බදු නොව දඩ පනත අහෝසී කරන්නැයි වෛද්‍යවරු කළ වර්ජනය සාර්ථකයි

ආණ්ඩුව බදු වෙනුවට දඩ ගසන පනත වහා අහෝසී කරන්නැයි බල කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (13) උදේ ආරම්භ කළ එක්දින වැඩ වර්ජනය සාර්ථක බව කොළඹ ජාතික රෝහලට ගිය අපට දැක ගන්නට ලැබිණ .

මෙම වැඩ වර්ජනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් කැදවන ලද අතර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක හා රජායේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ රුුුුුුුුක්ෂාන් බෙල්ලන හැර අනෙකුත් සියලුම වෛද්‍ය සංගම් එම එක්දින වැඩ වර්ජනයට සහාය දැක් වු බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක ලංකා ස්කයි නිවිස් සමග පැවසීය

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රෝගීන් ඇතුළත් කර ගැනීමත් හදිසි ශල්‍ය සැත්කම් පමණක් අද දිනයේ සිදු කරන බවත් සමාන්‍ය රෝගින්ට බෙහෙත් ලියා දී පිටත් කළ බවත් බෙහෙත් ගැනීමට මුදල් නැති රෝගින්ට බෙහෙත් පවා ලබා දිමට වෛද්‍යවරුන් කටයුතු කළ බව දසනායක ලංකා ස්කයි නිවිස් සමග පැවසීය .

මිට පෙර පැවැති සෑම වර්ජනයකදීම වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය සමග මහජනයා ගැටුන ද මෙවර ඒවැනි සිද්ධීන් කිසිවක් වාර්තා නොවන බව එහි කාර්ය මණ්ඩල සේවකයෙකුගෙන් අප කළ විමසුමකදී පැවැසීය .

මෙම වැඩ වර්ජනය සදහා හෙද නිලධාරීන් ගේ සහ සමස්ත කාර්ය මණ්ඩල් වල උපරිම සහය ලැබුණු බව නම හෙළි කිරීමට අකමැති වු වෛද්‍යවරයෙකු අප සමග කීය .

වයඹ ,උතුරු මැද , උතුර ,ඌව සහ සබරගමුව පළාත් වල සියලුම රෝහල් වල (14) එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන අතර මාර්තු (15) වනදා රට පුරා සියලු රෝහල් අවරණය වන පරිදි වැඩ වර්ජනයකට යෑමට රජයේ වෛද්‍ය සංගමය සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed