සමහර සිද්ධීන් උඩ අරගලකරුවන් කොන්දේසී විරහිතව නිදහස් කරන්නැයි කිව නොහැක- අමාත්‍ය නලින්ද ජයතිස්ස

සමහර සිද්ධීන් උඩ අරගලකරුවන් කොන්දේසී විරහිතව නිදහස් කරන්නැයි කිව නොහැක- අමාත්‍ය නලින්ද ජයතිස්ස

ගාලුමුවදොර අරගලයේ අරගලකරුවන් එරෙහිව පනවා ඇති නඩු සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා නීතිපති දෙපාර්මේන්තුව සමග සාකච්ජා කර ගත හැකි උපරිම ක්‍රියාමාර්ග මොනවාද යන්න ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් සමහර නඩු ගොනු කර ඇති ආකාරය පිළිබද ප්‍රශ්න ඇති බවත් සමස්ත නඩු සම්බන්ධයෙන් එක පිළිතුරක් ලබා දිය නොහැකි බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලිද ජයතිස්ස පැවසීය.

එම නඩු එකින් එක සලකා බලා සාධාරණ විසදුමක් ලබාදීමට නීතිපති දෙපාර්මේන්තුව මැදිහත් වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා එසේ අවධාරණය කළේය ඊයේ (28) පොල්හේනගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දිමේ ප්‍රවෘත්තී සාකචිජාවේදී “අරගලයේ සිදු වු සිද්ධීන් වල දී අරගලයට සහභාගි වු කිසිවෙකු සැලසුම් සහගතව හෝ චේතනාන්විතව අපරාධ වල යෙදුනේ නැහැ. ආණ්ඩුවේ මන්ත්‍රීවයෙකුත් ඝාතනය කළා . ඒ අවස්ථාවේ හට ගත් තත්වයන් අනුව සිද්ධ වු දෙයක්. එවකට ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා, ඒවාට කෝටි ගණන් වන්දි ගෙව්වා. අරගලකරුවෙකු ජුලි 09 වෙනිදා අරගලියගහ මන්දිරය ඉදිරිපිට මළා. මැයි 09 වෙනිදා ජුනි 09 දා අරගල භුමීයට එල්ල කළ ප්‍රහාර වලින් අරගලකරුවන්ගේ දේපල පොලිසිය මංකොල්ල කෑවා. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට අරගෙන නැහැ . අරගලකරුවන් විශාල අසා‍ධාරණයක් වෙලා තියෙනවා. නඩු පවරලා තියෙන සියලුම දෙනා කොන්දේසී විරහිතව නිදහස් කරන්නැයි “ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *