කැතයි ,ලැජ්ජයි, ආණ්ඩුවේ ඊනියා පුනරුදය මේ -ජානිපෙ නායක විමල් විරවංශ

සදේ ගින්දර නම් නවකතා පොත එළිදැක්විම උත්සවය සදහා ජාතික නිදහස් පෙරමුණ විසින් කොළඹ ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය නිත්‍යනුකුලව පෙබරවාරි 07 වනදාට (එනම් හෙට ) වෙන කරගෙන තිබියදීත් පෙබරවාරි 05 වනදා එම පොත එළිදැක්වීම සදහා එම ස්ථානය ලබාදීමට නොහැකි බව ජාතික ලේඛනාරක්ෂක ආයතනයේ නිලධාරිනියක් දුරකතනයෙන් කතා කොට පවසා ඇත.
එම නවකතා පොත ජාතික නිදහස් පෙරමුණේ නායක හා හිටපු පාර්ලාමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ලියන ලද්දකි.
උත්සවයට දින දෙකකට පෙර ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවනාගාරය ලබාදිය නොහැකි යැයි දැනුම් දීමෙන් උත්සවයේ සංවිධාකයන් බලවත් ලෙස අපහසුතාවය පත් වු බවත් ඒ වන විටත් බොහො දෙනෙකුට ආරාධනා පත්‍ර යවා ඇති නිසාත් බස්නාහිර සෞන්දරය නිකේතය ඊට වඩා වැඩි මුදලක් ගෙවා වෙන් කරගත්තද එම ස්ථානය පිළිබද දැනුම් දිමට කාලය ප්‍රමානවත් නැති බවත් නිත්‍යනුකුලව වෙන් කරවාගෙන තිබියදී පසු එම ස්ථානය ලබාදිය නොහැකි යැයි දැනුම් දුන්නේ ලේඛනාරක්ෂක නිලධාරීන්ගේ අවශ්‍යතාවයක් මත නොව ඉහලින් ලැබුණු නියෝගයක් මත බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ජාතික ජන බල ආණ්ඩුව බලයට පත් වී මාස දෙකක් යන මත්තෙන් සමාජවාදී සමනතා පක්ෂයේ සමාජවාදී සමනතාවය සදහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සහ තරුණයෝ සංවිධනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ශිෂ්‍යයන්ගේ අනුග්‍රයෙන් පවත්වන්ට ගිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පරාජය කරන්නේ කෙසේද යන දේශනය එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මැදහත් වී තහනම කරන ලදී. ඔහු එම දේශනය තහනම් කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති විචේනය කරන්නට ඉඩ දිය නොහැකි යැයි කියමින්ය.
එම දේශනය තහනම් කිරීමට විශ්ව විද්‍යාල ශාස්ත්‍රාලකයින් ,ශිෂ්‍යයන් ,බුද්ධිමතුන් , ජනමාධ්‍යවේදීන් සහ මහජනයා ඊට එරෙහි වුහ.
පේරාදෙණිය සිද්ධිය උඩ මහජනයා ජාජබ ආණ්ඩුව එරෙහිව පෙළගැසෙද්දී, ඊට සම්බන්ධයක් නැතැයි පවසමින් ආණ්ඩුව ආදේකුමෙන් ලිස්සා ගියේය.
වීරවංශගේ සදේ ගින්දර නම් නවකතා පොත එළදැක්විමේ උත්සවය අවසාන මොහොතේ කඩාකප්පල් කිරීමට ආණ්ඩුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මෙන්ම ලේඛනාරක්ෂක නිලධාරීන් අතකොළුවක් ලෙස පාවිච්චි කර තිබේ.
සමාජවාදී ගොවි සංවිධානය සහ තවත් ගොවි සංවිධාන එකතු වී “ගොවි කුඩිත්තෝ සහ අම්බරුවෝ ” නමින් හම්බන්තොට අගුණුකොළ පැලැස්සේ පැවැත්වීම සුදානම් කර තිබු සම්මන්ත්‍රණය ශාලාවට ජවිපෙ මැරයෝ කඩා පැන සංවිධාකයන්ට බැණ තර්ජනය කර සැරසිලි හා බැනර් කඩා දමා , සම්මන්ත්‍රණය කඩාකප්පල් කළහ.
ලේඛනාරක්ෂක ශ්‍රවනාගාරය මුල දී ලබාදී පසුව අවංගු කිරීමට විරෝධය පල කරමින් ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේ පැවත් වු මාධ්‍ය හමුවේදි විමල් විරවංශ පල කළ අදහස් පහතින් පල වේ.
“ මගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ මාර්තු 07 වෙනිදාට. මා විසින් මගේ ජිවන අත්දැක්ම් මත පදනම්ව ලියපු සදේ ගින්දරම් පොත නම් නවකතා පොත එළිදැක්විම සදහා ජාකිත ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කර ගත්තා. පෙබරවාරි 05 කතා කරලා කියනවා පොතේ වැඩේ එම ස්ථානය දෙන්න බැහැ කියලා. අපි මුදල් ගෙවලා නිත්‍යානුකුව තමයි ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය ගත්තේ. එම ස්ථානයේ පැවැත්වෙනවා කියලා ආරාධන පත්‍ර සහ ප්‍රචාරක කටයුත් කළාට පස්සේ කියනවා ශ්‍රවණාගාරය දෙන්න බැහැ කියලා. අපි මිට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයකට යනවා. මේක සාහිත්‍ය කෘතියක් එළිදැක්විමක්. ආණ්ඩුව සාහිතය කෘතියකට මෙතරම් භය ද? මේ තීන්දු ගෙන තිබෙන්නේ ලේඛනාරක්ෂක ආයතනයේ බලධාරීයාටත් වඩා ඉහල පුද්ගලයෙක් . මේක ඉතාම කැත සම්ප්‍රදායක්, ලැජ්ජා විය යුතු සම්ප්‍රදායක් ,ඊනියා පුනරුදයේ හෙළුව පේන සම්ප්‍රදායක් විධියට තමයි අපි මේක දකින්නේ.”