ජාජබය ධනපති ආරක්ෂයෙක් මෙන්ම කම්කරු පන්තියට හතුරු පෙරමුණක්

අනුර කුමාර දිසානායකගේ පර්ත් නුවර ප්‍රකාශය බලය හා රාජ්‍යය පිළිබඳ ජවිපෙ නිර්මාක්ස්වාදී අවබෝධය හා පිළිගැනීම ඉතා නිරවුල් එළිදැක්වුවා සේ ම මහජන ව්‍යාපාරය පිළිබඳ ජවිපෙ සැබවින්ම දරණ මතය ද එලෙසම එළි දක්වා තිබේ. අනුරගේ වචන ‌‌මෙහෙමයි.

“අපි ජනතා විමුක්ති ‌පෙරමුණේ සිට ජාතික ජන බලවේගය කියලා එකක් ගොඩ නගන්නේ ඇයි? අපි  දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලෙස  ගත්තම ජනතා විමුක්ති පෙරමුණට යම් කෙනෙකුට සම්බන්ධවීමට ටිකක්ත දුෂ්කරයි වගේ .ඒ වගේම සමහර අය ජනතා විමුක්ති පෙරමුණට දුරයි… සමහර අයට ජනතා විමුක්ති පෙරමුණට දුරයි. එතකොටට මොක ද   වෙන්නේ ?එතතොට අපි කල්පනා කළා මේ ඔක්‌ෙකාටම එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයක්, ජාතික ජන බලවේගය ගොඩ නගන්න….”

දිසානායකගේ වචන ඉතා පැහැදිලිව කියන්‌නේ ජාජබය යනු මහජන ව්‍යාපාරය යනු ජවිපෙ ඇතුළට එන්න බැරි හා ගන්න බැරි අය එකතු කරලා ජවිපෙ විසින් ජවිපෙ ඇතුළුව හදන ලද මධ්‍යස්ථානයක් වන බවයි. එම මධ්‍යස්ථානය ‌ගොඩනගන්නේ කුමක් සඳහා ද? සමස්ත කතාව ගත් කළ එයින් පෙනී යන්නේ එය ජවිපෙට මැතිවරණ මගින් බලය අත්පත් කර ගැනීමේ ප්‍රධාන උපකරණය වශයෙන් එය ගොඩ නගන බව යි. එය අනුරගේ පෞද්ගලික අදහසක් වන්නට බැරි ය. ඔහු ජවිපෙ නායකයා ය. අපේ අවබෝධයට අනුව ඔහු ආවාට ගියාට ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙක්  නොවේ. ඔහු කරුණු ඉදිරිපත් කරන්‌නේ ‌හොඳට සිතා බලා ය.

ඒ අනුව ඔහු පක්ෂයේ මතයට ‌වෙනස් මතයක් ඉදිරිප් කරන්‌නේ යයි අපි ‌නොසිතමු. එවැනි ව්‍යාපාරයක් ගොඩ නැගීමට ජවි‌පෙට ති‌බෙන අයිතිය අපි ප්‍රශ්න නොකරමු. එසේ අප අවධාරණය කරන්‌නේ සැබෑ මහජන ව්‍යාපාරයක් එවන් මධ්‍යස්ථානයක්, ව්‍යාපාරයක් වන්නට බැරි බව ය. සැබවින්ම මහජන ව්‍යාපාරයක් කියන්‌නේ මෙහෙම එකක් ද?

ජාජබය ‌ෙගාඩනගන්න පුරෝගාමී වු   අ‌ෙනක් පක්ෂ, සංවිධාන හා පුද්ගලයින්‌ෙගන් පළමුව අපි අහන්න කැමතියි ඇත්තටම ජාජබය ‌ෙගාඩ නැගුණේ අනුර එනයින් ජවිපෙ කියන ඒ පදනමින් ද? ජවිපෙ කුමණ අවස්ථාවක දී හෝ එ‌ෙහම කතාවක් සාකච්ඡා  මේසයට ‌ෙගනාව ද?  ජවිපෙ ඇතුළේ ‌ෙමවැනි නිර්වචන ගෙනියන්න ඇති. ජාජබය ‌ගොඩ නැගීමේ ජවි‌පෙ සැබෑ අරමුණ එය වෙන්නේ ඇති. නමුත් ජාජබය ගෙඩනැගීමට අදාළ කිසිදු සාකච්ඡා මේසයක ‌මෙවැනි අදහසක් සාකච්ඡා ‌කෙරුණේ නැති බව අපි දනිමු.

‌දෙවනුව අප අහන්න කැමතියි මහජන ව්‍යාපාරය පිළිබඳ ඔබේ ආස්ථානය ‌මෙයම ද කියලා.

අනුරගේ පර්ත් ප්‍රකාශයට පාදක වු ප්‍රශ්නය වුයේ ජවිපෙ පෙසප සමග සමගියට නොයාම පිළිබඳ කාරණය යයි. පෙසපට නම ‌නොකියා අනුර ‌මෙහි පැහැදිලිව කියන්නේ අපි පාර්ලිමේන්තු මාවත මිස සන්නද්ධ අරගලය පිළිගන්නේ නැහැ. ඒ කට්ටිය එ‌ෙහම නොවෙයි, ඒ අය එක්ක එකට වැඩ කරන්න බැහැ. එකට වැඩ කරන්න ගියාහම ප්‍රශ්න ඇති‌ වෙනවා කියා යි. ඒ කියන්ගන් ‌මොකක් ද? ජවි‌පෙ ඇතුළට එන්න බැරි හා ගන්න බැරි අය එකතු කරලා ජවිපෙ ගොඩනගන මහජන ව්‍යාපාරය වන ජාජබයට ‌පෙසප වැන්නකට එන්න් බැහැ ගන්න බැහැ කියන එක යි. ‌මෙයින් තවදුරට පැහැදිලි වන්‌නේ මහජන ව්‍යාපාරය පිළිබඳව ජවිපෙ ඉන්නා ස්ථාවරය යි. මෙම ව්‍යාපාරය ජවිපෙ මුලිකත්වයෙන් ‌‌ගොඩ නැ‌ගෙන්නක් වන නිසා ජවිපෙට විරුද්ධ මත හා වැඩපිළි‌වෙලවල් ති‌බෙන වම්මුන්ට ඊට එන්න බැහැ. මෙහිදී වරදවා වටහා ගත යුතු නැහැ.

‌පෙසප ජන අරගල ව්‍යාපාරය නමින් ගොඩනැගීමට දරන ප්‍රයත්නය තුළත් මේ කාරණයේ දී මීට වඩා ‌ලොකු ‌වෙනසක් ති‌බෙන බවක් පෙන්නුම් කරන්නේ නැති බව අගේ නිරීක්ෂණයයි.

සමාජයේ පවතින පිළිගැනීමට අනුව අද ර‌ටේ පවතින ප්‍රධාන වාමාංශික පක්ෂ ‌දෙක වන්‌නේ. ජනතා විමුක්ති ‌පෙරමුණ හා ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂය යි. ‌ගොඩ නැගෙන මහජන ව්‍යාපාරයක් තුළ මේ පක්ෂ ‌දෙකටම වැඩ කරන්න ඉඩ තියෙන්න ඕන. අපි හිතමු ‌පෙසප සන්නද්ධ අරගලය පිළිගන්නවාය කියලා. එහෙත්. මහජන ව්‍යාපාරයක් තුළ එකට වැඩ කරන්න බැරි‌වෙන්න ‌හේතුවක් ‌නොවෙයි. මහජන ව්‍යාපාරයකට මාර්ගාලෝකයක් ‌ලෙස ගත හැකි සෝවියට්ට සභා ව්‍යාපාරය ‌මෙහිලා ගත හැකි ආදර්ශයක්.

පළමුවැන්න රුසියා‌වෙනි. 1905 රුසියන් විප්ලවය අවස්ථාවේ දී සෝවියට් සභා පැන නැගුණ විට රුසියාවේ බොල්ෂෙවික්වරු කියා සිටිගේ එය සම්පුරණ‌ෙයන්ම ‌බොසෙවික් වැඩපිළි‌වෙල යටතට ගත යුතු බවත් ‌නොඑසේ නම් ඒවායින් ඉවත්ව සිටිය යුතු බව ය.

නිර්ධන පංති විප්ලවිය පක්ෂයක් ‌වෙනු‌වෙන් ‌ෙලාව අන් කිසි‌වෙකුට වඩා දැඩි ‌ලෙස සටන් වැදුනු හා ප්‍රායෝගිකව එවන් පක්ෂයක් ගොඩනැගී‌මෙහිලා අංක එ‌ෙක් පුරෝගාමියා ‌ලෙස සැලකිය හැකි ‌ලෙනින් මෙහිදී කියා සිටි ‌දෙය නිදර්ශනීයයි. ඔහු කීවේ කුමක් ද? “මම හිතන්‌නේ සෝවියට්ට සභාව කිසිසෙත් එක් පක්ෂයකට ඇලී සිටීම නුවණට හුරු නොවන බවයි.” “මට පෙන්නේ සියලු වෘත්තීය නියෝජනය කරන කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව සියලු කර්තමාන්ත,  වෘත්තීය හා කාර්යාල ‌සේවකයන්, ගෘහ ‌ෙස්වකයන්,ගොවිකම්රුවන් ආදී වශ‌ෙයන් සමස්ත වැඩ කරන ජනතාව සඳහා  වඩා යහපත් ජීවිතයක්  වෙන්වෙනු අරගල කිරීමට හැකි හා උවමනා සියලු ‌දෙනා අතරින් අවම වශයෙන් දේශපාලන අවංකභාවයේ මූලික අංශුමාත්‍රයක් ඇති සියලු පදනම් අතරින් කළු ශතකය හැර සියලු ‌දෙනා අතරින් නියෝජිතයින් තෝරාපත්කර ගැනීමට උත්සාහ කළ යුතු බව යි.” කියා ය. (කළු ශතකය යනු විප්ලවවාදී ක්‍රියාකාරීන්ට එරෙහි ‌පොලීසිය විසින් පිහිටුවන ලද ත්‍රස්ත සංවිධානයකි). ඒ අනුව සෝවියට් සභා ව්‍යාපාරය තුළ ‌මෙන්ෂෙවිකයන්, සමාජවාදීන් විප්ලවවාදීන්, බොල්ෂෙවිකයන් ඇතුළු තව විවිධ ‌කොටස් වැඩ කළා. ‌මොවුන්‌ගෙන් ‌මෙන්ෂෙවිකයන් උග්‍රතම ප්‍රතිසංස්කරණවාදීන් වු අතර ‌බොල්ෂෙවිකයන් තිරසර විප්ලවවාදීන් වුණා. නමුත් රුසියාවේ කාලයක් මුළුල්ගල් සෝවියට්ට සභාවල ‌බොල්ෂෙවිකයන්ට වඩා බලගතු  කණ්ඩායම් ‌දෙක බවට පත්ව සිටි ‌මෙන්ෂෙවිකයන් සමාජවාදී විප්ලවවාදීන් කීවේ නැහැ සන්නද්ධ අරගලය ගැන, විප්ලවය ගැන කතා කරන නිසා ‌බොල්ෂෙවිකයන්ට සෝවියට් සභාවල ඉන්න ‌දෙන්න බැහැ කියලා. අ‌ෙනක් අතට ‌බොල්ෂෙවිකයන් කීවේ නැහැ ප්‍රතිසංස්කරණවාදී ‌මෙන්ෂෙවිකයන් එක්ක සෝවියට් සභාවල එකට වැඩ කරන්න බැහැ කියලා. ඔවුන් අතර බරපතල මතවාදී හා උපාය මාර්ගික ‌වෙනස්කම් තිබුණා. ඔවුන් අතර තියුණු මතවාදී අරගල තිබුණා. එකිනෙකා අභිභවායාමේ අරගල තිබුණා. එකම වේදිකාවේ ඔවුන්ගේ වැඩපිළිවෙලවල් ඉදිරිපත් වුණා . එවා ගැන තියුණු වාද විවා ද ඇති වුණා. කතිකයන් අදහස් ඉදිරිපත් කරන විට හූ කීවේය. උසුලු විසුලු කිරීම් පවා ඇති වු අවස්ථා තිබුණා. ‌ලෙනින් වැනි නායකයින්ට පවා එවැනි අවස්ථාවන්ට මුහුණ ‌දෙන්නට සිදු වුණා නමුත් ඔවුන් සෝවියට්ට සභා තුළ එකට වැඩ කළා.

‌දෙවන නිදසුන ජර්මනියෙනි. 1918 -19 ජර්මන් විප්ලවය ඇති වු අවස්ථාවේ දී ජර්මනියේ ද රුසියාවේ පරිද්‌දෙන්ම “සෝවියට්ට සභා” පැන නැංගා. එවා තුළ වමේ දක්ණාංශික පක්ෂය වු බහුතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MSPD) හා වමේ මාධ්‍යමික හා රෝසා ලක්සේබර්ගේ හා කාල් ලිබ්‌නෙක්ට් නායක්වය දුන් විප්ලවවාදී පාර්ශවය නියෝජනය කළ ස්පාටසිස්ට්ට කණ්ඩායම (පසුව කොමියුනිස්ට් පක්ෂය KPD විදියට පරිවර්තතනය වුණේ ‌මෙම කණ්ඩායමයි) ඒකාබද්ධව සිටි ස්වාධීන සමාජ්‍ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (USPD) යන ‌දෙකම කම්කරු හා ‌සෙබළ සභා තුළ එකට වැඩ කළා. කම්කරු හා ‌සෙබළ සභා කියන බහුජන සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ පමණක් නොවෙයි. එකම පක්ෂය තුළ පවා කාලයක් විප්ලවවාදී හා විප්ලවවාදී නොවන සමාජවාදීන් එකට වැඩ කළා. අපගේ නිදසුන් දැක් වුයේ මහජන ව්‍යාපාරයක් තුළ විප්ලවය ගැන කතා කරන අයට මැතිවරණ පා‌රේ යන අයට එකට වැඩ කළ ‌නොහැකි බව කියන අනුරගේ එනයින් ජවිපෙ මතගේ සාවදය බව ‌පෙන්වා දීමටයි.

කලින් සඳහන් කළා ‌සේ ජාතික ජන බලවේගයේ ‌ගොඩනැගීමේ දී ජවිපෙ තුළ අනුර ඉදිරිපත් කරන ආකාරයේ මතයක් ති‌බෙන්නට ඇති. එයින් කිසිදාක ජාජබය ‌ගොඩනැගීම සම්බන්ධ සාකච්ඡාවල දී එවැනි මතයක් ඉදිරිපත් වුයේ නැහැ. ජාජබය ‌ගොඩනැගීමේ දී එයට සම්බන්ධ වු පක්ෂ, සංවිධාන හා පුද්ගලයන් එකතු වී සාකච්ඡා වාර ගණනාවකින් පසු 2019 ජූලි 04 දින ඒකමතිකව සම්මත කරන ලද“වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී හා පීඩිත බලවේග වල මූලිකත්වයෙන් ‌ගොඩඩනගන ජාතික ජන බලවේගය සඳහා වන අවබෝධතා එකඟත්වය” නම් එහි පදනම් ‌ලේඛනයේ එවන් කතාවක් තිබුනේවත් කිසිදු වාම කණ්ඩායමක් බැහැර කිරීමේ ප්‍රවේශයක්වත් තිබුනේ නැත. එක් තැනක එහි අවධාරණයක් ‌ෙම‌ෙස් ය.

“…මෙමම මහජන ව්‍යාපාරය…. ගේ ර‌ටේ සිංහල, දමිළ, මුස්ලිම් ආදී වශ‌ෙයන් වන සියලු ජාතික හා ජන ‌කොටස්වලට අයත් වාමාංශික, ප්‍රගිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සංවිධාන හා කණ්ඩායම්, වෘත්තී සමිති, ‌ගොවි සංවිධාන, ධීව්ර සංවිධාන, කාන්තා සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, විද්වත් හා වෘත්තීය සමිති සංවිධාන, පරිසර සංවිධාන ආදී විවිධ ජන සංවිධාන පමණක් ‌නොව පුද්ගලයන් ද ඇතුළත්ව ගොඩනැ‌ගෙන සමස්ත ව්‍යාපාරයක් වීම අවශ්‍ය ය.”

අරමුණු ගැන කියන ‌කොටසෙහි අවධාරණයක් ‌මෙසේය

“මෙම අරමුණු සාක්ෂාත්කර ගැනීම සඳහා ජාතික ජන බලවේගයට

(අ)

1. රටේ සියලු වාමාංශික, ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක් තුළට ‌ගෙන ඒමට ද

2. පක්ෂ හා සංවිධාන මට්ටටමින් ගොඩනැ‌ගෙන එම ඒකාබද්ධ ක්‍රියාකාරිත්වය බිම් මට්ටටමේ ජනයා එක්සත් ක්‍රියාකාරිත්වයක් තුළට ‌ගෙන එමින් එම ක්‍රියාකාරිත්වය බිම් මට්ටටමේ සිට ජන සභා ආකාර‌යෙන් ඉහළට ගොඩනැ‌ගෙන ජාතික මට්ටටමේ මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තතනය කිරීමට ද සටන් වදිනවා ඇත.”

ම‌ෙලෙස ‌‌මෙම ක්‍රමය තුළ බැට කන, පීඩනයන්ට, ‌වෙනස්‌කොට සැලකීම් වලට, මර්දනයන්ට ලක්වන ජන ‌කොටස්වල විමුක්තිය උ‌ෙදසා ක්‍රියාකාරී වන සියලු ‌ෙද්ශපාලන පක්ෂ, සංවිධාන, කණ්ඩායම්, බහුජන සංවිධාන වලට, සිවිල් සමාජ සංවිධාන වලට මහජන ව්‍යාපාර තුළ නියෝජනය වීමට ඉඩ තිබිය යුතු ය.

ප්‍රතිසංස්කරණ මත පදනම් වන පක්ෂ හා සංවිධානවලට පමණක් නොවන පවතින ‌දේශපාලන ආර්ථික ක්‍රමය විප්ලවීය ‌ලෙස වෙනස් කළ යුතු යයි කියන පක්ෂ හා සංවිධානවලට ද එය තුළ වැඩ කිරීමට ඉඩ තිබිය යුතුය. එසේ ජවිපෙ මූලික්ව‌ෙයන් ‌ගොඩනගන මහජන ව්‍යාපාරය තුළ ‌පෙසප වැනි ඒවාට ඉඩක් නැත! එමෙන්ම මැතිවරණ සබන්ධ‌යෙන් ජාජබය මූලික එකඟතාවය වුයේ එය මැතිවරණ අරගලයට සම්බන්ධ වන්‌නේ වී නමුදු එය ප්‍රධාන අරගල මාධ්‍ය ‌ලෙස ‌නොගන්නා බවයි. එකඟතා ලියවිල්ගල් 14 වන

වගන්තිගේ සඳහන් වන්‌නේ ‌මෙසේයි

“අද දව‌ෙස් ‌ගොඩනැගිය යුතුව ති‌බෙන ‌මෙම ‌පොදු මහජන ව්‍යාපාරය හා  මහජන ආණ්ඩුවක් සඳහා වන ව්‍යාපාරය හු‌දෙක් මැතිවරණ සීමා මායිම් තුළ ගොඩනැ‌ගෙන හෝ ‌ගොඩනැගිය යුතු ව්‍යාපාරයක් නොවේ .

