කොටහේන ද්ත්ව ඝාතනයට ආදාළ සාක්කිකරුවන් සහ චුදිතයන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න- මහේස්ත්‍රාත්

කොටහේන පොලිසිය මගින් ආයුධ පෙන්වන්නට යැයි කාකා දුපතට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රගාස් නිර්මානන්දන් සහ අශෝක ලක්මාල් යන අයවලුන්ව මරා දමන ලද චුදිතයන් සහ සාක්කිකරුවන් මාර්තු 14 වන දා වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ අලුත් කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයයේ මහේස්ත්‍රාත්වරිය විසින් අද (07) නියෝග කළාය.
එම ද්ත්ව ඝාතනයට ආදාළව චුදිතයන් සහ සාක්කිකරුවන් මෙතෙක් හදුනාගෙන නැතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති බවත් එහි දී විමතිය පල කළ මහේස්ත්‍රාත්වරිය චුදිතයින් සිටින්නේ පොලිසිය ඇතුලේම යැයි පවසා ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් සැකකරුවන් අත්යඅඩංගුවට ගෙන ඇත්තේ පෙබරවාරි 20 වනදා රාත්‍රියේ වන අතර ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන්නේ පෙබරවාරි 21 වනදා අළුයමය.
ලක්මාල් සහ නිර්මානන්දන් කොටහේන විදීය පාරේ ජංගම දුරකතන අලෙවි සැලක හිමිකරුවෙකු වන ශෂි කුමාර්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන කොටහේන පොලිසියට බාර දී ඇති බවත් පසුව කොටහේන පොලිසිය මගින් සැකකරුවන්ට අමානුෂික පහර දී සැකකරුවන් විසින් සගවා තැබුවා යැයි කියන පතරෝම් වගයක් පෙන්වීම සදහා රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර තිබිණ.
ශෂි කුමාර්ට සැකකරුවන් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ලක්ෂ පහක කොන්ත්‍රාත් එකකට බවත් කුමාර් බටුවත්තේ චාමරේගේ පාර්ශ්වයට අයත් පුද්ගලයෙකු බවත් ගනේමුල්ල සංජිව ඝාතනයට පලි ගැනීමක් වශයෙන් එම ඝාතනය සිදු කර ඇතැයි පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග සදහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මරණකරුවන්ගේ ඥාතීන්ට පෙරබරවාරි 27 වනදා අධිකරණයට පැමිණෙන් යැයි දැනුවත් කර නැවත මාර්තු 07 වනදා බව දැනුම් දී ඇත. පෙබරවාරි 05 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට මරණකරුවන්ගේ ඥාතීන් කතා කර උසාවි දවස විමසු අවස්ථාවේ අද(07) දින නොපැමිණෙන් යැයි ද පවසා ඇත. පොලිසිය හිතාමතා මරණකරුවන්ගේ ඥාතීන් උසාවි එම වැළැක්වීමට කටයුතු කර ඇත.
