ගාලුමෝදර පිටිය අත්පත් කර ගත් ජනතාවා රාජපක්ෂ පවුල පන්නා දැමීම සඳහා නිදිවර්ජිතව සටන් වදිති

 ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ පවුල පන්නා දැමිම සඳහා ඊයේ (10) පැමිණි ජනයා ගෙන් ගාලුමෝද පිටිය වසා ගත්තේය . මෙම උද්ඝෝෂණය අප්රේල් (09) ආරම්භ කළ අතර ඊයේට (10) දින දෙකාක් ගතව ඇත . ඊයේ (10) ගාලුමෝද පිටියට පැමිණි විසිදාහක පමන ජනතාවක් නිදිවර්ජිතව උද්ඝෝෂණය කරමින් රාජපක්ෂලාට වහා ගෙදර යන ලෙසට බල කර සිටිහ. ජාති ,ආගම් භේද වලින් තොරව ,වැඩිහිටි ,තරුණ , කාන්තා සහ දෙමව්පියන් තම දරුවන් සමඟ පැමිණ සටන් පාඨා කියමින් උද්ඝෝෂණයේ නිරත වුහ .