පාසල් සිසුන්ට පාවහන් යුගලකට කැබිනට් අනුමැතිය

පාසල් සිසුන්ට පාවහන් යුගලකට කැබිනට් අනුමැතිය

තෝරාගත් පාසල් සිසුන් ,පිරිවෙන්වල ගිහිපැවිදී සිසුන් හා සීල්මාතාවන් සදහා පාසල් පාවහන් යුගලක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබි ඇතැයි ජන මාධ්‍ය හා සෞඛ්‍ය අමාත‍්‍ය නලින් ජයතිස්ස අද (21) සවස පොල්න්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී දැනුම් දුන්නේය.

වර්ෂ 2015 යේ තෝරාගත් පාසල් සිසුන් සදහා පාවහන් යුගලක් ලබාදීමේ වැඩ සටහන අධ්‍යාපන අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කර ඇති බවත් අමතරව 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය සදහා දක්වා තෝරාගත් පිරිවෙන් හා ගිහිපැවිදි සිසුන් හා සීල්මතාවන් ද එම වැඩ සටහනට ඇතුළත් කර ඇති බවත් 2025 වර්ෂයේ පාසල් සිසුන් සදහා පාවහන් ලබාදීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පාසල් සිසුන් ,පිරිවෙන් වල ගිහිපැවිදි සිසුන් සහ සීල්මතාවන් සදහා පාවහන් මිල දී ගැනීමට රුපියල් 3000 බැගින් තිළිණ පතක් ලබා දිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇති බව ඇමතිවරයා පැවසීය

එම කැබිනට් පත්‍රිකාව කැබ්නට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇත්තේ , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා ව‍ෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිණී අමරසුරිය විසිනි‍නට් පත්‍රිකාව කැබ්නට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇත්තේ , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා ව‍ෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසිනි‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *