වැලිඔය පොලිසිය, හැලඹවැව පදිංචි 8 හැවිරිදි දරුවෙකු ප්‍රාණ ඇපයට ගනී

වැලිඔය පොලිසිය, හැලඹවැව පදිංචි 8 හැවිරිදි දරුවෙකු ප්‍රාණ ඇපයට ගනී

පසුගිය 28 දින සවස 6.30ට පමන හැලඹවැව ගම්මානයේ වරෙන්තුකාරියක අත්අඩංගුවට ගැනීමට ගිය වැලිඔය පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක්, ඇගේ 8 හැවිරිදි දරුවා රැගෙන ගොස් රාත්‍රියක් පුරා පොලිසියේ රඳවා ගෙන සිටි බව පුවත්පත් වාර්තා කර ඇත.

දරුවාගේ මව සැකකරුවෙකුට ඇප දී ඇති අතර, අදාල සැකකරු උසාවියට ඉදිරිපත් වී නැත. ඇයට විරුද්ධව වරෙන්තු නිකුත් කර ඇත්තේ එබැවිනි. ගම් වැසියන් පිරිසක් දරුවාගේ මිත්තනිය සමග පොලිසියට ගොස් දරුවා මුදා හරින ලෙස ඉල්ලා සිට ඇත. පසු දින වාර විභාගය ඇති නිසා දරුවා නිදහස් කරන මෙන් මේ පිරිස කල ඉල්ලීම තුට්ටුවකට ගනන් නොගැනිනි.

දරුවා පසු දින උදයේ මුදා හැරුනේ ගම් වැසියෝ මුලු රාත්‍රිය එහී රැඳී සිට කලබල කිරීම නිසා ය. මෙම අපරාධය ප්‍රසිද්ධ වුවහොත් මිනිසුන් එය නො ඉවසන බව පොලිසියට වැටහුනා විය යුතු ය

සියලු දෙනා මෙම සාපරාධීත්වයට එරෙහිව නැගී සිටිය යුතු ය.
පොලිසිය යනු මානව විරෝධී ධනපති සංස්ථාවන්ගෙන් අංක එකේ එකකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *