වික්ටර් අයිවන්ගේ අවසන් කැමැත්ත

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා රාවයේ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු ඊයේ (20) ගාල්ල දඩල්ලේ පොදු සුසාන භුමියේදී ආගමික චාරිත්‍ර වලින් තොරව සිදු කෙරිණ.
අයිවන්ට අවසාන ගෞවරය දැක්විම සදහා ගාල්ල කරාපිටියේ රුහුණු මල් ශාලාවට මාධ්‍යවේදීන් ,කලාකරුවන්, සමාජ ක්‍රියාකාරකයින්, දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

අයිවන්ගේ අවසන් කැමති පත්‍රය
1)මරණයට පත් වු පසු අවසන් කටයුතු හැකි ඉක්මනින් පැය 24ක තුළ කිරීමට සුදුසුය අවසන් කටයුතු චාරිත්‍රානුකුල උත්සවයක් බවට පත් නොකරගතයුතුය. ආගමික චාරිත්‍ර නොමැති විය යුතුය.
2)දරුවන් තිදෙනාට මරණය ගැන දැනුම් දුන්නාට වරදක් නැතත් ඔවුන් විදේශ රට වල හෝ ලංකාවේ ඉක්මනින් පැමිණිය නොහැකි තරම් දුර ප්‍රදේශයක සිටින්නේ නම් අවසන් කටයුතු සදහා ඔවුන් සහභාගීකර ගැනීම අවශ්‍ය නැත.
3)අවසන් කටයුතු ඥාතී හිත මිතුරන්ට රාවය කාර්ය මණ්ඩලයට සමාජිකයින්, පාඨකයන්ට හෝ මහ ජනයාට දැනුම්දිය යුතු නැත.
4)එය සියලු දෙනාට මරණය ගැන දැනුම් දිය යුත්තේ පොඩි පුවත්පත් දැන්විමකින් අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුවය. සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් පල කළ යුතු දැන්විමේ ආදර්ශයක් මේ ලේඛනයේ යා කොට ඇත.
5)අවසන් කටයුතු වලින් පසුද මරණකරුවා වෙනුවෙන් පවත්වන සම්ප්‍රදායික චාරිත්‍රවලින් වැළැකී සිටිය යුතුය.
