම වර්ණවත් අයුරින් ජූනි 25 වන දා ගෝඨාගෝගම අරගල භූමියේදී ප්‍රදර්ශනය විය.


කොල්ලුපිටියේ සිට අරගල භූමිය දක්වා පැමිණි ඒ පා ගමන දේදුණු පැහැ සමරිසි සහ වෙනස් ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරන ධජ පතාකවලින්ද ඔවුන්ගේ කලාංගවලින්ද විචිත්‍රවත් වූ අතර ඒ සඳහා නිර්මාණශිලී සහයෝගය පුද කරමින් ඓතිහාසික මැදිහත්වීමක් කරන්නට බේකරිය කලා හා සංස්කෘතික අවකාශයද ඉදිරිපත් වී තිබිණ.


එසේම මෙම පාගමනට මහජනතාවගේ සෙනෙහස සහ කැමත්තද වෙනදාට වඩා ලැබෙමින් තිබෙන බව ද,එම ප්‍රජාවන් සඳහා එසේ ඉදිරිපත් වී ප්‍රසිද්ධියේ සමූහයක් හැටියට කටයුතු කිරීමේ ශක්තිය වර්ධනය වි ඇති බවත් ද මේ පා ගමන හරහා මෙන්ම රාත්‍රියේ බේකරිය ද දායක කර ගනිමින් පැවති ප්‍රසංගයෙන්ද පැහැදිළි විය.

අරගලය රට යන අත තීරණය කරන සාධකයක් වෙමින් තිබෙන අතර ඒ අතරට ඉහළින්ම සෑම ආකාරයකම මිනිසුන්ගේ අයිතීන් සහ ලැබැඳියාවන් සුරක්ෂිත කිරීමේ අවශ්‍යයතාවය ද වචනාර්ථයෙන් ඔබ්බට විහිදී යාමක් ලෙසමේ පා ගමන සහ ප්‍රසංගය නම් කළ හැකිය.


සමරිසි සහ වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත අය වෙනුවෙන් නම් වූ ජූනි මාසයේම දිනෙක මේ ඓතිහාසික අවස්ථාව ඇති වීමම ලෝකයේම මානව හිමික්ම පිළිබද ගරු කරන බොහෝ පිරිසකගේ ප්‍රශංසාත්මක හදවත් ශ්‍රී ලංකාව දෙසට බර වෙන්නට හේතුවක් වනු ඇත.ඒ නිසා අරගලය වර්ණවත් කළජූනි 25 වන දා ශ්‍රී ලංකාවේ සමරිසි සහ වෙනත් ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට මෙන්ම එවැනි දියුණු සහ විද්‍යාත්මක වූ මානුෂිකත්වය පදනම් සමාජ වෙනසක් කෙරෙහි ලංකා සමාජයේ අවබෝධය පුළුල් වෙමින් ඇති බව ලෝකයට කියූ දිනයක් ලෙස ද ඉතිහාසයට එකතු වනු ඇත.


කාච සිත්තම් – දොන් මායා