දෙහි බාලේට අයත් මුදල් සහ රත්තරන් සමග බුද්ධි කොස්තාපල්වයෙකුත් අත්අඩංගුවට

දෙවුන්දර හුම්මාන මාර්ගයේදී සැක කටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී පොලිස් විහේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් රුපියල් 328, 40.000 මුදලක් සහ මාල ,මුදු සහ වළලු ඇතුළු ග්‍රෑම් 150 ක් බර රත්තරන් දෙවුන්දර දෙහිගෙදර ශේයාන් සත්සර හෙවත් දෙහි බාලේට අයත් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
එම මුදල් සහ රත්තරන් මෝටර් රථයේ පිටුපස අසුන යට සුක්ෂම ලෙස සගවා තිබියදී සොයාගෙන ඇත.
මුදල් සහ රත්තරන් සමග බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු ඇතුළු පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෝටර් රථය ධාවනය කර ඇත්තේ බුද්ධි මුලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා බව එම අත්අඩංගුවට ගැනීම සිදු කළ නිලධාරීහු පවසති.
අද අලුයම 3 ට පමන පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙවුන්දර කදවුරේ පොලිස් පරික්ෂක පී.ඒ.එන්.ඩි. ආරියරත්න ඇතුළු කණ්ඩායමක් විසින් එම අත්අඩංගුවට ගැනිම සිදු කොට තිබිණ.