වෙඩි තැබිම් සමාන්‍ය සිදුවිම් යැයි ආණ්ඩුව ප්‍රකාශ කළේ විපක්ෂය ජාතික ආරක්ෂාව ගැන විලාප දෙන නිසා බව – ජනමාධ්‍ය හ සෞඛ්‍ය ඇමතිවරයා පවසයි

මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ට මිය යන්න ඉඩ දෙන්නේ නැහැ. මහජන ආරක්ෂ අමාත්‍යංශය හැටියටත් ආණ්ඩුවට හැටියටත් කඩිනමින් පරික්ෂණ කරලා වැලිකඩ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින් ද ජයතිස්ස පවසයි.
වැලිකඩ සිදු වු සිදුවිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව පරික්ෂණයක් ආරම්භ කරලා තියේනවා. පොලිස් ස්ථානාධිපතිගේ ,සැරයන්වරයෙකුගේ , කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කරලා තියේනවා. අපිට අවශ්‍ය වන්නේ පොලිසිය තුළ මේ වැනි දේ විම වළක්වා ගැනීම.කිසිම හේතුවක් මත නැවත මේ වැනි සිදුවිම් සිදු වන්න බැහැ. එකට වෙන වෙන හේතු කියලා වැඩක් නැති බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
නලින් ද ජයතිස්ස අමාත්‍යවරයා එසේ පෙන්වාදුන්නේ කිරුළපන පොහෙන්ගොඩ රජයේ ප්රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාවේදි ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියා නැගු ප්රශ්නය
මේ වෙන කොට වෙඩි තැබිම් 30 ක් වාර්තා වෙනවා. පුද්ගලයෝ 29 දෙනෙක් ඝාතනය කරලා තියේනවා. පොලිස් අත්අඩංගුවේ මිය ගිය සංඛ්‍යාව වැලිකඩ සිද්ධියත් සමග 08 වෙනවා. මතුගම ප්‍රදේශයේ සාදයකදී ඇති වු කතා බහක් පදනම් කරගෙන පොලිසිය තරුණයෙකුට පහර දිලා අරගෙන යන්න උත්සහ කරනවා. පස්සේ එම ස්ථානයේ සිටි මහජනයා ඊට ඉඩ දෙන්නේ නැහැ. පොලිස් පහර දීම නිසා තරුණයා පසුව රෝහල් ගත වෙනවා .පොලිසිය සිවිල් පිට ගිහිල්ල රෝහලෙන් තරුණයාව පැහැරගෙන යනවා. පොලිසියත් පාතාලයත් තරගයට මහජනයා මරන්න පටන් අරගෙන. අනුරාධපුරයේ වෛද්‍යවරිය දුෂණය කළා කියන තරුණයාට පොලිසිය දුෂණය කරනවා . නමුත් ඒ නිලධාරින් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ. මේ වර්ධනය භායනක තත්වයක් ලෙස ආණ්ඩුව දකින්නේ නැත්තේ ඇයි?
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
පොලිස් අත්අඩංගුවේ සිටියදී,යම් පුද්ගලයෙකු මිය යෑම බැරැරුම්ව සලකනවා. පොලිස් අත්අඩංගුවට මිය යෑම් සාධාරණීකරනය කරන්නේ නැහැ. පොලිසියේ ඉතිහාසය අනුව ජනතාව පොලිසිය කෙරෙහි සැකයෙන් බලන්න පුරුදු වෙලා තියේන නිසාම පොලියේ පැත්තෙන් විශාල වගකිමක් තියේනවා මෙි වැනි සිදුවිම් පිළිබදව සත්‍ය ජනතාවට හෙළිදරව් කරන්න.
.ප්රශ්නය -වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් කරලා තියෙනවා ශරීරයේ කොටස් පොලිස් කූඩුවේ බිත්තියේ වද්දා ගත්තා කියලා. ඒ තරුණය තමන්ගේ ශරිරයේ කොටස් අතට අරගෙන බිත්තියේ ගහ ගත්තේ. ඒ සිදු විමේ බරපතළ කම සැකිල්ලට ගන්නේ නැතුව තමයි මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ. තරුණ ජිවිතයක් .කිසිදු වගකිමක් නැහැ.පොලිස් ඇතුලේ ශරීරයේ කොටස් වද්ද ගත්ත විධිය අපි පොලිස් ඉතිහාසය පුරා දන්නවා. ඔබත්, මමත්, සමාජයත් අත්දැකිමෙන් දන්නවා. ඒ බරින් තමයි මාධ්‍ය නිවේදනය නිකතු කරන්න ඔ්නේ . අපක්ෂපාති වෙන්න ඔ්නිනේද?
පිළිතුර -පොලිසිය පිළිබද ජනතාව තුළ අවිශ්වාසයක් ඇති වුනොත් පොලිස්යේ ප්‍රතිරුපයට හානියක් කර ගත්තොත් ඒතැන් එහාට නීතිය හා සාමය පවත්වාගෙන යන්න බැහැ.ඒ නිසා අසුපන්දාහක් ඉන්න පොලිසිය ඇතුලේ යම් කෙනෙක් හෝ දෙතුන් දෙනෙක් යම් සිදුවිමකට සම්බන්ධ වෙලා තියේනවා නම් අනිකුටත් කටයුතු වඩා නීතිය ක්‍රියාත්මක කරලා පොලිසියේ විශ්වාසය ආරක්ෂා කර ගන්න එක වර්තමාන පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායමේ වගකිමක් වෙනවා. ආණ්ඩුව හැටියට අපි තදින් ඉන්නවා කියන්න ඔ්නේ. නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සදහා විශ්වාසවන්ත පොලිසියක් අවශ්‍යයි. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණයක් අපි ලබා දෙන්නේ නැහැ.
ප්රශ්නය – ඔබතුමා කියනවා සමන්ය සිදුවිම් ලෙස සලකන්නේ නැහැ කියලා. නමුත් අද දවසේ සිද්ධ වුණු වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිසියෙන් එවන නිවෙිදනයේ තියේනවා මේක හුදකලා සිදුවිමක් කියලා. මොකක්ද මේ හුදකලා සහ සමාන්‍ය සිදුවිම කියලා කියන්නේ?
පිළිතුර -මේ වෙඩි තැබිම් එකක්වත් සමාන්‍ය වෙඩි තැබිම් ලෙස සලකන්නේ නැහැ. .අපේ ආණ්ඩුව ආවාට පස්සේ මේ ඝාතන වෙඩි තැබිම් සිදු වු පලමු මොහොතේ අපි කිව්වා බැරැරුම්ව සලකනවා කියලා.සමහර සිදුවිම් තිබෙනවා අපරාධ ජාලයක කොටසක් හැටියට. සිදු වු සිදුවිම් සම්බන්ධයේන් පරික්ෂණ වල ප්‍රගතිය වාර්තා වෙලා නැහැ. ඒ පුද්ගලයා වෙඩි වැදි යම් වෙිලාවකට පස්සේ තමයි සොයා ගන්නේ. වෙඩිකරුවා මේ මොහොත වෙනකම් අල්ලා නැහැ.අනිවාර්ය වශයෙන් පොලිස් පරික්ෂන ක්‍රියාත්මක වෙනවා. දෙවුන්දර වෙඩි තැබීම සම්බන්ධයෙන් දෙදනෙක් පොලිස් භාරයේ ඉන්නවා. මේ එක වෙඩි කැබිමකටවත් ලෙහෙසියෙන් ලිස්සලා යන්න දෙන්නේ නැහැ.මෙම වෙඩි තැබිම් වලට සම්බන්ධ සමහර පොලිසියේ ,බන්ධනාගාරයේ ,ආරක්ෂක අංශ වල අයවත් අපි අත්අඩංගුවට අරගෙන තියේනවා. මෙම සිදුවිම් අපරාධ ජාලයක කොටසක් ද කියලා සොයන්නට රැදවුම් නියෝග අරගෙන පරික්ෂණ කරගෙන යනවා. අපිට ආණ්ඩුවක් විධියට අවශ්‍ය මේ සිදුවිම් නතර කර ගන්න. එම සිදුවිම් සංවිධානාත්මකව කුමන්ත්‍රණකාරි විධියට සිදු වෙනවාද නැතිනම් හුදකලා සිදුවිම් ද යන්න වාර්තා කරන්නම්. ඔබ ඒ පිළබද වාර්තා නොකරන්නේ විමර්ශන වලට බාධා වන නිසාමයි. මේ කිසිම සිදුවිමක් සමාන්‍ය සිදුවිම් ලෙස සලකන්නේ නැහැ. අපි ඔබට එහෙම උත්තර දුන්නේ විපක්ෂය විසින් ජාතික ආරක්ෂාව අනතුරේය මාර ප්‍රශ්නයක් කියලා මාර ඝෝෂාවක් හදන්න යනවා මේ වෙඩි තැබිම් පදනම් කරගෙන. පොලිසිය , බුද්ධි අංශ පවා මේ ජාලය හදුනන ගන්න කැපවිමෙන් වැඩ කරනවා. මෙහෙ විතරක් නොවෙයි පිටරට සිට මෙහෙවන අය පිළිබදවත් විමර්ශන ආරම්භ කරලා තියේනවා.ඒ අය ලංකාවට ගෙන්වා ගැනීමේ කඩිනම් ක්‍රියාවලියක් දියත් වෙනවා.දැනටමත් ඉන්දියාවේ සිට කිප දෙනෙක් රැගෙනවිත් තියේනවා. තවත් රටවට පැනලා ඉන්න කිපදෙනෙකුත් ගෙන්වා ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියකුත් සිදු වෙනවා.
ප්‍රශ්න – නලින් හේවගේ ඇමතිවරයා ප්‍රකාශ කළා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ගන්න කොට විදේශ සංචිත තිබුනේ ඩොලර් මිලියන 20 ක් පමනයි කියලා එක සත්‍යයක්ද? වර්තමානයේ ඩොලර් මිලියන 6190 ක විදේශ සංචිත තියේනවා කියලා නලින් හේවගේ ඇමතිවරය කියනවා.රට බාර ගන්න කොට තිබුනේ ඩොලර් මිලියන 20 යි අම්මපා දැන් ඩොලර් මිලියන 6190 තියෙනවා කියලා ඔහු දිවුරලාම කිව්වා. මේ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ඇත්තද?
පිළිතුරු – ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තියේන විදේශ සංචිත ප්‍රමානය මම කියන්නම්, 2024 සැප්තැම්බර් මාසයේ තිබුණා ඩොලර් මිලියන 6.99 යි ඔක්තෝම්බර් මාසයේ මිලියන 6.47 යි නොවැම්බර් මසයේ 6 .45ක් දෙසැම්බර් මාසයේ ඩොලර් මිලියන 6.12 ජනවාරි මාසයේ ඩොලර් මිලියන6.08 ක් 2025 මාර්තු වෙන කොට ඩොලර් මිලියන 6.51ක් වරදක් වෙලා තියේනවා නම් මේ සංඛ්‍යා ලේඛන පිළිගන්න කියලා තමයි කියන්නේ.