දැන් මර්දනයේ පෙරහුරුව, ඉදිරියේ දී නාට්‍ය බලන්න පුළුවන්

Rehearsal of suppression now, we can watch dramas in the future

පසුගිය මාස වල ඔබ දැක්කේ මර්දනයක් නොව, පෙර පුහුණුව බවත් මර්දනය නාට්‍ය දැක බලා ගත හැක්කේ ඉදිරියේ දී බව නීතිඥ අනුර ගුණසේකර පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රගතිශී සංවිධාන පිටුපස මර්දනය එන බවත් නීතිඥවරු වන අපට උදේ, සවස උසාවි යැමට සිදු වෙන බව ගුණසේකර පෙන්වා දුන්නේය.

නීතිඥ ගුණසේකර එසේ පැවැසුවේ පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ ඊයේ (11) පැවති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නීතඥවරු අමතමින්ය.

චෙඖර පාලකයින් ව්‍යවස්ථාව පාවිච්චි කර දමන සෙල්ලම් අරගලකරුවන්ට සහ ඔවුන් ගේ උපදේශකවරුට අවබෝධයක් තිබුනා ද යන්න පිළිබඳ සැකය ඇතැයි කී නීතිඥ ගුණසේකර එතැන දී ඇගිල්ල දික් වන්නේ නීතිඥවරුන්ට බවත් පැවැසීය .

1978 ව්‍යවස්ථාව පාලකයන් හැදුවේ ඔවුන් වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නොවන බවත් ඉදිරි ආරක්ෂක වල්ලෙන් පැන්නාට පස්සේ දෙවන ආරක්ෂක වල්ලෙන් බේරෙන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇති බව වෙන කාටත් හොදින් කොළඹ නීතිඥ මහත්වරු සහ නෝනාවරු නොදැන සිටින්නට විධියක් නැතැයි ගුසේකර කීය.

ඉදිරියේ දී ජා ජ .බ. පිටුපසින් නොව ඉදිරියට පැමිණ නීතිය පිළිබඳ මාර්ගෝපදේශ ලබා දෙන්න. අපි හැමදා කරන්නේ බුද්ධිය ,දැනුම් සහ අත්දැකිම් විකුණන එක. අපි කැමති ජ.වි .පෙ .ප්‍රමුඛ ජා .ජ .බයට බුද්ධිය, දැනුම සහ දැනුම විකුණන්න. හැබැයි මුදලට නොවෙයි. අපිට අව්‍යශ්‍ය අවංක කම විතරයි.

කන්න නැහැ. අදින්න නැහැ. ඉන්න නැහැ රඟන් නැහැ. හිතන්න නැහැ. ගයන් බැහැ. මොන කෙහෙල්මකට ද මේ ජිවිතය. මෙහෙම රටක් අපි ප්‍රාර්ථනා කළේ නැහැ.

අවුරුදු 74 ක් තිස්සේ රට පාලනය කළ චෞර පවුල් කිපයක් එකතු වෙලාමරුවෙන් මරුවට රට විනාශ කළා. අපිත් මේවයේ හවුල් කරුවෝ.

අඩුවැඩි වශයෙන් මේ කතා කරන මමත් සමහර විට ඔබත් ඔය කියන දේශපාලන පක්ෂ වල වාටියේ ඉදලා තියෙනවා. අපේ අත් වලත් ලේ ගෑවිල තියෙනවා. ඒ නිසා අපට වගකිමක් තියෙනවා එවැරැදි නිවැරැදි කරන්න .

නීති විද්‍යාලයේ අපි ඉගන ගත්ත සාධාරණය ,යුක්තිය ,සමානාත්මතාවය පාරදෘෂය භාවය, විනිවිද බව සහ යහපාලනය ,වචන විතරයි. මහා පොලෝවේ දැකලා නැහැ. පාලකයෝ එවා විනාශ කරලා.

බර්ටෝල් බ්‍රෙෂ්ට් කියන නාට්‍යකරුවා, කවියා මෙහෙම කියනවා

”දවසක් මම ගෙයක් දුටුවෙම්, එය ගින්නේ දැවි තිබිණි
රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසෙන් උඩට නැගිණි
දොරහැර එහි දනන් අමතා එයින් පිට වන්නැයි මම කිවෙමි
එහෙත් එහි දනන් සැලුනේ නැත
එක් අයෙකු ගේ රැවුල පවා පිළිස්සේද්දී , පිටත කාලගුණය ගැනයි
ගෙයින් පිටත හොදද ,වැසි වසිද , සුළඟ තද, ගෙය දැවෙන නිසා දමා අවුත් ඉන්න තැනක් තියේද යන්න ප්‍රශ්න රාශීයක් මගෙන් ඇසිණි මම පිළිතුරු නොදි වුනුම්

බ්‍රෙෂ්ට් දැකලා තියෙන්නේ එක ගෙයක් ගිනි ගන්නවා, මේ වෙන්කොට අපේ ගෙවල් ඔක්කෝ ගිනි ගන්නවා

ගිනි ගත් දේශය වෙනස් කරන්න ඕනා. වෙනස් කළ හැකි. ”

1 thought on “දැන් මර්දනයේ පෙරහුරුව, ඉදිරියේ දී නාට්‍ය බලන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed