ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්විමේ බලපත්‍ර නැහැ – ජනමාධ්‍ය ඇමති

අපේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්විමේ බලපත්‍ර ලබා නොදෙන බවත් එක අපේ මැතිවරණ වලදීත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් සදහන් කර ඇති බවත් අපේ ප්‍රතිපත්තිය පවතින්නේ මන්ත්‍රීවරයෙකුට වැඩ කරගෙන යන්න පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය හරහා වාහනයක් ලබා දෙන අතර අවුරුදු පහ ඉවර වුණාට පස්සේ වාහනය රජයට භාර දිලා යන්න පුළුවන බව ජනමාධය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.
මන්ත්‍රීවරුන්ට වාහන ලබාදිම සදහා වාහන සංචිතයක් අවශ්‍යය බවත් අවුරුදු පහකින් වාහන ගෙනැවිත් නැති නිසා අපේ මන්ත්‍රීවරුන්ට වැඩ කර ගැනීම සදහා අතිසුඛෝපභෝඝී නොවන වාහනයක් ලබාදීමට කටයුතු කරන බවත් වාහන සංචිතයක් හදා ගැනීම අවශ්‍ය වුනත් මන්ත්‍රීවරුන් සදහා පිටරටින් වාහන ගෙන්වන්නේ නැති බව අමාත්‍ය ජයතිස්ස අද (05) දහවල් රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී මාධ්‍යවේදීයෙකු වාහන ආනයනයට අවස්ථාව ලබා දුන්නා. නමුත් මේ රටේ ජනතාවට වාහනයක් මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. මොකද වාහනයක් ලංකාවට ගෙන කොට වාහනය් මිල කෝටි දෙක තුනක් වෙනවා. මේ වාහන ආනයනය කරන්නේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් බලා දීමේ අරමුණෙන්ද? දැයි නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින් එසේ පැවසීය.
අවුරුදු පහකට පස්සේ තමා අපේ ආණ්ඩුව වාහන ආනයනයට යම් අවසරයක් ලබා දෙන්නේ. වාහන ආනයනය නතර කළේ රටේ ආර්ථීකය කඩා වැටිමත් සමගයි. දැන් ආර්ථීකය ප්‍රතිසංස්කරණය කරමින් යනවා. සාපේකෂව යම් වාහන ආනයනය සදහා යම් අනුමැතියක් ලබා දිලා තියේනවා. පාර්මේන්තවේ මේ සම්බන්ධයෙන් විවාදයක් යනවා . වාහන වර්ග කරලා තියෙන්වා වාහන වර්ග තුනක් පමනක් ගෙන්විමට අනුමැති හිමි වෙලා තියෙනවා. වාහන ගෙන්වීම සීමා කරලා තියෙන්නේ අපේ විදේශ සංචිතයට වන බලපෑම පිළිබදව සුපරික්ෂාකාරී අන්දමින් තමයි වාහන ආනයනය කරන්නේ . ඒ අනුව ඩොලර් බිලියන 17,200 ක අතර ප්‍රමානයකට තමා වාහන ආනයනයට අවසර ලබා දි තිබෙන්නේ. අවුරුදු පහකට පස්සේ වාහන ගෙන්වද්දී තොග පිටින් ගෙන්වන්න පුළුවන් කමක් නැහැ.
මාධ්‍යවේදියා – වාහනයක් නැතිනම් කොහොමද මන්ත්‍රීවරු කටයුතු කරන්නේ, ඔවුන් පුද්ගලිකව ඇණවුම් කරවාද?
මන්ත්‍රීවරුන් මහජන සේවය සදහා මැදිහත් වේවි. විසදගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ ප්‍රමඛතාවය මන්ත්‍රිවරුන්ගේ වාහනය නොවෙයි .මන්ත්‍රිවරු වැඩ කරන්න ඔ්නා නමුත් අපේ ප්‍රමුඛතම කාර්ය භාර්ය මන්ත්‍රීවරුන්ට වාහන සැපයීම නොවෙයි. ආර්ථිකය යම් විධියකට ස්ථාවර කරමින් යන වේලාවේ මන්ත‍්‍රිවරුන්ට වැඩ කරගෙන යන්න අපි යම්ම යම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්නේ නැහැ. විපක්ෂ මන්ත්‍රිවරු එකට ක්‍රමයක් සකස් කර ගත යුතුයි.