උඹලාගේ තානාපති කාර්යාලයේ නිලධාරීන් දුෂිතයි -ඉතාලි පොලිස් ප්‍රධානියෙක් පවසයි

උඹලාගේ තානාපති කාර්යාලයේ නිලධාරීන් දුෂිතයි -ඉතාලි පොලිස් ප්‍රධානියෙක් පවසයි

ශාන්ත විජේසුරිය විසිනි.

නිලන්ති චාන්දනි ගමගේ ඉතාලියට යන්නේ 2012 වර්ෂයේදීය. ඇය ඉතාලියට පැමින ඇත්තේ එවකට පොදු පෙරමුණේ ආණ්ඩුවේ හිටපු සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසේන සුරිආරච්චිගේ ලේකම් රජිව් (මොරටු ප්‍රදේශයේ) සමග සංචාරක විසා මාර්ගයෙනි. ගමගේ ඉතාලියට පැමින ඇත්තේ තරුණයෙකු  සහ තරුණියෙකු සමගය. තරුණයා සහ ඇය ඉතාලියේ නතර වී ඇති අතර  එම  ලේකම්වරය අනෙක් කාන්තාව ප්‍රංශයට දමා ගොස්  ඇත. ඇමතිගේ ලේකම් ඇය ඉතාලියට ගෙනැවිත් දැමීම සදහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාගෙන ඇත. රජිව් වැනි මිනිස් ජාවාරම්කරුවන්ට අසු වු දහස් ගණනක් ඉතාලියේ අතර මං වී සිටිති.

ගමගේ 2018 ඉතාලි රජයෙන් සංක්‍රමණිකයන් හට මානුෂික හේතුන් මත ලබා දෙන වීසා වලට ඉල්ලුම් කර ඇත. එම වීසා ඉල්ලුම් කිරීමට ඇය හේතු වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ ගමගේ ගේ දැරියගේ ආබාධිත තත්වයයි. වර්ෂ 2019 යේ ඇය ඉතාලි රජයෙන් හැදුණුම් පතක් නිකුත් කර ඇති අතර එම හැදුණුම්පත ලැබිමත් සමග සේවාදායකයෙකු සමග ගිවිසුම් ගැසීමේ වරප්‍රසාදය හිමි වේ. හැදුණුම් පත ලබා දීමෙන් නොනවතින ඉතාලි රජය පලමුව  ,දෙවනු සහ තුන්වනු වශයෙන් කොමිසම් තුනකට ඇය කැදවා ශ්‍රී ලංකාවෙන් පිට වීමට බලප‍ෑ හේතු , පවුලේ විස්තර සහ ලංකාවට සල්ලි යවනවාද ආදි තොරතුරු ඇයගෙන් විමසා ඇත.

“මගේ දරුවා ආබාධිතයෙක්. සැමියාට රැකියාවක් නැහැ. ඔහු මතට මෙන්ම සුදුවටත් ඇබ්බැහි වෙලා. රස්සාවක් කළ ද ගන්න වැටුප මදි ජිවත් වෙන්න බැහැ. ගෙයක් දොරක් හරියට නැහැ. දරුවා ආබාධිත නිසා වාහනයක් නැතුව රෝහලටවත් අරගෙන යන්න බැහැ . ලංකාවේ බස් වල රෝද පුටු දාන්න බැහැ. ලංකාවේ බස් වලට නගින්න ඔ්නේ පඩි පෙළවල්  තුනක් නැගලා .ආබාධිතයෙකුට තියා  වයසක මනුෂයෙකුටවත් බස් එකට නැග ගන්න බැහැ.ලංකාවේ රජයෙන් ආබාධිත අයට උදව් කරන්නේ නැහැ. තමා ඉතාලියට පැමිණියේ ආබාධිත දරුවට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් ගෙයක් දොරක් සාදා ගැනීමේ අරමුණින් බව” ගමගේ කොම්සම් හමුවේ පැවසු  බව ඇය අප සමග කීවාය.

ලංකා රජයෙන් සමෘද්ධි සහනාධාර සහ ආබාධිත අයට මාසිකව මුදලක් ලබා දෙනවා නේද ? කියලා කොම්සම් නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර සමෘද්ධි කියලා එකාක් දෙනවා එකෙන් ජිවත් වෙන්න බැහැ . එක දෙන්නෙත් මන්ත්‍රිවරු සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් නිර්දේශ කරන අයට පමණක් බවත් අබාධිතයන්ට ගෙවන සොච්චම් මුදලක් බව ඇය කොමිසම් හමුවේ පවසා ඇත.

අවසාන කොමිසමෙන් පසුව ඇයව අධිකරණයට යොමු කර ඇත. ගමගේට සර්ජොන් එක ඉතාලියේ රැදි සිටිමේ සහ රැකියා කිරීම සදහා ලබා දෙන බලපත්‍රය) දෙනවාද නැද්ද කියලා අවසානයේ තීරණය කරන්නේ අධිකරණය මගින්ය. 2020 ඇයට සර්ජොන් එක අධිකරණය මගින් ලබා දෙන අතර ඇයට එය ලැබෙන්නේ 2021 ජුනි මාසයේදීය. ඇයට ලබා දි තිබු සර්ජොන් බලපත්‍රයේ වලංගු කාලය අවුරුදු දෙකකි. ගමගේ ගමන් බලපත්‍රයේ  අවලංගු වීමට නියමිතව තිබුනේ 2022 ජනවාරි මාසයේදීය. ගමන් බල පත්‍රය 2022 ජනවාරි මාසයේ කල්ඉකුත් වන නිසා දිර්ඝ කර දෙන්නැයි ඇය ඉතාලි ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.

මේ සර්ජොන් එක විශේෂ අයට දෙන එකාක් (මානුෂික හේතු මත)  ඔයා මේක ගන්න රට පාවා දුන්නා ද දන්නේ නැහැ. ඒ නිසා සෝජෝන් එක මරු කරගෙන එන්නැයි එවකට ( 2022 වර්ෂයේ)ඉතාලි ශ්‍රී ලංකා තානාධිපති ජගත් වැල්ලවත්ත ඇයට පවසා තිබිණ. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාථීකාචාරවරයෙකු ලෙස සේවය කොට ඇත. ඇයට ලැබිලා තිබෙන බල පත්‍රය තානාපති මාරු කරන්න කියලා තියෙන්නේ අවුරුදු දෙකකට දෙන Lavoro suberdinato බලපත්‍රයට.( ඉතාලි රජය නීත්‍යානුකුල හෝ නොවන අයට පලමුවෙන් නික්තු කරන බලපත්‍රය) ඉතාලියට නීත්‍යානුකුව ඇතුල් වෙන්න නම් , ශිෂ්‍ය , පවුල ,සංචාරක සහ රැකියා වීසා ලබා ගත යුතුය. එම වීසා කාලය ඉවර වුණාට පසු සර් ජොන් එක දෙනවාද? නැද්ද? යන්න තීරණය ඉතාලි රජය සතුය.

“මම සර්ජොන් එක වෙනස් කර ගන්න ඉතාලි රජයෙන් අවස්ථාවක් ඉල්ලුවා. නමුත් සංක්‍රමණිකයන් වැඩි කියලා appoinment  ලැබුනේ නැහැ. බෙහෙත් ගන්න පවා ගමන් බලපත්‍රය ඉල්ලනවා. ඔය අතරවරේ ගමන් බලපත්‍රය කල් පිරුණා. පස්සේ තානාපති කාර්යාලයට ඇගිලි සලකුනු දෙන්න සටන් කරන්න වුණා. පස්සේ තානාපති  කාර්යාලයෙන් මගේ පින්තුරයක් උඩ අත්සන සහ තානාපති කාර්යාලයේ මුද්‍රව තබලා ලියුමක් නිකුත් කළා. ලියුම දීලා කිව්වා සර්ජොන් එක අරගෙන එන්න ඊට පස්සේ ගමන් බලපත්‍රය දෙන බව” එහි නිලධාරිනියක් පැවසු ගමගේ අප සමග කීවාය’

ඇයට සර්ජොන් එක ගන්න තිබුනේ 2024 මාර්තු මාසයේදීය. නමුත් ගමගේ 2023 අගෝස්තු මාසයේ සිට  මාසයකට දෙපාරක් ගමන් බලපත්‍රය ඇවිල්ලා දැයි බැලන්න තානාපති කාර්යාලයට ගොස් ඇත.  ගමන් බලපත්‍රය ඇවිල්ලා නැති අතර ගමන් බලපත්‍රය අලුත් කිරීම සදහා යැයි ගමගේ තානාපති කාර්යාලයට යුරෝ 350 ක් ගෙවා ඇත . තානාපති කාර්යාලයෙන් ඇයට මුදල් ගෙවු  බවට කහපාට රිසීට් පතක්ද නිකුත් කර තිබේ. ගමන් බල පත්‍රය නොලැබුන හොත් නැවත මුදල් නොගෙවන බවටත් එහි සම්පුර්ණ වගකිම සහ පාඩුව තමා දරා ගන්නා බවට ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇයගෙන් ලියයුමකට අත්සන් ලබා ගෙන තිබුණි.

උඹලාගේ තානාපති කාර්යාලයේ නිලධාරීන් දුෂිතයි -ඉතාලි පොලිස් ප්‍රධානියෙක් පවසයි

ලංකාවේ මොනම විදියකින්වත් ජිවත් වෙන්න බැරි නිසා ගෙවල් දොරවල් සහ හතර වටේම ණය වෙලා රට යන ජනයාට එම රට වල තානාපති කාර්යාල වල වැඩ කරන නිලධාරීන්ගේ සුරා කෑමට මෙන්ම අඩම්තේටම් වලට ද මුහුණ පෑමට ද සිදු වී ඇත. ඉතාලි තානාපති කාර්යාලය ගමගේ ගේ ගමන් බලපත්‍රය අලුත් කර දීම සදහා මුදල් ලබාගෙන ඇත්තේ පාතාල සමාජිකයින් බලහත්කරයෙන් කප්පම් ලබා ගන්නා අයුරින්ය.විශේෂයෙන් මැදපෙර දිගට ගෘහ සේවය සදහා පිටත්ව යන කාන්තාවන්ට එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල නිලධාරීන්  බලහත්කාරකම් කළ අවස්ථා ද වාර්තා විය.

උඹලාගේ තානාපති කාර්යාලයේ නිලධාරීන් දුෂිතයි -ඉතාලි පොලිස් ප්‍රධානියෙක් පවසයි

ජගත් වැල්ලවත්ත සමාජ විද්‍යාව පිළිබද විද්‍යාර්ථීයෙකු යැයි සදහන් තිබුනත් “රට පාවා දිලා” ද සර් ජොන් එක ලබා ගත්තේ යැයි ඇයට දමා ගැසිමෙන් ඔහුගේ විද්‍යාර්ථ පල්ල ගැලවි ගොස් ඇත. වැල්ලවත්ත ගමගේ ඉදිරිපිට හැසිරි ඇත්තේ සිංහල ස්වෝත්තමවාදී නරුමයෙකු ලෙසින්ය.

 ඇය ගමන් බලපත්‍ර ගැන ප්‍රශ්න කරද්දී , එම ගමන් බලපත්‍ර ඉල්ලුම් පත්‍රය යවන්න ඉතාලි පොලිසියෙන් ලියුමක් අවශ්‍ය නිසා ඉල්ලුම් පත්‍රය යැව්වේ නැතැයි එම තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ඇයට පවසා ඇත.

ලංකාවේ තානාපති කාර්යාල කියන වර්ගයේ ලියුමක් ඉතාලි පොලිසියෙන් දෙන්නේ නැති බව දැනගෙනත් ඇය උත්සහ කර තියේනවා ලියුමක් ගන්න . ඉතාලි රජයේ ලංජනය ගහලා අපි ඔයාට කොලයක් දිලා තියෙද්දත් තවත් මොනවාද ඔයා ඉලන්නේ යනුවෙන් පොලිස් නිධාරියෙකු තමාගෙන් ප්‍රශ්න කළ බවත් උඹලාගේ තානාති කාර්යාලය දුෂිත යැයි එම නිලධාරීයා කී බව ඇය අප සමග පැවසුවාය.

