මියන්මර් සරණාගතයන් පිටුවාහල් කිරීමට සැරෙසෙන ආණ්ඩුව ඊශ්‍රායල මිනීමරුවන්ට රැකවරණ දෙයි

ශාන්ත විජේසුරිය විසිනි.
ජන සංහාරයෙන් මිදී මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් පළා ආ රෝහින්ග්‍යාවරු 103 දෙනා , එම සරණාගතයින්ගේ මියන්මාර පාලනාධිකාරීයට ( ජන සංහාරකයින්) නැවත භාරදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටින බව ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය වෙත වාර්තාවේ.
මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් රෝහිග්‍යා මුස්ලිම් ජනයාව මියන්මාරයට පිටුවහල් කිරීමට ශ්‍රී ආණ්ඩුව (ජාජබ) ගෙන ඇතැයි කියන පියවර එම රටට තුළ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහිව ගෙන වාර්ගික ශුද්ධයට රුකුල් දීමක් මෙන්ම ලෝක පරිමානව ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය අධිරාජ්‍යවාදීන් මුස්ලිම් ජනයාට එරෙහිව ගෙන ජන සංහාරය සමග අත්වැල් බැදගැනිමකි.
දෙසැම්බර් 19 වෙනිදා ජිවිතය පතා මෙරටට පැමිණි රෝහින්ග්‍යා හෙවත් මියන්මාර් පලමු පිරිස ඔවුහු නොවෙති. මියන්මාර් වැසියන් 55 දෙනෙකු 2008 වර්ෂයේ මාර්තු 03 වෙනිදා මෙරටට මුහුදු මාර්යෙන් පැමින ඇති බවත් 2013 වර්ෂයේ මියන්මාර් වැසියන් 170 දෙනෙකු මෙරට පැමිණ අතර ඔවුන් සියලුම දෙනා එවකට පැවති ධනපති ආණ්ඩු විසින් පිටුවාහල් කෙරිණ. ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව ද එම ධනපති ආණ්ඩු වල වර්ගවාදී පිළිවෙත ඉදිරියට ගෙන යමින් රෝහින්ග්‍යාවරුන් පිටුවාහල් කිරීමට සැරෙයි.
පැවති ආණ්ඩු සරණාතගයින් සමුහ වශයෙන් පිටුවාහල් කළ අතර 2017 සහ 2019 වර්ෂ වල ගල්ලකිස්ස ප්‍රදේශයේ රැදී සිටි රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාව පිටුවාහල් කරන්නැයි මෙරට සිංහල බෞද්ධ වර්ගවාදීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුහ. වර්ගවාදී මුර්ගයන් විසින් රෝහින්ග්‍යා සරණාගතයින් නවාතැන් ගෙන සිටි නිවාස වලට ගල්මුල් වලින් පාහර දුනි. එම වර්ගවාදී මැර නඩ මෙහෙවන ලද්දේ, සිංහල බලබුළුව සංවිධානයේ අක්මීමන දයාරත්න නැමති මැර භික්ෂුව විසිනි. පසුව සරණාගතයන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ දැනුම් දීමකට අනුව පොලිසිය විසින් සරණාගයන් අත්අඩංගුවට ගන්නා ලදී. සිංහල බෞද්ධ මැරයන්ගේ විරුද්ධත්වය එල්ල වු රෝහින්ග්‍යා සරණාගතයින් අතර ගැහැනු 07ක් ද පිරිමි 09ක් ද පිරිමි දරුවන් 08ක් ද ගැහැනු දරුවන් 08ක් ද ඉන්දියන් ජාතිකයන් දෙදනෙකු ද සිටියහ.

අන්තර් ජාලයෙන් උපුටා ගත් ජායාරූපයකි.
දෙසැම්බර් 19 මුලතිව් උතුරු මුහුදු සීමාවේ සිට මිටර් සීයක් දුරින් මුහුදේ පාවෙම්න් තිබෙන බෝට්ටුවක් දැක ඇත. පසුව ප්‍රදේශවාසීන් ඒ බව නාවික හමුදාවට දැනුම් දී ඔවුන් සමග ප්‍රදේශවාසීන් පිරිසක් සහ වෛද්‍යවරයෙකු බෝට්ටුකින් ආහාර ,ජලය සහ ඖෂධ ද රැගෙන ගොස් ඔවුන්ට සත්කාර කර ගොඩ බිමට රැගෙනවිත් ඇත.
ආහාර සහ ජලය නොමැතිකම නිසා බොහෝ දෙනෙකු අසනීප තත්වයේ පසු වී ඇති බවත් මුලතිව් මුහුදට රැගෙන නොගොස් නාවික හමුදාව මියන්මාර් වැසීයන්ව දෙසැම්බර් 20 වනදා ත්‍රිකුණාමලයට රැගොස් ඇත. එම බෝට්ටුව ළමුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් පිරී තිබු බවත් මියන්මාර් වැසියන් 115 දෙනෙකු එම බෝටුවේ සිට බව ආණ්ඩුව පවසයි. එම පිරිස අතර කාන්තාවන්30කුත් ළමුන් 50 කුත් සිට ඇති අතර ගැබිනි මවක් ද සිටි බව වාර්තාවේ.
රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා මියන්මාරයේ සිට බෝට්ටු තුනකින් පැමින ඇති බවත් බෝට්ටු දෙකාක් මුහුදු බත් වී ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. මියන්මාර් සරණාගතයින් බෞද්ධ ඝාතකයින්ගෙන් මිදී පලා විත් ඇත්තේ ඉන්දුනීසියාව හෝ මැලේසියාවට යෑමට බවත් සුළි කුණාටු හේතුවෙන් ඔවුන් ගමන් කළ බෝට්ටුව ලංකාවේ මුහුදු තීරයට ගසාගෙන විත් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට පවසා තිබුණි.
නාවික හමුදාව මගින් දෙසැම්බර් 20 වෙනිදා උදේ ත්‍රිකුණාමලයට රැගෙන ආ මියන්මාර් වැසියන් 115 දෙනා එදිනම ත්‍රිකුණාමල මහේස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් ඉදිරිපත් කර තිබිණ. එම මියන්මාර් වැසියන් මෙරට මුහුදු සීමාවට රැගෙන එමින් ආගමන හා විගමන සහ සංක්‍රමණ නීති උල්ලංඝණය කළා යැයි දොලොස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. මියන්මර් සරණාගතයන් 103 දෙනෙකු මිරිහාන ආගමන රැදවුම් මධ්‍යස්ථානයට රැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් වාර්තාවේ. එදින මිරිහාන රැදවුම් මථ්‍යස්ථානයට රැගෙන නොගොස් ත්‍රිකුණාමලේ පාසලක නවාතැන් ගැනීමට මියන්මාර් සරණාගතයින්ට පහසුකම් සලසා ඇති බවත් දෙසැම්බර් 21 වෙනිදා උදේ ඔවුන්ව බස්රථ වල නංවාගෙන මිරිහානට රැගෙන ගිය බස් රථ මගින් හරවාගෙන නැවතත් ත්‍රිකුණාමලේ පාසලට මියන්මාර් සරණාගතයින් රැගෙනවිත් ඇත.
දෙසැම්බර් 23 වෙනිදා ඔවුන්ව මිරිහාන ආගමන රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට නියමිතව තිබුන ද පසුව ඔවුන්ව මුලතිව් ගුවන් හමුදා කදවුර වෙත රැගෙන ගොස් තිබිණ. ඔවුන් මුලතිව් කදවුරට රැගෙන ගොස් ඇත්තේ මිරිහාන ආගමන රැදවුම් මධ්‍යස්ථානයේ ඉඩකඩ නොමැති නිසා බව වාර්තාවේ. කෙසේ නමුත් අධිකරණය නියෝගයට අනුව රෝහින්ග්‍යා සරණාගතයින් රැදවිය යුත්තේ මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේය. මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ තදබදයක් ඇත්නම්, නැවත අධිකරණයට වාර්තා කරනවා වෙනුවට අධිකරණ නියෝග පවා මායිම් නොකර කටයුතු කරන බවක් එම සංසිද්ධිය හරහා ඉස්මත්තට පැමින තිබේ.
මියන්මර් සරණාගතයින් රදවා තබාගෙන සිටින මුලතිව් ගුවන් හමුදා කදවුර දෙසැම්බර් 31 වෙනිදා සිට පානිනාංකය රදවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිය. එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් ඇත්තේ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ අනුමැතියෙනි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මියන්මාර් සරණාගතයින් පිළිබද සොයා බැලීම සදහා මුලතිව් ගුවන් හමුදා රැදවුම් මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එහිදී එම කදවුර බාරව සිටි නිලධාරීන්ගේ විවිධ බාධා මැද සරණාගතයින් මුණ ගැසීමට එම ජාත්‍යන්තර සංවිධානයට හැකි වී ඇති බවත් වාර්තාවේ. මුලතිව් ගුවන් හමුදා කදවුරේ රදවා සිටින මියන්මාර් සරණාගතයන්ගේ තත්වය නිරික්ෂණය කිරීමට දෙසැම්බර් 30 වනදා එහි ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ නිලධාරීන්ට ආගමන විගමන දෙපාර්මේන්තුවෙන් අවසර ලබා ගත් යුතු බව ගුවන් හමුදා නිලධාරීන් දන්වා ඇත. පසු ආගමන හා විගමන පාලනාධිකාරීයට කතා කොට අවසර ඉල්ල සිටි විට මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යවරයාගෙන් අවසර ගත යුතු බව පවසා ඇත. මියන්මාර් සරණාගතයන් රදවා සිටින රැදවුම් මධ්‍යස්ථානය නිරික්ෂණය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපති විනිසුරු දෙහිදෙනිය විසින් පැමිණිලි කරමින් සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
“කොමිෂන් සභාව විසින් ලියවිල්ලකින් බලය දෙන ලද යම් තැනැත්තෙකු විසින් කවර හෝ වෙලාවකදි ,යම් තැනැත්තෙකු අධිකරණමය ආඥාවක් මගින් හෝ අන‍්‍යාකාරයකින් රදවා සිටින යම් රැදවුම් ස්ථානයකට , බන්ධනාගාරයකට හෝ වෙනත් යම් ස්ථානයකට ඇතුල් වී එහි රදවා සිටින තැනැත්තන්ගේ රදවා ගෙන සිටිමේ කොන්දේසී නිසැකව දැනගැනීම පිනිස අවශ්‍ය වන්නා වු යම් පරීක්ෂා ඒ ස්ථානයෙහි කළ හැකිය. නැතහොත් එහි සිටින යම් තැනැත්තකුගෙන් යම් විමසීමක් කළ හැකිය යනුවෙන් සදහන් 1996අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභා පනතේ 28 (02) වගන්තිය ද ඔහු විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියෙන් අවධාරණය කර පෙන්වා ඇත.”
මානව හිමිකම් කොමිසම් සභාවට බාධා වන අයුරින් කටයුතු කළ ආගමන විගමන පාලක ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් දෙසැම්බර් 31 වනදා එම කොමිසමට කැදවා තිබුණි.
ජාජබ ආණ්ඩුව මියන්මාර් සරණාගතයින් මානව හිමිකම් කොමිසම් සභාවටත් නොපෙන්වා ඔවුන්ගේ සියලුම සම්බන්ධතා කඩා බිද දමා මුලතිව් ගුවන් හමුදා කදවුරක් තුළ රදවා තබා ගෙන සිටි. රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා ජන සංහාරයෙන් මිදී පළා ජනතාවක් මිස අපරාධකාරයෝ නොවෙති. නමුත් ආණ්ඩුව ඔවුන්ට සලකන්නේ බරපතළ ගණයේ අපරාධකරුවන් ලෙසින්ය. අපරාධකරුවන්ට වුවත් අදහස් ප්‍රකාශ කිරීමේ සහ මහජනයා සමග සම්බන්ධතා පවත්වා ගැනීමට අයිතියක් ඇත. ඒ අයිතිය ද රෝහින්ග්‍යා මුලිස්ම් ජනයාට අහිමි කර ඇත.
මානව හිමිකම් සංවිධාන වලට මෙන්ම මාධ්‍යවේදීන්ට ද රෝහින්ග්‍යා සරණාගතයන් මුහුණ ගැසීමට අයිතියක් ඇතත්,ආණ්ඩුව ඊට තහංචි දමා ඇත. මෙරට සහ විදෙස් මාධ්‍යවේදීන්ට ඔවුන් මුණ ගැසීම වැළැක්විම සදහා කොළඹ නගරයේ සිට කිලෝ මිටර් 150ක් පමන අති දුෂ්කර ප්‍රදේශයකට රැගෙන ගොස් රදවාගෙන සිටි.
රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට මාධ්‍යවේදීන් මුණ ගැසී ඔවුන්ගේ ජනයාට එරෙහිව මියන්මාර් බෞද්ධ පලාකයින් උත්සන්න කර ඇති සමුල ඝාතන ව්‍යාපාරයේ කෲර බව ලෝක පරිමානව කම්කරු -පීඩිත ජනයා හමුවේ තබන්න ඇති අයිතිය ජාජබ ආණ්ඩුව ඔවුන්ගෙන් උදුරාගෙන ඇතුවා පමනක් නොව ඔවුන් පිළිබද කතා බහක් ඇති වුවහොත් 2017 මෙන් අක්මීමන දයාරත්න සහ ඥානසාරලා වැනි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මැරයෝ ආණ්ඩුවට එරෙහිව ජාතිවාදී මුගුර අතට ගනිතැයි සැකයෙන් පසුවෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2009 වර්ෂයේ යුද්ධයට තල්ලු කර ,දෙමළ ජන සමුල ඝාතනය මෙහෙයු ජනතා විමුක්ති පෙරමුණ මියන්මර් සරණාගතයින්ගේ ප්‍රශ්නයේ හමුවේ මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන පුදුම විය යුතු නැත.
ජාජබ ආණ්ඩුව මියන්මාර් සරණාගතයින් පිටුවාහල් කිරීමට කැසවන අතරේ පලස්තීන ජන ඝාතකයින්ට සැගවි සිටිමට සහ විවේක ගෙන නැවත සංහාරක කටයුතු වලට සහභාගි වන අතර මැදි මධ්‍යස්ථානයක් ලෙස ලංකාව භාවිතා කිරීමෙන් ජාජබ ආණ්ඩුවේ දෙබිඩි බව හෙළි වෙයි. පලස්තීන ජනයා අමානුෂික වධබන්ධයන්ට ලක් මරා දැමු ඊශ්‍රායාල් සොල්දාදුවෙකු මෙරට සිටින බවට Hind Raja Foundation සංවිධානය ඔවුන්ගේ වෙබ් අඩිය හෙළි කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද මහ කොමසාරිස් කාර්යාලය මේ වසරේ වසා දැමීමට නියමිත බව වාර්තා වුවත් ඔවුන්ට ද මේ ප්‍රශ්නයෙන් මග හැර සිටිය නොහැකිය මන්ද මහ කොමසාරිස් කාර්යලයේ මානුෂිකත්ව පිළිබද ව්‍යාජ බව ලෝකයාටම හෙළි වන බැවිනි.
මියන්මාර් සරණාගතයන්ව හමුදා කදවුරු වලින් නිදහස් කර මුස්ලිම් ජනයා ජිවත් වන නැගෙනහිර ප්‍රදේශයේ හෝ වෙනත් යම් ආරක්ෂිත ප්‍රදේශකයක හෝ සාමන්‍ය මහජන සමග ජිවත්වීම සදහා පහසුකම් සලසාදීමත් ඔවුන් වෙනත් රටකට යවන තෙක් ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දී එම දරුවන් රැක ලබා ගැනීමත් ආණ්ඩුවේ වගකිමකි. මොනයම් තත්වයක් යටතේ හෝ නැවත මියන්මාර් සමුල ඝාතකයින්ට රෝහිග්‍යා ජනයා භාරදීමට අප විරුද්ධ වන අතර මෙරට කම්කරු-පීඩිත හා ප්‍රගතිශීලි ජනතාවගෙන් ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය ඔවුන්ව පිටුවාහල් කිරීම වාහම නතර කරන ලෙසට ආණ්ඩුවට බල කරන්නැයි ඉල්ලමු.
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව මියන්මාර් පාලකයින් සිදු කර සමුල ඝාතනයට එරෙහිව මේ වන විටත් ජාත්‍යන්තර යුද අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවති. රෝහිනග්‍යා මුස්ලිම් ජනයා මිලියනක පමන පිරිස් බංගලාදේශයෙත් නේපාලයේ සහ ඉන්දියාව වැනි රට වලත් සරණාගතයන් ලෙස ජිවත් වෙති.
මියන්මාර් ජනග්‍රහනයෙන් 90% ක් බෞද්ධයින් වන අතර රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා විශාල වශයෙන් රඛයින්යා ප්‍රාන්තයේ වෙසෙති. රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව බෞද්ධ පාලකයින් සංහාරය ආරම්භ කරන්නේ 1993 වසරේ සිටය. 2017 වර්ෂයේ අරකන් රෝහිග්‍යා ගැලවිමේ හමුදාව විසින් මියන්මාර් පොලිස් ස්ථාන වලට පාහරදීම දඩමීමා කරගත් මියන්මාර් පාලකයෝ රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව සංහාරය තීව්‍ර කළහ.
ලෝකයේ වඩාත් පිඩාවට පත් වු සුළුතරය ලෙස එක්සත් ජාතීන් සංවිධානය රෝහින්ග්‍යා ජනයා හදුන්වති.
රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහිව මියන්මාර් පාලකයෝ ගෙන යන ජන සංහාරය අවසන් කළ හැක්කේ මියනමාර් කම්කරු පන්තිය දැනුවත්ව ධනපති ක්‍රමය විස්ථාපනය කිරීමෙන් පමණි.