LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

මරදානට බාර වු අරගලකරුවන් 07 දෙනා රිමාන්ඩ් කරයි .

පොලිස් මුලස්ථානය ඉදිරිපිට කලහාකාරී ලෙස හැසිරෙමින් පොදු දේපල වලට අලාභානි කළා යැයි පොලිසිය අත්අඩංගුවට ගැනීමට තැත් කළ අරගලකරුවන් 07 දෙනා ඊයේ (22) සවස මරදාන පොලිසිය මගින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 01 දා දාක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

රුපියල් 1.68.000 ක අලාභානියක් කළේ යැයි පොදු දේපළ යටතේ අරගලකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරා ඇත .

වෙනසකට තාරුණයක් ව්‍යාපාරයේ කැඳවුම්කරු ලහිරු වීර සේකකර , රංගන ශිල්පී ජගත් මනුවර්ණ ,රංගන ශිල්පි ජෙහාන් අප්පුහාම් , සමාජවාදී තරුණ සංගමයේ ජතික සංවිධායක එරංග ගුණසේකර , සංවර්ධන නිලධාරීන් ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ , අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුකරු ගලේවල සිරිධම්ම සහා සමාජ ක්‍රියාකාරීකයෙකු වන රතිදු සේනාරත්න යන අරගලකරුවන් මෙසේ බන්ධනාගාරගත කරන ලදී .

පොලිසිය අරගලකරුවන් සොයා ඔවුන් නිවෙස් වලට නිතර ගොස් දෙමව්පියන්ට බලපෑම් දමන නිසා අරගලකරුවන් මරදාන පොලිසියට ඊයේ (22) දහවල් භාරවුහ .

පොලිසිය ඉතා සුක්ෂම ලෙස කාලය අනව්‍යශය විධියට නාස්ති කරමින් මහේස්ත්‍රාත්වරයා ගේ මහරගම නිලම්මාහර නිවසට ඊයේ (22) සවස ඉදිරිපත් කළේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයකට අනුව බව අරගලකරුවෝ පොලිසියට චෝදනා කරති