බහුජන අරගලය සමග අතිනත ගෙන ඉදිරියට යායුතු එය පැන නගින විෂයබද්ධ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මැතිවරණ අරගල මාධ්‍ය ද නිසි අවධාරණ‌ෙයන් යුතුව උපයෝගීකර ගැනීමට ද මැදිහත් විය යුතු.

එපමණක් ‌නොවේ ඉහත දැක් වු පරිදි ‌මෙය “බිම් මට්ටටමේ සිට ජන සභා ආකාරයෙන් ඉහළට ‌ෙගාඩනැගෙන ජාතික මට්ටටමේ මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තතනය කිරීමට ද සටන් වදින” ව්‍යාපාරයක් විය යුතු බව ද අවධාරණය කර තිබේ. (උපුටා ගැනීම්වල අවධාරණයන් අපගේ ය)

එ‌හෙත් මහජන ව්‍යාපාරය පිළිබඳ ‌ෙමම දැක්ම, ‌මෙම අවධාරණය අනුරගේ පර්ත් ප්‍රකාශ‌ෙයන් හැලී ‌ෙගාස් ති‌බෙන බව දැකිය හැකි ය.

වමේ සන්දර්භය තුළ මහජන ආණ්ඩුවක් පිහිටුවීම මහජන ව්‍යාපාරයක අරමුණක් විය යුතු යන්න පිළිබඳව අපට විවාදයක් නැත. එහෙත් අනුර කුමාරගේ පර්ත් පිළිතු‌රෙන් ගම්‍යවන පරිදි මහජන ව්‍යාපාරයක් යනු හු‌දෙක් කිසිසෙත් ‌ෙද්ශපාලන පක්ෂයක් හෝ පක්ෂ සංවිධාන හවුලක් බලය ලබා ගැනීම සඳහා ‌ගොඩනගන්නක් ‌නොවේ. ඒය ජනතාවට තමන්ගේ ඉරණම තීන්දු කිරීමේ ශක්‍යතා හා පදනම් ‌ගොඩනගා ගැනීම සඳහා ද මහජන පාලනයේ සැබෑ හිමිකරුවන් බවට පත්වීමට අවශ්‍ය පුහුණුව හා පන්නරය ලබා දීම සඳහා ද වන අධ්‍යාපන හා අභ්‍යාස භූමියක් ‌ලෙස හා බලය ලබා ගැනීගේ පමණක් ‌නොව බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හා පවත්වාගෙන යාමේ බලපවුරක් ‌ලෙස ‌ගොඩනැගිය යුත්තකි.

එහෙත් අනුරගේ කතා‌වෙන් පමණක් ‌නොව ජවිපෙ හා ජාජබය නායක නායිකාවන්ගේ කතාවලින් ප්‍රකාශයට පත් වන පරිදි එවන් අධ්‍යාපන හා අභයාස භූමියක් හා බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හා පවත්වාගෙන යාමේ බලපවුරක් ‌ලෙස මහජන ව්‍යාපාරය ‌ගොඩනැගීම පිළිබඳ කතිකාවක් සමාජය තුළ ‌ගොඩනැගීමට දායක්වයක් දෙන බවක් ‌ප‌ෙනන්නට නැත. පාලකයන් පිළිබඳව දැනටම් ජනතාව දන්නා ‌දේ උද්වේගකර අන්දමින් කියාපාමින් අපට අවස්ථාවක් ‌දෙන්න, අපි ළග ‌හොඳ අදූෂිත හැකියා සම්පන්න මිනිස්සු ඉන්නවා. අපි කරලා ‌පෙන්නනම් කියන පණිවිඩය දෙනවා හැර වේදිකාවවල ජනතාව මතවාදී හා ‌දේශපාලන වශ‌යෙන් සවිබල ගැන්වීගේ හඬක් නැගෙන්නේ නැති තරම්ය. මේ ක්‍රියාවලිය තුළ ජනතාවගේ සිත් සතන් තුළ ‌ගොඩනැගෙන්නේ හා ගොඩනගන්‌නේ “තමන්ගේ විමුක්තිය තමා අතමය,ගැලවුම්කරු‌වෙක් නැත” යන සත්‍යයට පරස්පරව ගැලවුම්කරු‌වෙක් පිළිබඳ අපෙක්ෂාවකි. චින්තනයකි.

හු‌දෙක් මැතිවරණ ‌දේශපාලනය ප්‍රමුඛ කරග් ප්‍රචාරක හා උද්ඝෝෂණ ව්‍යාපාරයකට ඊට වැඩි යමක් කළ ‌නොහැකි ය.

අපට ක්‍රියාකාරී වන්නට සිදුව ති‌බෙන්නේ පාලක පංතින්ගේ බල ආධිපතයය, මතවාද ස්වකැමැත්තෙන් පිළිගෙන ති‌බෙන සිවිල් සමාජ්‍යක් තුළය යන්න පිළිගත යුතු ය. ඒ වගේම මිථ්‍යාව හා මිථ්‍යා විශ්වාස අතිශයින් පිළිගන්නා නිදසුන් ‌ලෙස නාග ලෝකගේ සිට සර්වඥ ධාතු රැගෙන කැළණි ගගෙන් නාග‌ෙයක් මතුවු බවට ‌ගෙතූ ප්‍රබන්ධය වැන්නක් පිළිගැනීමට තරම් සූදානම් සමාජයක් තුළයි අප ජිවත්වන්‌නේ.

එ‌මෙන්ම මේ සිවිල් සමාජය රාජ්‍යයේ සිට බිම් මට්ටටම දක්වා පටු ජාතිකවාදී හා ආගම්වාදී අගතීන්ගෙන් නිරන්තර‌යෙන්ම පෝෂණය වන හා කරන සහ ඒවායින් දූෂිත වු එකකි. එම සිවිල් සමාජ්‍ය තුළ රජකරන මතවාද හා විශ්වාස අතිශයින් ප්‍රතිගාමී ය. මේවා පැරදවීම ආවාට ගියාට කළ නොහැකි ය. ඒවගේම ‌මෙහි දී ජනතාව ‌වෙනස් කිරීම සඳහා දැවැන්ත අරගලයක් කරන්න සිදු‌වෙන බව අප වටහා ගත යුතු ය. මන් ද ඔවුන්ම පවත්නා ක්‍රමයේ ආරක්ෂකයන් ‌ලෙස ක්‍රියා කරන නිසා ය. පාලකයන් බලයට ‌ගෙන්නේ ඔවුන් ය.

රාජ්‍යයේ උපකරණවලට වඩා ‌බොහෝ විට පාලකයන්ව ආරක්ෂා කරන්‌නේ ඔවුන් ය. එහෙයින ඔවුන් එනේ ජනතාව ‌වෙනස් කිරීම ‌මෙහි දී තිරණාත්මක කාරණයක් වශයෙන් පවතින බව අමතක කරන්නට අපට බැරි ය. ‌මෙවන් සමස්ත ක්‍රියාකාරිත්වයක් සමග ගනු ‌දෙනු කරන්නට, අප හමුවේ තිබෙන සංකීර්ණ හා බලගතු අභියෝග ජය ගන්නට දැනුවත් සංවිධිත ප්‍රබල මහජන ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය ‌ෙකාන්‌ෙද්සිවලින් එකක් වේ. හුදෙක් මැතිවරණ කේන්ද්‍රීය කරගත් ව්‍යාපාරයකට ‌මෙම අරගලය එයට තිබිය යුතු ගුණාත්මක භාව‌ෙයන් යුතුව ඉදිරියට ‌ගෙන යෑම අසීරු ය. ඡන්ද ගන්න ඕන නිසා අරගලය තනුක කරන්නට සිදු‌වෙනවා. ඒ මතවාදයන්ට ‌පොඩි ‌පොඩි “කප්පම් දෙන්න සිදු‌වෙනවා .මහජන ව්‍යාපාරය “ඒ කකුලට ගැල‌ෙපන සප්තුවක්” ‌ලෙස මසා ගන්නට සිදු ‌වෙනවා. එත‌ෙකාට මහජන ව්‍යාපාරයක් ‌ගොඩනැගීමේ අරමුණයින් ඛාදනය වී යනවා.

සක්‍රීය, දැනුව් මහජන ව්‍යාපාරයක පැවැත්ම වි‌ශේෂ‌ෙයන් සමාජවාදී පක්ෂ හා සංවිධාන වල සිටිමේ හා වැඩකිරීගේ ක්‍රමවල අඩුපාඩු හා වැරදි නිවැරදිකර ගැනීමට ‌බ‌ෙහවින් උපකාරී වන බලපෑම් ගතිකත්වයක් ඇති කරන්නක් බව අප වටහා ගත යුතු යි. විශේෂ‌ෙයන්ම ‌මෙය තමන් ජනතාවගේ ගැලවුම්කරුවන් යයි ද තමන් සිතන හා වැඩකරන ක්‍රම පමණක් නිවැරදි යයි ද සිතා ‌ගෙන කටයුතු කරන පක්ෂ සම්බන්ධයෙන් ගත් කළ විශේෂයි.

සමාජවාදී යයි කියන ඕනෑම පක්ෂයක්, සංවිධානයක් මගනෝරාජික්වයන්ට හා ආධානග්‍රාහිත්වයන්ට ‌ගොදුරුවන්න පුළුවන්. මහජන ව්‍යාපාරයකට ඒවා එසේ ‌ගොදුරු වීමෙන් වැළකීමට බලපෑ හැකි ‌නෛසර්ගික ශක්‍යතාවන් පවතිනවා. සමාජවාදී යයි කියන පක්ෂ හා සංවිධාන සැබෑ මහජන ව්‍යාපාරයක් සංවරණයන්ට හා තුලනයන්ට භාජනය විය යුතුම යි.

එ‌ෙහයින් අද දව‌ෙස් ‌දේශපාලන, ආර්ථික හා සමාජ ‌වෙනසක් සඳහා වන අරගලය සාර්ථකත්වයක් කරා ‌ගෙනයාමට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ප්‍රමුඛ සාධක වලින් එකක් ‌ලෙස පමණක් ‌නොව ජනතාව සැබෑ ක්‍රියාකාරකයින් බවට පත් කරන හා තමන්වම සංවරණයට හා තුලනයට භාජනය කරන සැබෑ මහජන ව්‍යාපාරයක් ‌ගොඩනැගීමට දායකත්වය සැපයීම විශේෂ‌ෙයන්ම වමේ හෝ සමාජවාදී යයි කියන පක්ෂ හා සංවිධානවල පැහැර හැරිය ‌නොහැකි වගකීමක්  යන්න නොනැවතී අවධාරණය කරන අප අනාගත නිර්තධන පංතික රාජ්‍යයක පළල් මහජන බලය නියෝජනය කරන්‌නේ ද මහජන ව්‍යාපාරයයි

විප්ලවීය සමාජවාදී කේනද්‍රය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed