රතු මැයි දිනය – දම්,කොළ ,නිල් සහ කහ ධනපතියොත් සමරති

මෙවර 139 වන ජාත්‍යන්තර කම්කරු මැයි දිනය ආණ්ඩු පක්ෂය ඇතුළු වාමාංශීක පක්ෂ සහ වෘත්තීය සමිති කොළඹ දී සමරන ලදි.
ආණ්ඩු කරන ජාතික ජන බලවෙිගය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජාත්‍යන්තර මැයි දිනය රැලිය ගාලුමුවදොර පිටියේ පවත්වන ලද අතර පෙළපාලි නොපැවැත්විණ. අති විශාල ජනකායක් එම රැලියට සහභාගි වි සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ජාජබ සහ ජවිපෙ මැයි රැලිය රට හදන ජන බලය පෙළගැසෙන ජන රැලිය නමින් නම් කර තිබුණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ” IMF මර උගුල ඉන්දියානු විජිතකරණයට එරෙහිව එළියේ බලයක් ” යන තේමාව යටතේ 139 වන ජාත්‍යන්තර මැයි දිනය සමරන ලද අතර මැයි රැලිය කිරුළපන ලලිත් ඇතුළත්මුදලී ක්‍රීඩාංගණයේ පැවත්වුවුපෙළපාලිය දවහල් 12,00 ට හැව්ලොක් ටවුන් BRC පිටියෙන් ආරම්භ කර හයිලෙවල් පාර ඔස්සේ කිරුළපන ලලිත් ඇතුළත් මුදලී ක්‍රීඩාංගණය වෙත පැමිනියේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පෙළපාලිය සදහා කම්කරුවෝ ගොවියෝ ධීවරවරයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.







ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ජාත්‍යන්තර මැයි දින රැලිය මාලිගාවත්ත පි.ඩි. සිරිසේන ක්‍රීඩංගණයේ පැවැත් වු අතර පෙළපාලිය කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් පටන් ගෙන සංඝරාජ මාවතේ ඔස්සේ ප්‍රදීපා මාවත හරහා පී.ඩි. සිරිසේන ක්‍රීඩාංගණය වෙත පෙළපාලිකරුවෝ පැමිනියහ.



සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ වල ජාත්‍යන්තර මැයි රැලිය මෙවර ටවුන්හොල් හයිඩ් පිටියේ පැවැත්වු අතර එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි රැලිය කොළඹ කොස්ගස් හංන්දියේ පැවැත්විණ.