ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා වෘත්ත‍ීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හතලිස් පස් වන (45)  සංවත්සරය පෙරේදා (21) කො‍ළඹ ඩි.ආර් . විජේවර්ධන මාවතේ පිහිටි නෝමි නෝමි තායි රෙස් ස්ටෝරන්ට් (සීනෝර් හෝටලයේ ) හිදී උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

එම අවස්ථාවට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සමාජිකයින් එකසිය විසිපස් දෙනෙකු(125) පමන පිරිසක් සහභාගි වී සිටියහ.

විශේෂිත ආරාධිතයන් ලෙස ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා වෙනුවට එම මහ කොමසාරිස් කාර්යාලයේ පලමු ලේකම් නව්‍යා සින්ග්ලා සහ ලෙක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිසිර යාපා ද සහභාගි වී වුන්හ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ ‌ලේකම් රංග බණ්ඩාරනායක සංවත්සරයට පැමිණි සිටි ආරාධිතයන් මෙන්ම සමාජිකයින් උනුසුම් අයුරින් පිළිගත්තේය‍. සංගමයේ සභාපති දුමින්ද සම්පත් සංවත්සරයේ අරමුණ සහ ආ ගමන් මග කතා කරමින් විධායක කමිටුවේ කැප විම ඇගයීමට ලක් කළේය. පසුව ප්‍රධාන අරාධිත දේශනය ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් සින්ග්ලා පැවැත් වු අතර ලෙක්හවුස්  ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිසිර යාපා ද මෙහිදී අදහස් දැක්විය.

මෙම සංවත්සර සභාවේ විශේෂ අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය අනුමැතියෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් සංගමය මාධ්‍ය හැදුම්පතක් මෙහිදී මාධ්‍යවේදීන් හට පිරිනමන ලදී. රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව හැදුනුම් පත් නිකුත් කිරීමේදී දමන ලද විවිධ තහංචි මෙන්ම ආ‍ණ්ඩු විවේචනය කරන මා‍ධ්‍යවේදීන් නොසලකා හැරීම මිට හේතු වී ඇත.

සංවත්සර සභාව ඉංග්‍රීසි සහ සිංහල බසින් මෙහෙය වන ලද්දේ morning වෙබ් අඩවියේ කර්තෘ ලහිරු දොලොස්වල සහ රූපවාහානි සංස්ථාවේ නිවේදීකා නිශාදී බණ්ඩාරනායක විසිනි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ පෙර ගමන්කරු වු වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය ආරම්භ කරන ලද්දේ 1979යේ ඔක්තෝම්බර් 09 වනදා කොළඹ පදනම් ආයතනයට රැස් වු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන් වෘත්තීය පත්‍ර කාලාවේදින් සංමගය පිහිටුවා ගත්හ. එහි පලමු සභාපති ලෙස කාරියකරවන ද ලේකම් ලෙස නිව්ටන් සෙනෙවිරත්න ද භාණ්ඩාගාරික ලෙස ආර් . සිවගුරුනාදන් තේරි පත් විය.

1987 අංක 46 දරණ පාර්ලිමේන්තු පනත් කෙටුම් පනත යටතේ ස්ථාපිත කරන ලද අතර කැබිනට් මණ්ඩයේ අනුමැතියෙන් 2009 වර්ෂයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

2007 වර්ෂයේදී මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබද කොළඹ ප්‍රකාශනය1998 අත්සන් කළ සංගමය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ හවුල්කරුවෙකු බවට පත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පුවත්පත් පැමිණි කොමිසමේ සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකු ලෙස නියෝජනය කිරිමට සංගමයට අවස්ථාව හිමි විය.

වර්ෂ 2014 දී වෘත්තීය සමිති ආඥා පනත යටතේ වෘත්තීය සමිතියක් ලෙස සංගමය ලියාපදිංචි කරන ලදී. එම වර්ෂයෙදීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ  සම්මේලනයේ සමාජිකත්වය ලබා ගත්  ප්‍රථම සංවිධානය වන අතර එම සම්මේලනයේ පුර්ණ සමාජිකයෙකි.

මෙරට පාලනය කළ සෑම ධනපති ආණ්ඩුවක්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය අමුඅමුවේ උල්ලංඝණය කරද්දී ඊට එරෙහිව නැගී සිටි මාධ්‍යවේදී මරා දමද්දී , පැහැරගෙන ගොස් අතුරුදන් කරද්දී සහ පහර දෙද්දී එම මැර සංස්කෘතියට එරෙහිව මාධ්‍ය සංවිධාන අතර නොබිය පෙනී සිටියේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් සංගමයයි.

ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
ඉන්දිය මහ කොමසාරිිි කාර්යාලයේ පලමු ලේකම් නව්‍යා සින්ග්ලා පිළිගත් අයුරු.
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
සින්ග්ලා සංගමයේ සමරු පොතේ සටහන් තබමින්.
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
ආරාධිත අමුත්තන්
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
ශ්‍රී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් අදහස් දක්වමින්
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් රංග බණ්ඩාරනායක පිළිගැනීමේ කතාව කරමින්
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
රූපවාහිනී සංස්ථාවේ සහෝදරයෙකු ගීතයක් ගයනා කරමින්.
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ පලමු ලේකම් නව්‍ය සින්ග්ලා සංගමයේ භාණ්ඩාරික නඩරාසාට මාධ්‍ය හැදුනුම්පත පිළිගන්වන අවස්ථාව
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
ධනපති ආණ්ඩු විසින් මරා දමන ලද, අතුරුදන් කරන ලද සහ මිය ගිය මාධ්‍යවේදීන් අනුස්මරණය කරමින්.
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??
ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි
??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *