“බැලුම්ගල” රාජය බුද්ධි අංශයට අයත් හොරණැවක්

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට අනුයුක්තව සේවය කළ 26543 අංකය දරණ කොස්තාපල් විල්ගම මුදියන්සේලාගේ දනුෂ්ක සමන් කුමාරව එම බලකායට අයත් රහසිගත තොරතුරු හෙළි කළා යැයි සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්තුවා යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

 සමන් කුමාරව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඹක්තෝම්බර් 27 පාන්දර 5.30 ට පමන කිලිනොච්චිය අරවියල් පොලිස් විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපති කේ.ඩි.එස්.ඩි. කුමාර විසින් අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය පොලිස්යට බාර දී ඇත. ඔහු මේ වන විට රදවාගෙන සිටින්නේ යාපනය බන්ධනාගාරයේය.

සමන් කුමාර 2014 ජනවාරි 10 වෙනිදා පොලිස් විශේෂ කාර්ය බලකායට බැදී ඇති අතර පසු ඔහු එස්.අයි.එස් පොලිස් බුද්ධි සේවයට අනුයුක්තව සේවය කොට කර ඇත. පසුව 2019 ඔක්තෝම්බර් 18 වනදා කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා කදවුරට ස්ථාන මාරුවක් ලබා දී ඇත.

සමන් කුමාර කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීයාගේ පෞද්ගලික සහ රාජකාරීයට ආදාළ රහස් හෙළි කරතැයි බියෙන් බව වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් කරන්නට අවශ්‍ය යැයි සමන් කුමාර කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .  

සමන් කුමාර පිළිබදව සම්පුර්ණ තොරතුරු පොලිස් විශේෂ බලකායේ ප්‍රධානීයාට හෙළි කර ඇත්තේ නෙත් එෆ් ගුවන් විදුලි ආයතනය යටතේ විකාශනය වන “බැලුම්ගල”  වැඩ සටහන මෙහෙවන චාමික නැමති ඔත්තුකරුවා විසිනි. ජාතික ආරක්ෂවට සහ ජනතාවට මුවා වී මොහුන් විසින් ජන මාධ්‍ය කලාව ගණිකා ව‍ෘත්තීයේ යොදවමින් සිටි.  

ඉන්දික ප්‍රභාත්ව වෙඩි තබා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ සටහනක් බැලුම්ගලින් කරන්නැයි සමන් කුමාර චාමිකගෙන් ඉල්ලා ඇත.එම කතාව පටිගත කළ වාමික පොලිස් විශේෂ බලකයේ ප්‍රධානීයෙකුට ලබා දී ඇතුවා පනක් නොව එම හඩ පටය “එස් .ටි.එෆ් මෙහෙයුම නවත්තන්න එස් .ටි.එෆ් .එක ඇතුලේම ගහපු පාවාද‍ීමක සුලමුල “ නමින් කළ වැඩ සටහන හරහා එළියට දමා ඇත.  බැලුම්ගල සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදු කළ බුද්ධි මෙහෙයුමක් ලෙස එම පාවාදීම හදුන්වා ඇත. මාධ්‍යවේදී පොලිසිය හෝ හමුදා හෝ වෙනත් බුද්ධි අංශ සමග බුද්ධි මෙහෙයුම් කරන්නේ නැති අතර මාධ්‍යවේදීන් සිදු කරන්නේ ගවේෂණ කර තොරතුරු සොයා ගැනීමයි. පොලිසියෙන් සහ වෙනත් ඛණ්ඩායම් වලින් තොරතුරු ලබා ගැනීමේ තහංචියක්ද නැත. එම වැඩ සටහන මෙහෙවන චාමික සහ දිල්ෂාන් මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝණය කරමින් සමන් කුමාර පාවාදී ඇත. මාධ්‍යවේදීය තමන් වෙත තොරතුරු ලබා දෙන්නා ( Informer) ඔහුගේ ජිවිතය දෙවැනි කොට ආරක්ෂා කළ යුතුය. මොනම තත්වයක් ඇතුළේ තොරතුරු ලබා දෙන පුද්ගලයා හෙළි කිරීමට අපට අයිතියක් නැතුවා පමනක් නොව එසේ හෙළි කිර‍ීමට අප බැදී නැත. චාමිකලා දිල්ෂාන්ලා මොනම ගෙවිමක් නොකර ඊනියා මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ඔවුන් මහජනයාව පොලිසියට කොටු කර දෙති.

 මෙතැන දී සිදු වී ඇත්තේ සමන් කුමාර සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකාය කොන්ත්‍රාත්තුවකට කළ ඝාතනයක් සම්බන්ධයෙන් වැඩ සටහනක් කරන්නැයි චාමිකගෙන් ඉල්ලා සිටිමක් පමණි. බැලුම්ගල ඔහු පොලිස් විශේෂ බලකායේ රහස් එළියට කාන්දු කළ බවක් පැවසුත් එම වැඩ සටහනෙන් සමන් කුමාර හෙළි කළා යැයි කියන රහසක් නැත.  චාමික උත්සහ කරන්නේ සමන් කුමර සම්බන්ධයෙන් මහජනයා තුළ සහ ආරක්ෂක අංශ වල සහ විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය තුළම ඔහු පිළිබද වැරැදි ප්‍රතිරූපයක් ගොඩ නැගීමටය.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්තුවා යැයි සමන් කුමාරව අත්අඩංගුවට ගැනීමට ආසන්න හේතුව ඉන්දික ප්‍රභාත්ගේ බිරිද වන නාඔටුන්න ආචාරිගේ පියුමි සමග සම්බන්ධතා පැවැත් විමයි. ඔහු පියුමිගේ රූපයට වශී වී පොලිස් විශේෂ කාර්ය බලකායේ තොරතුරු හෙළි කළ බව බැලුම්ගල සමන් කුමාරට චෝදනා කරයි. ඔහු සහ පියුමි අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව ද එම වැඩ සටහනෙන්  මගින් හෙළි කරයි. පිුමිගේ පෙම්වතා මරා දමා ඇත . සමන් කුමාර සම්බන්ධයෙන් අපට ලැබි ඇති තොරතුරු අනුව අවිවාහකයෙකි. ඒ වැනි තත්වයක් ඇතුලේ හට ගන්නා ප්‍රේම සම්බන්ධය අනියම් යැයි හැදින්විම තර්කානුකුල නැත. අනියම් යැයි හදුන්වන්නේ විවාහ වී සිටින පිරිමියෙකු හෝ ගැහැනියයෙකු සමග තවත් ගැහැනියක් හෝ පිරිමියෙකු ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධතාවයකටය.

පියුම් සහ සමන් කුමාර අතර පවතින සම්බන්ධතාවය අපට වැදගත් නැතුවා පමනක් නොව ඔවුන් පිළිබද ව්‍යාජ තොරතුරු එළියට දැමීම නීති විරෝධී‌ මෙන්ම සදාචාර විරෝධීය. පියුමි මේ වන විටත් බැලුම්ගලට එරෙහිව නීතිඥයින් මාර්ගයෙන් නීතිමය කටයුතු සමාරම්භ කර ඇත.

පියුමිට සමන් කුමාර සමග ප්‍රේම සම්බන්ධතායක් ඇති කර ගෙන ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනයට ආදාළව දැන ගන්නට ලියුම්කරු දන්නා තරමට විශේෂ තොරතුරක් නැත.

ඉන්දික ප්‍රභාත්ව 2022 ඔක්තෝම්බර් 12 වනදා පියුමිගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන පසුව ඔහු සගවා තැබු යැයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියන ආයුධ පෙන්වන්ට ගොස්  අහුන්ගල්ලෙදී වෙඩි තලා ඝාතනය කරන ලදී. ප්‍රභාත් සගවා තිබු ආයුධයක් ගෙන පොලිසියට වෙඩි තබන්නට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය විසින් අත්මාරක්ෂාව සදහා තැබු වෙඩි පහරකින් ඔහු මිය ගිය බව පැවසීය. නමුත් අධිකරණ වෛද්‍ය වාර්තාව සහ සාක්ෂී මත පදනම් බලපිටිය මහේස්ත්‍රාත්වරයා එම මරණය චේතාන්විතව සිදු කළ ඝාතනයක් බව 2024 ජුලි 07 වනදා තින්දුවට ප්‍රකාශයට පත් කරමින් පැවසීය . එම ඝාතනය සිදු කර ඇත්තේ පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් කොළඹගේය. බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි. ජානක පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුනුවන්නැයි නියෝග කර නොවැම්බර් 07 ට මාස හතරක් වනු ඇත. නමුත් මේ වන තෙක් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැත.

සමන් කුමාර හරහා පියුමි පොලිස් පරික්ෂක කොළඹගේ සිටින තැන දැන ගත්තත් පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා හැරෙන්න වෙනත් විකල්ප ඇයට ද නැත. කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කරනවා හැර ඔහුව අත්අඩංගුවට ගැනීමට මහේසත්‍රාත්වරයාටත් වෙනත් ක්‍රමයක් ද නොමැත.

පොලිසිය අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම නිසා නීතිය හැල්ලු වී ඇත. පොලිස් පරික්ෂක කොළඹගේ නියමිත දිනට අධිකරණයට ඉදිරිපත් කළා නම් මේ වන විටත් මහාධිකරණයෙන් ඇප ලබා යන්නට තිබුණා යැයි කියන තැනට නීතිය අසරණ වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර එම බලකායට එරෙහිව දමා ඇති අපරාධ නඩු සහ මානවහිමිකම් නඩු ඉවත් කර දෙන්නැයි ජනාධිපති අනුර කුමාරගෙන් පසුගිය දා ජාතික ආරක්ෂක කම්ටුව රැස් වු අවස්ථාවේ ඉල්ලා තිබුණි. ජනාධිපතිවරයා එම ඉල්ලීම ගැන නීතිපතිවරයාට මැදිහත් වන්නැයි ප්‍රකාශ කළ ද එම ප්‍රවෘත්තීයත් සමග ඊට එරෙහිව එළියෙන් මතු වු බරපතළ විරෝධය හමුවේ එම උත්සහය ගත්තැනම ලොප් විය. ඉන්දික ප්‍රභාත්ගේ බිරිද මුල දී බිය ගැන්වීමටත් පසුව ඝාතනය කිරීමටත් ගත් උත්සහයන් ව්‍යාර්ථ වු තැන චාමික සහ දිල්ෂාන් වැනි කුලි සොල්දාදුවන් ලවා  පියුමිට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කර ඇත.

බැලුම්ගල පොලිස් විශේෂ කාර්ය බලකා සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් කිපදෙනෙකුගේ සංයුතියකින් පවත්වගෙන යන මහජනයගේ මෝල සෝදන සහ පුද්ගලයන් දඩයම් කරන ගුවන් විදුලි වැඩ සටහනක් බවට අප වෙත තොරතුරු ලැබි තිබේ. මෙම වැඩ සටහන මෙහෙවන කුලී සොල්දාදුවන් සමග ප්‍රවේශමෙන් කටයුතු කරන්නැයි අපි මහජනයාගෙන් ඉල්ලන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *