පොලිස් දෙපාර්තමේන්තුවට ගුල්ලෝ ගහලා.


විවිධ විෂමාචාර සිද්ධි වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 13ක් ද මත්දාව්‍ය සමඟ අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන් 21ක්ද මත්දාව්‍ය වලට ඇබ්බැහි වු පොලිස් නිලධාරීන් 156 ක්ද මත්දාව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන පොලිස් නිලධාරීන් 130 ක්දපොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින බව පොලිස්පති සී.ඩී.ව්ක්‍රමරත්න ආරක්ෂක ලේකම් මෙජර් ජනරාල් කමල් ගුණරත්නට යවන ලද රහසිගත වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම රහසිගත වාර්තාව සමාජ වෙබ් අඩවි තුල සැරිසරයි.

වර්ෂ 2021 .11.01දින සිට 2021.10.31. දින දක්වා කාලය තුල පොලිස් නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධින් 283 ක්ද විවිධ විෂමාචාර සිද්ධ් වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 359 ක්ද වාර්තා වි ඇති අතර මෙය සමාන්‍ය තත්ත්වය ඉක්මවා යැමක් බව ද එම වාර්තාව මගින් අනාවරණය කර ඇත.

වාර්තාවට විෂය ගත වු කාලය තුල පත් කරන ලද ස්ථානාධිපතිවරු 184 වන අතර ස්ථානාධිපති පරික්ෂණයට සහභාගි නොවු ස්ථානාධිපතිවරු 126 ක්ද පරික්ෂණයට සහභාගි වි නිර්දේශ නොලැබුනු නිලධාරීන් 03ක්ද මිට පෙර කිසිදු පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් නොදැරා A1හෝ A2 ස්ථානාධිපති ධුර දැරු 13ක්ද මිට පෙර කිසිම ස්ථානාධිපති ධුරයක් නොදරා A3 ස්ථානාධිපති ධුරය දරු 21 කද් සිටින බව එම වාර්තාවෙන් වැඩිදුරටත් හෙළි කර ඇත .

පොලිස්පතිවරයා ගේ අස්සන සහා පිටු අටකින් සමන්විත වාර්තාව පහතින් පල වේ .