ගමගේ ගේ ගමන් බලපත්‍රය අලුත් කිරීමේ ඉල්ලුම් පත්‍රය ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් යවලා තියෙන්නේ 2024 ජනාධිපතිවරණයට සති දෙකකට පෙරය. ඒ වන තෙක් ඉල්ලුම් පත්‍රය තානාපති කාර්යාලයේ තබාගෙන සිට ඇත.  පසුව ඉල්ලුම් පත්‍රය යවා ඇත්තේ ඉතාලි රජයෙන් ඇයට දී තිබු appoinment later එක ද නොමැතිවය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේන් ගමගේ ගේ ඉල්ලුම් පත්‍රය නැවත ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යවා ඇත. Appointment later එක අමුණා නැවත ඇගේ ඉල්ලුම් පත්‍රය ලංකාවේ ආගමන විගමන දෙපාර්මේන්තුවට යැවු බව ඉතාලි තානාපති කාර්යාලයෙන් පැවසුවත් ඒ විශ්වාසයක නැති බව ඇය සදහන් කළාය. ගමන් බලපත්‍රය අලුත් කිරීම සදහා ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගමගේ ඉල්ලුම් පත්‍රය ලබා දී ඇත්තේ 2022 වසරේදීය. අවුරුදු දෙකහමාරකට අධික කාලයක් තානාපති කාර්යාලය ඇයව රස්තිදු කර ඇතුවා පමනක් නොව ගමගේට ඇයගේ දරුවන් බැලීම සදහා ශ්‍රී ලංකාවට යෑමට ඇති අයිතිය පවා අහිමි කර ඇත.

 ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සදහා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්මේන්තුවට බාරදුන් බව ඉතාලි තනාපති කාර්යාලය මගින් පැවසුවත් ආගමන විගමන නිලධාරීන් පවසන්නේ ඒවැනි ගමන් බලපත්‍රයක් ආගමන විගමන දෙපාර්මේන්තුවට එවා නැති බවයි.  

පසුගිය සතියේ ඇයගේ සොයුරිය බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්මේන්තුවට ගොස් ගමන් බලපත්‍රය ගැන විමසා ඇති බවත් එහි දී ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් එම නම සදහන් ගමන් බලපත්‍රයක් එවා නොමැති බව පවසා ඇත.  ගමගේ සොයුරිය  ඒ අවස්ථාවේ ඉතාලි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ රැදි සිටි සොයුරියට දුරකතනයෙන් කතා කර එම තානාපති කාර්යාලය මගින් ආගමන විගමන දෙපාර්මේන්තුවට ඇයගේ ගමන් බලපත්‍රය එවා නැතැයි පවසන බව කියා ඇත. එම අවස්ථාවේම  ඉතාලි ශ්‍රි ලංකා තානාපති කර්යාලයෙන් ආගමන විගමන කාර්යාලයට කතා කර ලංකාවට එවන ලද යොමු අංකය ඉදිරිපත් කර ඇත.  නමුත් ගමගේ ගේ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්මේන්තුව සතුව නැතැයි එම කාර්යාලයේ සේවකයෝ පවසති.  ආගමන විගමන දෙපාර්මේන්තුවේ නිලධාරීන් මෙන්ම සේවකයෝ විවිධ ආඩුපාඩු කියමින් මුදල් ගැරීමට තවමත් කටයුතු කරන බව ආගමන විගමන ආරංචි මාර්ග සදහන් කරයි.

උඹලාගේ තානාපති කාර්යාලයේ නිලධාරීන් දුෂිතයි -ඉතාලි පොලිස් ප්‍රධානියෙක් පවසයි

සයිප්‍රස් රටේ සේවය කරන තරුණයෙකු ගමන් බලපත්‍රය අලුත් කර ගැනීම සදහා එම රටේ ශ්‍රී ලංකා තානාපති කර්යාල හරහා ආගමන විගමන කාර්යාලයට එවා අවුරුදු එකහමාරක පමන කාලයක් ගත වී ඇතත්  එය අලුත් කර දෙන්නට කටයුතු කර නැත. ගමන් බලපත්‍රය නොමැතිව එම තරුණයාට රැකියාවකට හෝ පාරටවත් බැසීමට හෝ නොහැකි තත්වයක්  උද්ගතවි ඇතැයි ඔහුගේ සොයුරෙක් ගමගේ ගේ සොයුරිය සමග පවසා ඇත.  

පිටරට ව්‍යාපාර කටයුතු වල නිතරව සිටි ලංකිකයන්ට නිසි වෙලාවට ගමන් බලපත්‍ර අලුත් කරගැනීමට නොහැකි වුවහොත් ව්‍යාපාර පවා අහිමි වන නිසා සියලු කටයුතු අතහැර දා ගමන් බලපත්‍රය අලුත් කර ගැනීම සදහා ටිකට් වලට මුදල් වියදම් කරගෙන ලංකාවට පැමිණ සිට යුවලක් ද ආගමන විගමන  කාර්යාලයේ දී මුණ ගැසුනු බව ඇය අප සමග වැඩිදුරටත් පැවසුවාය.   

ලක්ෂ හැත්තෑවට (70) ආසන්න සංඛ්‍යාවක්  ලෝකය පුරා ශ්‍රමිකයන් විධියටත් සංක්‍රමණකයින් විධියටත් ජිවත් වෙති. එම පිරිස් වාර්ෂිකව ලංකා ආර්ථිකයට දක්වන දායකත්වය ඩොලර් බිලියන (07) හතකි. ඉතාලියේ වෙසෙන ශ්‍රමිකයෝ පමනක් වාර්ෂිකව ඩොලර් බිලියනයක් උපයති. එම රටවල තානාපති කාර්යාල පිහිටුවා ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සදහා මෙන්ම එකී රටවල ජිවත්වෙන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ අවශ්‍යතාවයන් වෙනුවෙන්ය. නමුත් එම තානාපති කාර්යාල වල නිලධාරීන් එම රටවල ජිවත් වෙන ශ්‍රමිකයන්ට සලකන්නේ වහලුන් මෙනි. ඊට ඇති හෙදම උදාහරණය ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වේ.

පසුගිය වසර 10 තුළ පමනක් ඉතාලියට තානාපතිවරු 04 දෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් කිසිවෙකුත් ශ්‍රමිකයන් මුහුණ සැබෑ ගැටළු වලට විසදුම් සෙවීමට අපොහොසත් වු බව ඉතාලි ලංකීක ශ්‍රමිකයෝ පවසති.

පැවැති ධනපති ආණ්ඩු වලට මෙන්ම ජාතික ජන බල ආණ්ඩුවට ද ශ්‍රමිකයන් පිළිබද වගේ වගක් නැත.

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියට ද වලංගු කරමින් අත්සන් කළ ගිවිසුමට අහෝසී වී වසර තුනක් ගත වී ඇතත් එය යවත්කාලීන කිරීමට මේ වන තෙක්  බලධාරීන් කටයුතු කර නොමැත. රියදුරු බලපත්‍රය නොමැති නිසා වීසා ලබා ගැනීමට ද බලපා තිබේ . සර්ජොන් එක ලබා ගැන‍ීම සදහා ගමන් බලපත්‍රය අනිවාර්ය වන අතර ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ගමන් බලපත්‍ර ලබා දීමට කටයුතු නොකරන නිසා ශ්‍රමිකයන්ට මෙන්ම සංක්‍රමණිකයන්ට බලවත් දුෂ්කරතා වලට  මුහුණ පෑමට සිදු වී ඇති බව එම ශ්‍රමිකයෝ පවසති.

පිලිපීනය , බංගලාදේශය, පකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු රටවල ශ්‍රමික සහ සරණාගත භේදයකින් තොරව එම රටවල තානාපති කාර්යාල ප්‍රමාදයක් නැතිව ගමන් බලපත්‍ර බලා දෙන බව පැවසු සරණාගයෙකු අපේ රටේ තානාපති කාර්යාලය කිසිම කමකට නැතැයි කීය.

ජාතික ජන බල ආණ්ඩුව පැමිණියාට පසු 2024 ජුලි 04 වන දින පත් නව තානාපතිවරයා සමග ඉතාලි වල වෙසෙන ලාංකික කම්කරුවෝ සහ සරණාගතයන් කතා කළ ද මේ මොහොත වන තෙක් පිළිතුරක් ලැබි නැති බව ඔවුහු පැවසුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *