නිමෙිෂ් ඝාතනය කළා ද? මිය ගියා ද? යන්න දැන ගැනීමට තවත් කල් යයි ! CID එක නිමෙිෂ්ට මඩ ගසයි !

නිමෙිෂ් ඝාතනය කළා ද? මිය ගියා ද? යන්න දැන ගැනීමට තවත් කල් යයි ! CID එක නිමෙිෂ්ට මඩ ගසයි !

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධරිිියා ඇතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් මරා දමන ලද මුතුවාඩිගේ සත්සර නිමෙිෂ්ගේ මරණ පරික්ෂණය දෙවන වරටත් ඊයේ (28) කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවෙිද ආයතනය මගින් සිදු කරන ලද අතර නිමේෂ්ගේ ශරීරයේ කොටස් රස පරික්ෂකට යවා ඇති බැවින් , ඔහුගේ මරණය සිදු වුයේ කෙසේද යන්න ප්‍රකාශ කිරීමට මාස දෙකක පමන කාලයක් ගත වන බවත් අප්‍රේල් 30 වනදා පැවත්වෙන නඩුවේ දී අධිකරණයට කරුණු වාර්තා කරන බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධරිිි විසින් නිමෙිෂ්ගේ දෙමව්පියන්ට පවසා ඇත.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධරයා ඇතුළු තුන් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් එම මරණ පරික්ෂණය  සිදු කරන ලද්දේ , නිමෙිෂ්ගේ දෙමව්පියන් විසින් මෝසමක් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලිමෙන් අනතුරුව මරණකරුගේ දේහය නැවත ගොඩ ගෙන මරණ පරික්ෂණයක්  සිදු කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයාට නියෝග කළේය.

එම නියෝගය අනුව බදුල්ල මීගහකිවුල පවුලේ සුසාන භුමීයේ  තැන්පත් කර තිබු මෘත දේහය  අප්‍රේල් 23 වනදා ගොඩ ගෙන කොළඹට රැගෙන එන ලදි.

නිමෙිෂ් ඝාතනය කළා ද? මිය ගියා ද? යන්න දැන ගැනීමට තවත් කල් යයි ! CID එක නිමෙිෂ්ට මඩ ගසයි !

නිමෙිෂගේ මෘත දේහය ගොඩ ගනිමින්

සත්සර නිමේෂ්ව වැලිකඩ පොලිසිය මගින් හෝ ඔහුව පාරට ගෙනැවිත් දමන ලද පුද්ගලයන් විසින් හෝ නිමෙිෂ්ට පහර දීම නිසා මිය බවට දෙමව්පියන් ඇතුළු ඥාතිහු සැක පල කරති. ඔහුගේ මරණයට පත් වන අවස්ථාවේ සහ ඊට පෙර  නිමෙිෂ් සමග දුරකතන මාර්ගයෙන් සබදතා පැවැවතු වු , සිද්ධිය සිදු රාත්‍රියේ ඔහු සමග සිටි , නිමෙිෂ්ව අත්අඩංගුවට ගත් ස්ථානයේ හිමිකරු සහ ඔහු නාතැන්ගෙන සිටි පොල්හෙන්ගොඩ රතන අරම විහාරස්ථානයේ නේවාසිකාගාරයේ භාරකරුගෙන් ද  අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඊයෙ සාක්කි සටහන් කර ගත්තේය.

නිමෙිෂ්ව සිද්ධිය වු අප්‍රේල් පලමුදා රාත්‍රියේ ඔහුව වාහනයක දමාගෙන මහ පාරට ගෙනැවිත් දමා ඇත්තේ ටෙලි නාට්‍ය නළුවෙකු යැයි කියන ප්‍රියන්ත විජේකොන් නැමැත්තාය. නිමෙිෂ් , විජේකොන් සමග විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන දිමුතු විදුරංග නැමැත්තා ද සිට ඇත. 

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් නිමෙිෂ් ගමන් කළ රතන ජෝති මාවතේ සීසීටිවි පරික්ෂා කිරිමෙන් පසුව ඔහුව එම ප්‍රදේශයට ගෙනැවිත් දමා ගොස් ඇත්තේ විජේකොන් බව සොයාගෙන ඇත.  නිමෙිෂ්ගේ දුරකතනයට අප්‍රේල් පලමු දා රාත්‍රියේ දුරකතන ඇමතුම් කිපයක් විදුරංග රැගෙන තිබු නිසා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ඔහු එම දෙපාර්මේන්තුවට ගෙන්වාගෙන ප්‍රශ්න කර තිබුණි. විදුරංග සහ නිමෙිෂ් අප්‍රේල් පලමුදා රාත්‍රියේ 9 වන තෙක් රැදි සිට ඇත්තේ රාජගිරිය වැලිකඩ පාරේ විජේකොන්ගේ නිවසේය.

විජේකොන් ඔහුට අයත් කළු පාඨ ජිප් රථයේ  නිමෙිෂ්ව නංවාගෙන පැමි‍න එම ජිප් රථයෙන් එළියට ඇද දමා යන සීසීටිවී දර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් ඔහුගේ දෙමව්පියන්ට පෙන්වා ඇත. විජේකොන් විසින් නිමෙිෂ්ව ජිප් රථයෙන් එළියට ඇද දමා එම ජිප් රථය ඉදිරියට ධාවනය කරද්දී, නිමෙිෂ් ජිප් රථයේ එල්ලෙන්නට උත්සහ කරන බව ද ඔහුගේ දෙමව්පියෝ අප සමග පැවසුහ.  විජේකොන් නිමෙිෂ්ව දමා ගිය පසු පොලු දෙකාක් අතින් ගත් පුද්ගලයන් දෙදනෙක් ඔහු පසු පස හඹා යන දර්ශන ඇතුළත් බව ද වාර්තාවේ. එම ප්ලාස්ටික් බට දෙක ද අපාරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණ වෛද්‍ය කාර්යාලයට ඉදිරිපත් කර තිබුණි.

 පොලිසිය නිමෙිෂ්ව අත්අඩංගුවට ගත්තේ නාවල ශ්‍රී රතන ජෝති පාරේ අංක 30 ඉඩමේ අයිතිකරු විසින් පොලිස් හදිස්සි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලකට අනුවය. එම නිවසේ හිමිකරු වන ආනන්දගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තු කටඋත්තර ලබාගෙන තිබු අතර ඔහු ද ඊයේ (28) කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවෙිද ආයතනයට සාක්කි ලබා දීම සදහා පැමින සිටියේය.

 නිමෙිෂ්ගේ ඥාතීන්ට අධිකරණ වෛද්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුල් විමට එහි ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂකයින් ඉඩ දී නැත. එම ආරක්ෂකයින් පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අයත් අය වෙති.  අපාරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් තමන්ට එසේ පැවසු බව එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයෙකු අප සමග පැවසීය. මාධ්‍යවේදීන්ට කැමරා උපකරණ නැතිව ද අධිකරණ වෛද්‍ය කාර්යාලයට ඇතුල් විමට ඉඩ නොදුන් අතර පරිශ්‍රයේ (ගේට්ටුවෙන් එළියේ සිට) පිට සිට ආවරනය කරද්දී , එක් ආරක්ෂකයෙකු එළියේ සිට ඊට බාධා පැමින විණ.  අධිකරණ වෛද්‍ය කාර්යාලයට ආවරන කටයුතු සදහා පැමිනි මාධ්‍යවේදින්ට මිට පෙර මේ වැනි බාධා කිරීම් වලට මුහුණ දීමට සිදු වී නැත.

නිමෙිෂ් ඝාතනය කළා ද? මිය ගියා ද? යන්න දැන ගැනීමට තවත් කල් යයි ! CID එක නිමෙිෂ්ට මඩ ගසයි !

අධිකරණ වෛද්‍ය පරිශ්‍රයෙන් නිමෙිෂ්ගේ මව පලවාහැරීමෙන් පසු ඇය ගේට්ටුව ඉදිරිපිට රැදී සිටින අයුරු

ලියුම්කරු ඇතුළු මාධ්‍යවේදීන් අධිකරණ වෛද්‍ය කාර්යාලය ඉදිරිපිට රැදී සිටියදී , එම පරිශ්‍රය තුළ සාක්කි දීම සදහා රැදී සිටි විජේකොන්ව මාධ්‍යවේදීන්ගෙන් මග හරවා පැන්වීමට එහි සිටි පොලිස් නිලධාරීන් කටයුතු කළේය. පොලිසිය ඔහුව පැන්වුයේ ප්‍රධාන ගේට්ටුවෙන් නොව වාහන ඇතුල් කිරීම සදහා පමනක්  භාවාතා කරන ගේට්ටුවකින්ය.

නිමෙිෂ් ඝාතනය කළා ද? මිය ගියා ද? යන්න දැන ගැනීමට තවත් කල් යයි ! CID එක නිමෙිෂ්ට මඩ ගසයි !

ප්‍රියන්ත විජේකොන් අධිකරණ වෛද්‍ය පරිශ්‍රයේ රැදී සිටින අයුරු

නිමේෂ් ඝාතන සිද්ධියට සැකපිට රජගිරිය වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙනත් පොලිසියක ස්ථානාධිපති ලෙස නොව සමාන්‍ය රාජකාරීයේ යොදවන ලද අතර සාජන්වරයාගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කරන ලදී . මෙම සිද්ධියේ පරික්ෂණ කටයුතු වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරනු ලැබිණ. නිමෙිෂ්ගේ මෘත දේහය නැවත ගොඩ ගැනීමට භය වු එම පරික්ෂණ කටයුතු භාරව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් පුතාගේ දේහය නැවත ගොඩ ගතහොත් ඔහු කවුද යන්න රටට හෙළිවන බවත් වැඩ තහනමට ලක්ව සිටින වැලිකඩ ස්ථානාධිපතිවරයා ඔහුට අපහාස කළා යැයි නඩු පැවරීමට ඉඩ තිබෙන බවත් පවසා ඇත. නිමෙිෂ්ගේ දේහය නැවත ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණය නැවත්වීමට අපරාධ පරික්ෂණ නිලධාරීන් නොගත් උත්සහයක් නැත. නිමේෂ්ව දෙමව්පියන්ට ඔහුව එපා වන ආකාරයේ විවිධ බොරු කතා කියා ඔවුන්ව මානසිකව වට්ටන්නට එම  නිලධාරීන් කටයුතු කළ බව නිමේෂ්ගේ දෙමව්පියෝ අප සමග පැවසුහ. අපරාධ පරික්ෂණ නිලධාරීන්ගේ කතා විශ්වාස කළ නිමෙිෂ්ගේ සමහර ඥාතීන් නිමේෂ් වෙනුවෙන් පෙනී සිටිම අතහැර දමා ඇත. ඔහු වනචාරි පුද්ගලයෙකු යැයි අපරාධ පරික්ෂණ නිලධාරින් ඥාතීන්ට වැරැදි චිත්‍රයක් පෙන්වා ඇත. පොලිසියේ අපරාධ සෙවිමට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට භාර දීම හොරාගේ අම්මාගෙන් පෙන ඇසිමකි.

නිමෙිෂ් ඝාතනය කළා ද? මිය ගියා ද? යන්න දැන ගැනීමට තවත් කල් යයි ! CID එක නිමෙිෂ්ට මඩ ගසයි !

විජේකොන් සහ විදුරංග ජිප් රථයේ නැගි පා යන ආකාරය

නිමෙිෂ් අයිස් පාවිච්චි කළා ද ඔහුගේ ලිංගිකව හැසිරුනේ කොහොමද යන්න ගැන දැනගැනීමටත් වඩා අපට හෝ ඔහුගේ දෙමව්පියන්ට වැදගත් වන්නේ පොලි් අත්අඩංගුවේ සිටියදී නිමෙිෂ් මිය ගියේ කෙසේද යන්න දැන ගැනීමය. අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ විමර්ශන යොමු විය යුත්තේ නිමෙිෂ් මරා දැමුවා නැද්ද යන්න පිළිබදව මිස ඔහුගේ පෞද්ගලික ජිවිතයට මඩ ගැසිමට නොවෙයි.

නිමේෂ් යනු සමාජ ප්‍රපංචයකි. ඔහු ජිවත් වන ධනපති සමාජ ක්‍රමයෙන් උගුල්වා නිමෙිෂ්ගේ හොද හෝ නරක ඔහුගේ පෞද්ගලික ලක්ෂණයක් ලෙස විග්‍රහ කිරීම විද්‍යාවට පටහැනිය. නිමෙිෂ් යනු මේ ධනපති සමාජ ක්‍රමයේ නිෂ්පාදනයකි. කාල් මාක්ස් අවධාරණය කරන්නේ පුද්ගලයන් නිර්මානය කරන්නේ තත්වයන් විසින් කියාය. නිමේෂ්ටත් එය ඒ අයුරින්ම ආදාළයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *