LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ජනතාව බියවැද්දවිම සඳහා නොවෙයි

ඩීසල් නැත්තටව්ම නැතිවීම නිසා, විදුලිබල සැපයීමට ඉදිරි දින 3 තුල 37% ක් අඩුවිය හැකිය. මේ සටහන ජනතාව බිය වැද්දවීම නොව, ඇත්ත කීමය! ජූලි 2 සහ 3 දෙදිනට අවශ්ය ඩීසල් පවතින්නේ කොලොන්නාව KPS 1 හා 2 සහ මතුගම තාප බලාගාර සඳහා පමණී. පසුගිය සතියේ ලංකාවේ විදුලි බල අවශ්යතාවයෙන් 25% ක් සපයනු ලැබූවේ ඉන්ධන (ඩීසල්/දැවිතෙල්) මගිනි.

ඉදිරි දින කිහිපයේ ලංකාවේ තාප විදුලිබලාගාර එකිනෙක් වැසී යාමට නියමිතය. කැලණිතිස්ස කම්බයින් සර්කල් යන්ත්රයට මෙ.වෝ. 115 ක් සපයයි. එහි තෙල් ජූලි 2 (හෙට) ට පමණක් සෑහේ. කැලණිස්ස ජීටී7 යන්ත්රයේ තෙල් ඇත්තේ වර්ග මීටර් 100 ක් හෙවත් පැය කිහිපයකට පමණී. සපුගස්කන්ද මෙ.වෝ. 100 යන්ත්ර දෙකට දින 4 කට එනම් (ජූලි 5) දක්වා ඉන්ධන ඇත. උතුරු ජනනී (මෙ.ව. 24) හෙට දවසේ තෙල් නැතිව නවතිනු ඇත.

සොජිට්ස් (මෙ.වෝ. 130) දැනටමත් තෙල් අවසන් ය. වෙස්ට්කෝස් (මෙ.වෙ. 270) හෙට සවස තෙල් නැතිව නවතිනු ඇත. මේ ලංකාවේ ලොකුම තාප විදුලි ජනන යන්ත්ර ටිකයි. කෙටියෙන්ම සොජිට්ස් දැනටම නැවති ඇත.

වෙස්ට්කෝස්, කැලණිතිස්ස, උතුරු ජනනී, යන ප්රධාන යන්ත්ර හෙට දිනයේ නවතිනු ඇත. තවත් කුඩා බලාගාර කිහිපයකට දින 4 කට ඉන්ධන ඇත. නොරොච්චෝලේ ගල් අගුරු යන්ත්රයක් දැනටමත් අලුත්වැඩියාවට වසා ඇත. තවත් යන්ත්රයකට අමතර කොටස් සඳහා ඩොලර් මිලියන 9 ක් සොයා ගැනීමට රජය උත්සහ කරයි. බිය වැද්දවීමට නොව, සුදානම්වීම සඳහා පැවසිය හැක්කේ ඉදිරි දින 3 තුල පැය 6 කට ආසන්න විදුලිය කැපීමක් සිදු විය හැකිය.

තවත් දින 5 කින් පැය 8 දක්වා එය දීර්ඝ විය හැකිය. මේ තත්වය වෙනස් කළ හැකි එකම සාධකය ඉන්දියන් තෙල් සමාගම, හෙට දිනය තුල ඩීසල් තොගයක් විදුලිබල මණ්ඩලයට ලබාදීමෙන් පමණී. මගේ පැතුම ඉන්දියන් ඩීසල් විදුලිබල මණ්ඩලයට ලැබේවා යන්නය. ආණ්ඩුව ඉන්ධන බෙදාහැරිම නවතා දැමීමට දින 1 ½ කට පෙර මම එය ලියා තැබූවෙමි. එය සමාජ වගකීමක් ඉටු කිරීම සඳහාය. මෙය ද එසේමය. රජිත් කීර්ති තෙන්නකෝන්