කොම්පඥ්ඥ විදීය පොලිසිය අරගලකරුවන්ට එරෙහිව දඩ‍යම අරඹයි.

හිටපු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කොළඹ යුනියන් පෙදෙසයේ පිහිටි සිට් (city) හෝටලයට අලාභානි කළා යැයි අරගලකරුවන් 06 දෙනෙක් ඊයේ (25) රාත්‍රීයේ කොම්පඥ්ඥ විදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) කොටුව උසාවියට ඉදිරිපත් කරන බව කොම්පඥ්ඥ වීදිය පොලිසිය අප ගොස් කළ විමසුමකදී පැවැසීය .

මෙහොමඩ් අස්මීන් ,රෝයි ලක්ෂාන් , මෙහොමඩ් රසික් ,අබ්දුල් රාහුප් , ඉෂාඩ් සහා තුවාන් සරිබ්ඩීන් යන අය මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .

පසු ගිය දා කොම්පඥ්ඥ විදීය පොලිසිය මගින් නබ්ල් , සලිම් , නිසාම්, ටෝනි සහා පවුම් යන අය අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදි .

ගෝඨා ගෝ ගමට ආණ්ඩුවේ මැරයන් පහාර දීමෙන් පසු ඇති වු තත්වයන් මත කොපඥ්ඥ විදීයෙන් පමණක් අරගලකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත .

දේපලවලට හානි කළා යැයි සහා ප්‍රචණ්ඩ ක්‍රියාව නිරත වුවා යැයි කියා අරගලකරුවන් 2000 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිසෙන් 500 පමණ පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත ..