LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

නීතිඥ සේනක පෙරේරා CID යට කැදවයි.

ජනතා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරාව ඔහු කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (06) පෙරවරුවේ කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත .

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නීතිඥ පෙරේරා කළා යැයි කියන හඬ පටය ඔහුට සවන් දීමට සැලැස්වා ඇති අතර එම හඬ පටයේ අඩංගු හඬ තමන් ගේ නොවේ යැයි පෙරේරා විසින් ප්‍රතික්ෂේප කර ඇත .

ආණ්ඩුවට එරෙහිව පැනනැගි ඇති විරෝධතා අරගලය මෙහෙවන වන ඊට සක්‍රීයව දායක වන සියලු දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා බිය ගැන්විමේ උත්සාහයක ආණ්ඩුවට නිරත වන බව සිරකරුවන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ලේකම් සුදේශ් නන්දිමාල් පවසයි .