වැලිකඩ පොලිසිය සත්සර නිමෙිෂ්ට පහර දුන්නේ කොච්චි කවලාද?

ශාන්ත විජේසුරිය විසිනි
බදුල්ල මීගහකිවුලේ පදිංචි අවුරුදු 26 ක් වයසැති මුතුවාඩිගේ සත්සර නිමෙිෂ් රාජගිරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් තිබේ.
නිමෙිෂ් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ නාවල ශ්‍රී රතන ජෝති පාරේ අංක30 දරණ වත්තට බලහත්කාරයෙන් ඇතුල් වී කලහාකාරී ලෙස හැසිරෙමින් සිටියදීල එම වත්තේ හිමිකරු විසින් පොලිස් හදිස්සි ඇමතුම් අංශයට කරන ලද දැනුම් දිමකට අනුව බව වැලිකඩ පොලිස් ස්ථානාධිපති චින්තක අනුරාධ මේ පිළිබදව විමසු අවස්ථාවේ අපට පැවසිය.
වැලිකඩ පොලිසිය මගින් නිමෙිෂ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අප්‍රේල් පලමුදාය රාත්‍රි 9.30 ට පමනය.
එදින රාත්‍රියේ වැලිකඩ පොලිස් සිරමැදිරියේල රදවා තබාගෙන සිට ඔහු පසුව කලහාකාරී අයුරින් හැසිරුනු නිසා අංගොඩ මානසික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. අංගොඩ රෝහලට රැගෙන යන විටත් නිමේෂ් මිය ගොස් සිටි බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.
සත්සර නිමෙිෂ් මානසික රෝහලට ඇතුල් කිරීම
අංගොඩ රෝහලට රැගෙන යන විටත් නිමෙිෂ් මිය ගොස් සිටි බව එම රෝහලේ වෛද්‍යවරයෙකු පැවසු බව නිලංකා ඉදුනිල් :නිමේෂ්ගේ ලොකු අම්මා අප සමග පැවසුවාය.
රෝහලට ගෙන කොටත් ඔයාගේ පුතාගේ ඇගේ රස්නය පමයි තිබුණේ. අපි කෘතිම ස්වසනය දිලා සිහිය ගන්න උත්සහ කළා නමුත් ඒ උත්සහය අසාර්ථක වුනා අංගොඩ රෝහලේ දමිළ වෛද්‍යවරියක තමන්ට කී බව නිමෙිෂ්ගේ මව අප සමග කීවාය.

සත්සර නිමෙිෂ්ව පොලිසියට අල්ලා දිම
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ රාත්‍රි 9.30ට අත්අඩංගුවට ගත් නිමේෂ් රාත්‍රි 11 ට පමන රෝහල්ගත කළ බවයි.
ඔහු බදුල්ලේ සිට කොළඹ පැමින ඇත්තේ සාත්තු සේවාව පිළිබද පාඨ මාලාවක් හැදැරීමටය නිමෙිෂ් එම පාඨමාලාව හදාරා ඇත්තේ නාරාහෙන්පිට ලංකා රෝහල් ආයතනයෙන්ය. ඔහු නැවති සිට ඇත්තේ පොල්හෙන්ගොඩ කාලිංඝ පාරේ රතන අරම විහාරස්ථානයේය.
සත්සරට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනාව රතන හිමියෝ බැහැර කරයි
රතන අරම විහාරස්ථානයේ කාමරයට ඔහු පැමින අත්තේ 2024 දෙසැම්බර් මාසයේදී නිමෙිෂ් එම කාමරයට මසකට රුපියල් 12.000 ක් ගෙවා ඇත. කාමරයකට දෙන්නෙකු දමන බවත් පාඩම් කිරීමට ඇති නිසා නිමෙිෂ් රුපියල් 12.000ක් මසකට ගෙවා කාමරයක් ලබා ගත් බව අප එම විහාරස්ථානයට ගොස් විමසු අවස්ථාවේ රතන හිමියෝ පැවසුහ. ඔය ළමයා විහාරස්ථානයට ඇවිත් මාස තුනහාමාරක් වෙනවා වැඩිය කතා කරන්නේ නැහැ අහිංසක ළමයෙක් ඒ ළමයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා පොලිසිය පැවසුවාට එය විශ්වාස කළ නොහැකි බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
අප්‍රේල් පලමුදා උදේ 11ට පුතා කතා කරලා කිව්වා පන්සලේ කාමරයේ කුලිය වැඩියි. අඩු ගානකට කාමරයක් සොයන්න යනවා කියලා . එදිනම සවස 3ට කතා කරලා කිව්වා දැන් ඉන්නේ කාමරය තියේන ගෙදරල කාමරයට කුස්සි කැල්ලකුත් තියේනවා රුපියල් 7000 කියලා. ඒ ගෙදර අංකල් කියනවා කාමරය දෙනවාද නැද්ද කියලා තිරණය කරන්නේ ඇන්ටි ඇන්ටි එනකම් ඉන්න කියලා. ඊට පස්සේ පුතා නැවත මට කතා කළේ රාත්‍රි 08 ට ඒ කතා කරන කොට පුතා කලබලයෙන් වගේ තමයි කතා කළේ.
පුතාට ගහන්න එපා සර් දම්වැල් වලින් බැදලා තියාගන්න
නිමේෂ්ගේ මව නැවත ඔහුගේ දුරකතනයට ඇමතුමක් ගත්විට කතා කර ඇත්තේ පොලිස් නිලධාරියෙකි. මෙයා දගලනවා පාලනය කරන්න අමාරුයි. පොලිස් නිලධාරියා ඇයට කියා ඇත. පුතාට ගහන්න එපා දම්වැල් දාලා හරි බැදලා තියා ගන්න ස්ර් මම බදුල්ලෙන් නැගලා හෙට උදෙන්ම එනවා. එහෙම කරන්න බැහැ කියලා පොලිස් නිලධාරියා කී විට මම සර්ලාට විරුද්ධව මොනවත් කරන්නේ නැතැයි පොලිස් නිලධාරීයාට පෙරලා පැවසු බව නිමෙිෂ්ගේ මව වන ලේකම්වසම් ලියනගේ සමන්ති අප සමග කීවාය.
පොල්හෙන්ගොඩ සිට නාවල ශ්‍රි රතන ජෝති මාවතට සවස් කාලයේ කාමරයක් සොයා ඔහු පැමිණියේ මුහුණු පොතෙන් හෝ වෙනත් මිත්‍රයෙකු හෝ බ්‍රෝකර්වරයෙකු මාර්ගයෙන්ද නැතිනම් වෙනත් කරුනක් සදහා ද යන්න දුරකතන කුළුණු තාක්ෂණය ඔස්සේ සොයා ගත හැක .ඔහු සවස තුනත් අටත් අතර කාලය තුළ සිදු කළ දුරකතන සංවාද සහ එස්.එම්.එස්. පනිවිඩ මෙහි වැදගත්තේ වේ. ශ්‍රි රතන ජෝති මාවතේ අංක 30 ඉඩමේ හිමියා සිද්ධිය වෙන්නට පෙර නිමෙිෂ් ඔහුට හෝ ඔහු නිමේෂ්ට කතා කර ඇද්දැයි දැන ගැනීම වැදගත්ය. අංක 30 ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකර නැති අතර ලී වලින් තාවකාලික මඩුවක් තනා ඇත. අංක 30 සහ අංක 29 යන ඉඩම් දෙකේම හිමිකරුවා වන්නේ මොහුය. ඔහු පදිංචි වී සිටින්නේ අංක 29 වන අතර එහි තට්ටු දෙකේ නිවසක් ඉදිකර තිබේ. අංක 44 ට පසු හමු වන්නේ අංක 30 යේ ඉඩමයි. නමුත් අංක30 හෝ අංක 29 යනුවෙන් අංක බිත්ති වල සදහන් කර නැත. රතන ජෝති මාවතේ අනෙකුත් ගෙවල් වල අංක සදහන් කර තිබිණ. මෙම ඉඩම සහ නිවස වටා අඩි 08 ක් පමන උස තාප්පයක් ඉදිකර ඇති අතර ඉඩම සහ නිවස වෙන්කර අඩි 12 ක් පමන උස තාප්පයක් ඉදිකර තාප්පය මැදින් දෙපැත්තට යෑම සදහා දොරටුවක් ද තබා තිබේ. ඉඩම සහ නිවස ආවරනය වන පරිදි සී.සී.ටී.වී. කැමරා සවිකර තිබුණි.

නිමෙිෂ් පැන්නා කියන්නේ අළු පාට (අංක 30) ගේට්ටුව තියේන වත්තට

අංක 30 හිමිකරුගේ අංක 29යේ නිවස.
නිමෙිෂ් තාප්පෙන් පැන නැති බව ඔප්පු කරන සී.සී.ටී.වී. දර්ශන
තාප්පයෙන් පැනලා තමයි ඇවිල්ලා තියෙන්නේ අළුපාට කලිසමකුයි කළු ටී ෂර්ට් එකක් ඇද ගෙන සිටියා. කළුපාට බැග් එකක් කරේ තිබුණා. මේසය උඩ ඉදගෙන හිටියා. පස්සේ මේසය යටට ගියා ආයිත් මේසය උඩ ඉද ගන්නවා . ආච්චි මැරිලා ගෙදර යන්න ඕනෙ කිව්වා. යකෙක් ආවේශ වෙලා වගේ තමයි හැසිරුණේ. පර්ස් එක අරගෙන හැදුනුම් පත අපට පෙන්නුවා. හැදුනුම් පතේ තිබුනේ බදුල්ලේ කියලා. බැංකු කාඩ් එකකුත් තිබුණා. ස්මාට් ෆෝන් එකක් සහ තවත් පොඩි ෆෝන් එකක් තිබුණා . දිග කලිසමට යටින් කොට කලිසමක් ඇද හිටියා. 119 යට කතා කළාට පස්සේ රාත්‍රි 9ග30 ට පමන පොලිසියේ නිලධාරීන් හතර දෙනෙක් ඇවිල්ලා සැකකරු රැගෙන ගිය බව” අංක 29 නිවස පිටු පස ඉදිකිරිම් කටයුතු වල නිරත වෙමින් සිටි ඩි.ඩි. චාමර ලියුම්කරු සමග පැවසීය.
චාමර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම නිවසේ හිමිකරු වැඩි උනන්දුවකින් තකා නොකළ අතර පොලිසියෙන් අපට ප්‍රශ්නයක් වෙයි දැයි”ඔහු ලියුම්කරුගෙන් විමසීය.
පොලිසියෙන් මගේ නිවසේ සී.සි .ටි.වි. කැමරා පරික්ෂා කළා. මේ පුද්ගලයා රාත්‍රි 08 ට පමන රතන ජෝති මාවතේ ඉස්සරහාට හිගිල්ලා නැවත විනාඩි පහලොවක් 15 න් පස්සේ නවැත එන සී.සී.ටී.වී. දර්ශන තිබුනත් තමගේ වත්තට හෝ නිවසට පනින දර්ශන නැතැයි නිවසේ හිමිකරු” ලියුම්කරුගේ විමසිමකින් තොරව පැවසීය.
ශ්‍රී රනත ජෝති නිවසේදී නිමෙිෂ්ට පහර දිලා
නිමෙිෂ් රතන ජෝති මාවත පැමිනියේ කාමරයක් සොයා ගැනිමටද නැතිනම් වෙනත් කටයුත්තකට ද යන්න සොයා ගැනීම විමර්ශකයන්ට අතිශ්‍යයින් වැදගත්ය. නිමෙිෂ් පිටුපසින් ත්‍රිරෝද හඹා ආ නිසා ඔහු අංක 30 නිවසට පැන්නා යන්න කතාව සත්‍යයක්ද යන්න සොයා ගැනීමට ඇති එක ක්‍රමය අංක 30 යට පසුව ඇති සෑම සී.සී.ටි.වී. කැමරවක්ම පරික්ෂා කිරිමයි.
අංක 30 හිමිකරුගෙන් නම සහ කළ රැකියාව විමසා සිටි අවස්ථාවේ පෞද්ගලික ආයතනයක සේවය කළ බව පැවසුවත් ඔහු නම සදහන් කළේ නැත. සිද්ධිය වූ අවස්ථාවේ නිවසේ හිමිකරු නිමේෂ්ගේ ජායා රූපයක් ගෙන ඇත .එම ජායා රූපයේ නිමේෂ් බෙල්ල කඩා වැටී සිටින බව නිමේෂගේ මව පැවසුවාය. එම ජායා රූපය තමන්ට පෙන්වූයේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් බව ඇය ලියුම්කරු සමග පැසුවාය. පසුව මම එම ජායා රූපය ඉල්ලා ගැනීම සදහා අප්‍රේල් 06 වනදා දෙවන වරටත් රතන ජෝති මාවතට ගොස් අංක 29යේ සහ 30 සීනුව නාද කළ ද නිවසේ හිමිකරු එළියට පැමිනියේ නැත.
මම කවුද කියලා මහත්තයාගෙන් අහන්න
නිමෙිෂ් අංක 30 ඉඩමේ අයිතිකරුගේ අත්අඩංගුවේ සිටින අවස්ථාවේ නිමේෂ්ගේ යහළුවෙකු වන තේනුක ගමගේ, රාත්‍රි 8.03 පමන, ඔහුට දුරකතනයෙන් කතා කර ඇති අතර ඒවිට යහළුවාට ලොකු කලබලයක් ඇසි ඇත. මං හොරෙක් නොවෙයි මං හොරෙක් නොවෙයි යැයි කෑගසා ඇති අතර පොලිසියට අඩගහන්න එතකොට ඔගොල්ලන්ට තේරෙයි. මේ මහත්තයාගෙන් අහන්න යැයි පවසා ඇත. මල්ලිට මෙකාක් හරි කරදරයක්, සොයා බලන්නැයි ඔහු තමන්ට කී බවත් නිමේෂ්ගේ මව අප සමග පැවසුවාය.
ගමගේ නැවත නිමෙිෂ්ගේ දුරකතනයට ඇමතුමක් ගත්තද නිමේෂ් කතා කර නැති අතර පසුබිමෙන් සද්දයක් පමනක් ඇසි ඇත. සමන්ති රාත්‍රි 8.07 ට පමන නිමෙිෂ්ගේ දුරකතනයට කතා කර ඇති අතර එහිදි අම්මේ මම විනාශයි පොලිසි යනවා වගේ කතාවක් ඇයට ඇසුණු බව නිමෙිෂ්ගේ මව අප සමග පැවසුවාය.
ස්පා ආයතනයක සේවය කිරීම
සමන්ති නිමෙිෂ්ගේ වියදම සදහා මාසකට රුපියල් 15.000ක් බැංකුවට දමා ඇති අතර රතන අරම විහාරස්ථානයේ කුලී කාමරය රුපියල් 12.000 ක මුදලක් ගෙවු පසු ඔහුගේ කෑමබිම සහ අනෙකුත් වියදම් සදහා ඉතිරි වන්නේ රුපියල් 3000ක මුදලකි. නිමෙිෂ් ලංකා හොස්පිටල් ආයතනයේ පාඨමාලාව හදාරන අතර වාරේ අවශ්‍ය වියදම් සොයා ගැනිම සදහා මෝස්තර නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවාට අමතරව ස්පා ආයතනය ( මාසාජ් ක්ලීන් ආයතනයක) සේවය කර ඇත. නිමෙිෂ් වෙස් ඇන්ද දක්ෂ නැට්ටුවෙකු ද වේ.
මම හොරෙක් නොවෙයි පොලිසියට අඩගහන්න එතකෙට ඔගොල්ලන්ට තේරෙයි. මහත්තයාගෙන් අහන්න යනුවෙන් නිමෙිෂ් කරන ප්‍රකාශය අනුව අංක 29 හිමිකරු දැනුවත්ව සහ අවසරය ඇතුව ඔහු එම නිවසට ඇතුල් වු බව ගම්‍ය වෙයි.
එතකොට ඔගොල්ලන්ට තේරෙයි යනු නිමෙිෂ් පවසන්නේ ගුටිබැට ප්‍රහාරයෙන් ගැලවිමට යැයි අනුමාන කළ හැකිය. මහත්තයාගෙන් අහන්න යැයි නිමේෂ් ප්‍රකාශ කළ ද ඔහු එම නිවසට ගිය හේතුව හෙළි කරන්නේ නැත. ඔහු ස්පා ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කළ නිසා ඊට ආදාළ සිද්ධියක් ද යන්න බරපතළ සැකයක් පවති.
නිමේෂ් මාතර මිරිස්සේ ස්පා ආයතනයක සේවය කර ඇති අතර එම ආයතනය සමග අමානප වී ඇති බව ඥාතිහු පවසති. ලංකාවේ බෙහොමයක් ස්පා ආයතන මෙහෙවන්නේ සංවිධානාත්මක පාතාල කල්ලි විසින් වන අතර ඒසේ නොවන සෑම ස්පා ආයතනයක්ම ඔවුන්ට කප්පම් ගෙවිය යුතුය.
නිමෙිෂ් බලහත්කාරයෙන් ඇතුල් වුවා යැයි කියන නිවසේ හිමිකරුට පොලිසියේ ඉහල සම්බන්ධයක් හෝ ස්පා ව්‍යාපාරයට සම්බන්ධතාවයක් ඇද්දැයි විමර්ශකයින් අවධානය යොමු කළ යුතුයි. ස්පා කර්මාන්තයේ නියැලි සිටින නිමෙිෂ්ගේ යාළුවන් යැයි කියා ගන්නා දෙදනෙකු මොහුව පැහැරගෙන ගොස් පහරදි රතන ජෝති මාවතේ අංක 29යේ නිවසට රැගෙන ආ බවත් වාර්තාවේ. නිමෙිෂ්ට අවසන් වතාවට කතා කළ පුද්ගලයන් දෙදනෙකු මේ වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ප්‍රශ්න කරමින් සිටින බවට අප වෙත තොරතුරු ලැබි ඇත.
නිමෙිෂ් ව්‍යාකුලත්වයට පත් වුයේ ඇයි?
නිමෙිෂ් වෙන කාරණාවක් උඩ අංක 29 නිවසට ගියා නම් ඔහු බලාපොරොත්තු නොවු තත්වයක් ඇති විම නිසා නිමෙිෂ් ව්‍යාකුලත්වයට පත් වන්නට ඇත. “අම්මේ මං විනාසයි පොලිසියට අරගෙන යනවා “යනුවෙන් ඔහු මවට පවසා තිබිණ. ඔහුගේ වියදම් සොයා ගැනීම සදහා ස්පා කර්මාන්තයට සම්බන්ධ බව මව හැර වෙනත් කවුරුවත් දැන සිට නැත. “පුතා පොඩි දෙයටත් බය” බව නිමෙිෂ්ගේ මව සමන්ති ලියුම්කරු සමග කීවාය.
නිමෙිෂ් නිවසක් ඇතුළට රිංගා මේසයක් යට සිටිය දී එම නිවසේ පදිංචිකරුවන් සහ අසල් වාසිීන් අල්ලා පහර දී ගස් බැද, පොලිස් හදිස්සි ඇමතුම් අංශයට කතා කර බාර දුන් බව වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මුලින් පැවසිය.
ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබැහි වු තරුණයෙකු බව ද ස්ථානාධිපතිවරයා පැවසීය. ඔය සමාජ මාධ්‍යයේ පල වන තරම් ඔහු ලස්සන නැහැ . හකු පැනපු මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වු පුද්ගලයෙක් යැයි ස්ථානාධිපති ස්ථීරවම ප්‍රකාශ කරයි. ඔහු ලියුම්කරු සමග එසේ ප්‍රකාශ කළේ අංගොඩ මානසික රෝහලේ මෘත ශරීරාගාරයේ නිමෙිෂ්ගේ මෘත දේහයේ පිංතුරයක් පෙන්වමින්ය. ඔහු පැහැරගෙන ගොස් පහර දෙන ලද පිරිස ඔහුට මත්ද්‍රව්‍ය පොවා හෝ එනත් කර හෝ පොලිස් අත්අඩංගුවට පත් කළා ද යන්න ස්ථානාධිපතිගේ කතාවත් සමග සැකයක් මතු වෙයි. නිමෙිෂ් මත්ද්‍රව්‍ය භාවිතා කර දැයි බැලිම සදහා නිමෙිෂ්ගේ ශරීරයේ කොටස් රස පරික්ෂකට යවා තිබේ. වැලිකඩ ස්‍ථානාධිපති ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු අයෙකු කියන ගමන් මානසික රෝගියෙකු යැයි ද පවසයි. නිමෙිෂ්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවා වෙනුවට අංගොඩ රෝහලට ඇතුළත් කළේ වෛද්‍ය උපදෙස් මත නැතිනම් ඔහු මානසික රෝගියෙකු යැයි ස්ථානාධිපති ඇතුළු වැලිකඩ පොලිසිය දැන ගත්තේ කෙසේද?

වැලිකඩ පොලිස් ස්ථානාධිපති චින්තක අනුරාධ.
අංගොඩ රෝහලට රැගෙන යන විටත් නිමෙිෂ් මිය ගිහින්
මරණ පරික්ෂණ වාර්තාවේ සදහන් වන්නේ පහර දීම නිසා ශරීර අභයන්තරයේ කොටස් තැලි ඇති නමුත් මරණයට ආසන්න හේතුව හුස්ම සිරවිම බවයි. නිමෙිෂ්ව රතන ජෝති මාවතේ සිට රැගෙනවිත් දමන්නේ වැලිකඩ පොලිසියේ සිරමැදිරියටය. ඔහු පොලිස් සිරමැදිරිය තුළ කෑගන්නට පටන් ගෙන ඇත. පසුව නිමෙිෂ් කූඩුවෙන් එළියට ගෙන එම පොලිසියේ අපරාධ අංශයට රැගෙන ගොස් කටේ රේදි ඔබා පහර දුන් බව එදින රාත්‍රියේ සිරමැදිරියේ රදවා සිටි පුද්ගලයෙකු අප සමග පැවසීය. නිමෙිෂ් හිස සිරමැදිරියේ ගසා ගත්තැයි කියන්නැයි සිරමැදිරියේ රදවා සිටි සැකකරුවන්ට පොලිස් ප්‍රධානීන් බල කර ඇත.
වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ එස්.අයි. සේනාධීර හෙවත් කොච්චි මහත්තයා අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට කොච්චි කන්න දී පහර දෙන බවත් ආර්. රාජකුමාරීටත් පහර දී ඇත්තේ කොච්චි කන්න දී බවත් වාර්තාවේ. නිමෙිෂ්ගේ මෘත දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන්නැයි අධිකරණය නියෝග කර ඇත්තේ, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා නිලධාරීයා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකටය. ඔහුටත් පහර දී ඇත්තේ කොච්චි කාවා ද යන්න එම මණ්ඩලයේ අවධානය යොමු කළ යුතුය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කළ මාධ්‍ය නිවෙිදනයේ සදහන් වන්නේ “නිමෙිෂ් කලහාකාරී ලෙස හැසිරෙමින් ශරීරයේ කොටස් සිර කුඩුව ආශ්‍රිත බිත්තියේ වද්දා ගනිමින් “, නිලධාරීන්ට පාලනය කළ නොහැකි අන්දමින් කටයුතු කර ඇති බවත් පසුව අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවත්ය. නිමෙිෂ් සිර මැදිරියට දමන විට එම සිර මැදිරියේ සැකකරුවන් 16 ක් සිට ඇත. ඔලුව බිත්තියේ හප්පා ගත්තා යැයි කිව්වා නම් පිළිගත හැකි නමුත් ශරීරයේ කොටස් වද්දා ගත්තා යැයි කියමින් මාධ්‍ය ප්‍රකාශක සිද්ධිය යට ගැසීමට උත්සහ කර ඇත. නිමේෂ්ගේ කලව දෙක ද තුවාල වී ඇති බව වෛද්‍ය වාර්තාවේ සදහන් වන අතර කලව දෙක බිත්තියේ ගසා ගත් විධිය පෙන්වන්නැයි අපි මාධ්‍ය ප්‍රකාශකට අභියෝග කරන්නෙමු.
නිමෙිෂ්ව පාවාදුන් පාදඩයෝ
නිමේෂ් මිය යෑමත් සමග ඔහු සමග සිර මැදිරයේ සිටි සැකකරුවන් 16 න් අධිකරණයට ඉදිරිපත් නොකර, පසු මුදා හැර ඇති බව වැලිකඩ පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
මහජනයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වමින්, පාරට පැමින විරෝධය දැක්විම ආණ්ඩු විරෝධයක් දක්වා වර්ධනය වෙතැයි බිය වු ආණ්ඩුව වැලිකඩ ස්ථානාධිපතිවරයාගේ, සාජන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු වැඩ තහනම් කර විරෝධතාකරුවන්ගේ විරෝධය අඩපන කළේය.
ස්ථානාධිපතිවරයාත් නිමෙිෂ් පහර දී ඇතැයි වාර්තා වන අතර වැලිකඩ පොලිසිය ඔහුව ස්පා කාරයන්ගේ කොන්ත්‍රාත්තුවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති විසින් නිමේෂ් මරා දමනු ලැබුවාදැයි බරපතළ සැකයක් ඇත.

නිමෙිෂ් සහ රාජ්කුමාරි බදුල්ලේ
අවුරුදු පහකට පමන පෙර වැලිකඩ පොලිසිය දෙමටගොඩ ජගත්ට අමානුෂික ලෙස පහර දි ඝාතනය කරන අතර පසුව ආර්. රාජ්කුමාරි නැමති කාන්තාව 2023 මැයි 11 වෙනිදා අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇත. රාජ්කුමාරි ඝාතනය වන්නේ දැන සිටින ස්ථානාධිපති චින්තක අනුරාධව යටතේය. අවුරුදු 38 ක් වයසැති දෙදරු මවක් වන අතර බදුල්ල දෙමෝද නාවල වත්තේ පදිංචිකාරිනියකි.

ජාතික ජන බල ආණ්ඩුවට යටතේ මේ වන විටත් පුද්ගලයන් 08 දෙනෙකු පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ සිටියදී මිය ගොස් තිබේ. ගනේමුල්ල සංජිව ද ඊට අයත් වේ.
ධනපති ක්‍රමය පෙරලීමේ අවශ්‍යතාවය
නිමෙිෂ් මිය යෑමට ආසන්න හේතුව පොලිස් පහරදීමක් වන නමුත් ඔහු පොලිස් පහර දීමට ගොදුරු වන්නේ ධනපති ක්‍රමයේ නරුමකම නිසාවෙනි. නිමෙිෂ් කොළඹට පැමින පාඨමාලාවත් කර ගෙන ජිවත් විමට ක්‍රමයක් නොමැති නිසා ඔහු ස්පා කර්මාන්තයේ රැකියාවක නිරත විය. නිමෙිෂ්ගේ වයසේ තරුණයන් පමනක් නොව විශේෂයෙන් පහල මැද පාන්තිකයන් සහ සුළු ධනේශ්වර කොටස් අපේක්ෂාභංගත්වයට ඇද දමා ඇති තතු යටතේ ඔවුන් අනාරක්ෂිත සහ නීති විරෝධී (මත්ද්‍රවය ප්‍රවාහනය සහ මත්ද්‍රව්‍ය පැකට් කිරීම ) රැකියා වල නිරත විමෙන් වැඩි මුදල ඉපැයීමේ හැකියාව නිසා එම රැකියා වලට වැඩි නැඹුරුවක් දක්වති. ඇත්තටම මෙය නිමෙිෂ්ගේ වරදක් නොව ධනපති ක්‍රමයේ අසාර්ථක කම මෙන්ම එහි මිලේජච්ත්වය පෙන්වන්නකි. ධනපති සමාජ ක්‍රමයට තවදුරටත් කම්කරු -පිඩිත මහජනයා මුහුණ දෙන කිසිදු සමාජ ආර්ථික ප්‍රශ්නයක් විසදීම ඇති නොහැකියාව ඔ්නැවටත් වඩා පෙන්වා ඇතුවා පමනක් නොව සත්සර නිමෙිෂ්ගේ ඝාතනය හරහා එය ඒළිමහන කන්දු වෙන්න පටන් ගෙන ඇත.