කළු ජනවරිය තවමත් කළුයි

කළු ජනවරිය තවමත් කළුයි

ජනවාරිය තවම කළුයි, ජනමාධ්‍යට එරෙහිව අපරාධයන්ට යුක්තිය ඉටු කරන්නැයි ජාතික ජන බලවේග ආණ්ඩුවට බල කරමින් අද (29) සවස කොටුව දුම්රිය පොල ඉදිරිපිට මහජන පෙත්සමකට අත්සන් කිරීම සහ විරෝධතාවයක් පැවැත්විණ.

මෙම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධවේදීන්ගේ සංගමය මගින්ය.

පසු ගිය ආණ්ඩු විසින් මරා දමන ලද , පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද සහ පහර කෑමට ලක් වු ජනමාධ්‍යවේදීන් යුක්තිය ඉටු කරන්නැයි බල එම විරෝධතාව පැවැත්විණ.

පසු ගිය වසර වල ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ පැහැරගෙන අතුරුදන්විම් වැඩි වශයෙන් සිදු වී ඇත්තේ ජනවාරි මාසයේ නිසා එම මාසය කළු ජනවරිය ලෙස නම් කරන ලදී.

කළු ජනවාරිය ආරම්භ කරන ලද්දේ 2012 ජනවාරි මාසයේය. එතැන් සිට සෑම වර්ෂයකම ජනවාරිය තවමත් කළුය යන නමින් සමරන ලදී.

අපි ජාතික ජන බලවේග ආණ්ඩුවට බල කර සිටින්නේ , පසු ගිය ආණ්ඩු මගින් මරා දමන ලද සහ පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද වගකිව යුත්තන් සොයා නීතියට හමුවට පමුණුවන ලෙසයි.

කළු ජනවරිය තවමත් කළුයි
කළු ජනවරිය තවමත් කළුයි
කළු ජනවරිය තවමත් කළුයි
කළු ජනවරිය තවමත් කළුයි
කළු ජනවරිය තවමත් කළුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *