මාර්තු 15 වැඩ වර්ජනය සමග එළිමහනට ආ වෘත්තීය සමිතිවාදයේ බංකොලොත්කම


නනන්දන නන්නෙතිති
ඊයේ දිවයින පුරා රාජ්‍ය අංශයේ කම්කරුවෝ හා වෛද්‍යවරු ඇතුලු වෘත්තිකයෝ ආණ්ඩුවේ නව බදු අයකිරීමට,පොලී අනුපාතය ඉහල දැමීමට හා විදුලිය ගාස්තු වැඩි කිරීමට හා තවත් ප්‍රහාරවලට එරෙහිව වැඩ වර්ජනය කර විරෝධතාවල නිරත වූහ.

බදුල්ල,මහියංගනය, මොණරාගල වැනි ඈත නගරවල පවා ගුරුවරු ඇතුලු රාජ්‍ය කාර්යාල සේවකයෝ සිය දහස් ගණනින් පෙළපාලිවලට හා පිකට් කිරීමවලට සහභාගී වූහ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සේවකයෝ වරුවක් නිවාඩු දමා නගර මධ්‍යට ගොස් පිකට් කළහ.
විදුලිය හා තැපෑල වැඩ නො කළහ .පාසැල් වසා දැමුනු අතර බොහෝ තැන්වල නියමිතව තිබුනු වාර විභාග කල් දැමීීමට සිදු විය. රාජ්‍ය බැකුවලින් වැඩි ගනනක් ඇනහිට වූහ.

දුම්රිය රියදුරන්ගේ වර්ජනය නිසා නියමිත දුම්රිය වාර 400 ගණනකින් දුවවනු ලැබිය හැකි වූයේ වාර 11 හෝ ඊට ආසන්න ගණනකි. ජනාධිපති මාධ්‍ය අංශයට අනුව 20කි. නමුත් එහි වැඩට යොදාගත හැකි වී ඇත්තේ DIM නිලධාරීන් තිදෙනා සහ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන විශ්‍රාමික රියදුරන් කිහිප දෙනා පමණි .

වරාය කම්කරුවන්ට වර්ජනය අත් හැර වැඩ කරන ලෙස විධාන කිරීමට කොළඹ වරායට ගිය වරාය අධිකාරියේ සහාපති, කම්කරුවන් විසින් හූ කියා පලවා හරිනු ලැබ ඇත.
දින කිහිපයකට පෙර දියත් කෙරුනු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දීප ව්‍යාප්ත අරගලයට අනධ්‍යන සේවකයෝ ද එක් වූ අතර විශ්ව විද්‍යාල අකර්මන්‍ය විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවකයෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට තමන් සමග එක් වන ලෙස ජනතාවට ඇරයුම් කරන සටන් පාඨ හඩ නගමින් ගලහ හන්දියේ පිකට් කිරීමක නිරතව සිටියහ. මෙදා පාර අපේ සටන-නවතනු බැහැ කිසිවෙකුටත්, සටන් කරල – ලබා ගත්තු, අපෙ අයිතීන් – රැකගන්නට, ඇප කැපවෙමු – අපි හැමෝම යනුවෙන් ඔවුහු සිය අධිෂ්ඨානය ප්‍රකට කළහ.

ප්‍රවාහන, ගමනාගමන, වරාය, නැව් තොට, තැපැල්, විදුලි, යන මේ “අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරත වන සේවකයින් වෘත්තීය ක්‍රියා ක්‍රියාමාරගවල නිරත වී රටේ පොදු නීතිය කඩ කළහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘති ප්‍රකාශකයා, ප්‍රවාහන මහාමාර්ග හා ජන මාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන පෙරදා නිවේදනය කළේ ය. කම්කරුවන් සටනට පිවිසුනේ තමන් සටන එන්නේ කදුලු ගැස් හා බැටන් ප්‍රහාර දෙන වෙඩි තබා ඝාතනය කරන ආණ්ඩුව සමග බව නො දැන නො වේ.
ආණ්ඩුව, මෙසේ, ආරම්භයේදී ම අරගලය තුලට දේශපාලන ප්‍රශ්න ගෙන ආවේ ය.කම්කරුවන්ගේ අවශ්‍යතාව වූයේ දේශපාලන මහා වැඩ වර්ජනයකි. එහෙත් වෘත්තීය සමිති විසින් කැදවන ලද්දේ සරල වැඩ වරජනයකි. එය කම්කරුවන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට හෝ වෘත්තීය සමිති විසින් ඉඩක් ලබා ඉඩ ලබා දෙනු ලැබ සිදු කළ දැනුවත් සටනක් වූයේ නැත.

අනිවාර්ය රාජ්‍ය මර්දනයට මුහුන දී ජයග්‍රහනය කරා ගමන් කිරීමට අවශ්‍යතාවක් වෘත්තීය සමිති වලට නො තිබුනා පමනක් නො ව සටන කෙසේ හෝ අවසන් කිරීම වෘත්තීය සමිතිවල ඉලක්කය වී තිබිණි. වර්ජනයට පෙර දින ජනතා විමුක්ති පෙරමුනට අයත් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රමුඛ නායකයෙකු වන කේ. ඩී. ලාල් කාන්ත 13දා වෘත්තීය සමිති සහ තවත් සංවිධානවල සහභාගීත්වයෙන් ” පීඩක බදු සංශෝධනය හා රටේ හෙට දවස” යන මැයේන කොළඹ පැවැති රැස්විමකදි මෙමෙ කීවේ ය. “ 15දා වැඩ වර්ජනයට අපි සම්පූණ සහයෝගය දෙනවා. අඛණ්ඩ වැඩ වර්ජන කතාවට මේ මොහොතේ අපි සූදානම් නැහැ.”
විදුලි බල මණ්ඩලයේ ප්‍රති ව්‍යුහගත කිරීම පිළිබද ජවිපෙ නායකත්වයේ සිටින තවත් වෘත්තීය සමිති නායකයෙක් වන රන්ජන් ජයලාල් ද මෙසේ කියයි. “ඇමති තුමා (විදුලි බල)… ප්‍රතිව්‍යුහගත කරනය සම්බන්ධව මෙතෙක් කතා නො කළාට මින් ඉදිරියට දෛනිකව, මාසිකව, සතියෙන් සතියට හෝ අප සමග කතා කරන බව කීවා. අපි ඒකට එකගයි. ඇමති තුමා කීවෙ විකුණන්නෙ නෑ කියා. ඒනිසා ගැටුමකට යා යුතු නෑ.”ගැටුමකට නො යා සිටීමට කරුණු තවත් වෘත්තීය සමිතිවලට ඇත.

ඉල්ලීම් ලැබෙන තෙක් අඛන්ඩ වැඩ වර්ජනයකට යනවා යයි 13 සදුදා වර්ජනයක් ආරම්භ කළ රාජ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ තාවකාලිකව නවතින බව කියමින් වර්ජනය අත් හැර දමා ඊට හේතු ගෙනහැර පෑ ය. ආණ්ඩුව තමන් වෙත ලබා දුන්නා යයි කියන පොරොන්දු පත්‍රයකට අනුව සැකසූ පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 1) විකල්ප යෝජනා පිළිබද අඛණ්ඩව සාකාච්චා කිරීමට රජයේ අභිලාෂය ප්‍රකාශයට පත් විය. 2) 2023 මාර්තු 20 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාවට දැමීම අරඹන අතර බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම සදහා රජය කැමැත්ත දක්වා ඇත. 3) බදු සංශෝධන සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සෘජු ලෙස සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති සදහා අවස්ථාව සලසා දීමට රජයේ ඇති කැමැත්ත දක්වා ඇත. 4) රාජ්‍ය මූල්‍ය ප්‍රවනතාවයන් සැලකිල්ලට ගනිමින් රජයේ සේවකයන් වෙත 2023 අග කාර්තුවේ දී විශේෂ දීමනාවක් ලබා දීමට ඇති ඉඩ කඩ පිළිබදව කරුනු දක්වා ඇත.

අවසානයේ දී වෛද්‍ය සංගමය කියා සිටින්නේ “ලිපිය හරහා අපට දී ඇති සඥා පිළිබද අවධානය යොමු කළ රවෛනිගේ විධායක සභාව මේ වන විට ආරම්භ කර, අඛන්ඩව දියත් කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හෙට දින උදෑසන 8 සිට තාවකාලිකව නවතා දැමට තීරණය කරන ලදී.”

වෘත්තීය සමිතිවලට වික්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අරගලයක් ගෙන යාමට මොන ම හැකියාවක්වත් නැති බව දැනටමත් පැහැදිලි ය. ඒ්වාට යම් වුවමනාවක් පවතී නම් ඒ අර්බුදයේ මුලු බර කම්කරු පිඩිත ජනයා මත පැටවීමේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත වෘත්තීය සමිති නිලධරයට හා එබදු වරප්‍රසාදිතයන්ට හානියක් නො වන පරදි අනුගමනය කිරීම ය.

වෘත්තීය සමිතිවලට නිශ්චිත දේශපාලන අර්ථයෙන් ජෙනරල් ස්ට්‍රයික් කැදවීමේ හැකියාවක් ද නැත.ඊයේ දුම්රිය වර්ජනය ඊට කැපී පෙනෙන නිදසුනකි. රියදුරෝ වර්ජනය කළහ. දුම්රිය ස්ථානාධිපති, ගාඩ්, ලිපිකරු, සහ සෙසු අංශවල දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සමිති ඊට සහාය නො දණි .

වෘත්තීය සමිති වර්ග බොහෝ ය. ඒ්වා වෙනස් ධනපති පක්ෂවල හෝ කණ්ඩායම්වල අවශ්‍යතා නියෝජනය කරති. අවසානයේ දී ඒවා ඒකමතික වනවා නම් වන්නේ කම්කරු පන්තියේ සටන් පාවා දීම සම්බන්ධයෙන් පමනක් බව ‌ෙඑතිහාසික සත්‍යයකි.
මෙවර ද ඉල්ලීම් දිනා ගැනීම කෙසේ වෙතත් සමිති එක් දිනක වර්ජනයක් කැදවීම මගින් කල් ඇතිවම ආණ්ඩුවට සඥා කළේ බිය නො විය යුතු බවට ය. නො කලොත් අඛණ්ඩ එකක් යනු පාලක පන්තිය සමග සුහදව කරන කම්කරුවන්ට බෝල බැස්සීමේ ක්‍රීඩාවේ ම අංශයකි.

කොළඹ ක්‍රියාකාරී කමිටුව සෑම වැඩ බිමකම නිවහන් ප්‍රදේශයකම කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් ධනවාදී ප්‍රහාර පරාජය කිරීමේ සැබෑ මහජන ව්‍යාරය සංවිධානය කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ එබැවිනි. තීරන ගැනීමේ අයිතිය එබදු කමිටු අතට පත් විය යුතු ය. ඒවායේ නියෝජිතයන්ගේ සම්මේලනයක් මගින් මුලු දිවයිනේ ම පීඩිත මහජනයාගේ අවශ්‍යතා නියෝජනය කරන වැඩපිළිවෙලත් සදහා ඒකාබද්ධ අරගලය පෙරට ගනු ඇත.
කොලඹ ක්‍රියාකාරී කමිටුව