අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජන්ද ව්‍යාපාරය බිලිගත් ශ්‍රී ලාංකීකයන් සිව් දෙනා වහා නිදහස් කරනු !

ත්‍රස්ත ක්‍රියාවක් සිදු  කිරීමේ සුදාමින් ඉන්දියවට ගිය යැයි කියන ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු පසුගියදා අහලමාදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ගුජරාට් ත්‍රස්ත මර්දනය ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේය .

මොහුන් අහලාමාදාබාද් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගන්නේ ඉන්දියාවේ මැතිවරණ උණුසුමක් පැවති තත්වයක් තුළත් අයිපිඑල් තරගයට සහභාගිවන කණ්ඩායම් තුනක් එදිනම එම ගුවන් තොටුපලට පැමිණිමට නියමිතව තිබු නිසාත් එම සිද්ධිය කෙරෙහි ලෝකයේම දැඩි අවධානයනට ලක් විණ .

ඉන්දියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකීකයන් සිවු දෙනා අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ පිරිසක් මෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයු සහරාන් හසීම්ට අයත් තවුදිත් ජමාත් සංවිධානයේ සමාජිකයින් බව ඔවුන් පැවසුවා යැයි ගුජරාට් ත්‍රස්ත ඒකකය පවසයි .

අයි .එස් .අයි .එස් . සංවිධානයට සම්බ්න්ධ බව ඉන්දියානු ආරක්ෂක අංශ පවසන ශ්‍රී ලංකීකයන් සිව් දෙනා එම රටට ගොස් ඇත්තේ කිතුනුවන් ,යුදෙව්වන් ,භාරත ජනතා පක්ෂය සහ ආර්.එස් .එස් නායකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට බව ගුජරාට් පොලිස් ප්‍රධානී විකාශ් සහේ පවසයි.

මෙම ශ්‍රී ලංකිකයන් සිව් දෙනා මොහොමඩ් නුෂ්රාත් (34), මොහොමඩ් නෆ්රාන් නවුෆර් ,(27)  මොහෙමඩ් රස්ඩීන් අබ්දුල් රසීම් (45) සහ මොහොමඩ් ෆාරිස් මොහොමඩ් ෆාරුක් (27)  මීගමුව සහ කොළඹ නගරයේ පදිංචිකරුවන් වෙති .

නුෂ්රාත් 40 වතාවකුත් නෆ්රාන් නවුෆර් 38 වතාවකුත් අබ්දුල් රසීම් සහ මොහෙමඩ් ෆාරුක් යන දෙදනා පළමු වතාවටත් ඉන්දියාවට ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණි .

මෙම සිව් දෙනා තදබල ලෙස අයිස් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවුවන් බවත් මොහුන් ඉන්දියාවට ගොස් ඇත්තේ රත්තරන් ,ජංගම දුරකතන සහ මත්ද්‍රව්‍ය මෙරටට රහසිගතව ගෙන එමට බවත් විශේෂයෙන් නුෂ්රාත් සහ නෆ්රාන් නවුෆර් එම නීති විරෝධී ජාවාරම් වල දිගටම යෙදි ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි .

 ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා ගොස් අත්අඩංගුවට පත් වු සිව් දෙනා මෙහෙයවා ඇත්තේ පකිස්ථාන් ජාතිකයෙකු වන අබු නැමැත්තෙකි . ඔහු එම ප්‍රහාරය සදහා ඔවුන්ට ශ්‍රී ලංකා මුදල් වලින් ලක්ෂ හතරක මුදලක් ලබා දි ඇතැයි ගුජරාට් පොලිස් ප්‍රධානී සහේ ඒ රට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට ඇත.

අහමාදාබාද් නගරයට ආසන්න නානාවිඩෝලා ප්‍රදේශයේ සගවා තිබි පකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල තුනක් හා පතොරම් කිපයක් සොයාගත් බව ගුජරාට් පොලිස් ප්‍රධානී සහේ පවසයි . ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය එම ආයුද සොයාගෙන ඇත්තේ සැකකරුවන් සතුව තිබු ජංගම දුරකතන විශ්ලේෂණය කිරීමෙන් සහ ප්‍රශ්න කරද්දී ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු මත බව ගුජරාට් පොලිස් ප්‍රධානී සහේ පවසයි .

ඉන්දීය ආරක්ෂක අංශ පවසන ශ්‍රී ලංකීය අයිඑස්අයිඑස්ලා ගැන දේශීයව විමර්ශන සිදු කරන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින්ය .ඒ සදහා පොලිස් අධිකාරීවරුන් දෙදනෙකුගේ අධික්ෂණය යටතේ කණ්ඩායමක් පත් කර ඇත.

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කරන්න ගිය ශ්‍රී ලංකීය අයිඑස්අයිඑස් සිව් දෙනාගෙන් දෙදනෙක් නාට්ටාමිලා බවත් සිව් දෙදනාගේම විවහා අසාර්ථක වුවන් බව සිළුමිණ පුවත් පත ගුජරාට් පොලිස් ප්‍රධානී විකාශ් සහේ සොයා ගත්තාටත් වඩා වැදගත් යමක් ඔවුන් පිළිබදව සොයාගෙන ඇත.  අයිඑස්අයිඑස් සංවිධානයේ නාට්ටාම්ලා බැදෙන්න බැරි හෝ එම සංවිධානයේ නාට්ටාමිලා නැතැයි අපට කිව නොහැකිය .ඒ වගේම විවහා අසාර්ථක වුවන්ට මෙන්ම නාට්ටාමිලාට අයිඑස්අයිඑස් සංවිධානයේ බැදෙන්නට නොහැකි යැයි එම සංවිධානය ප්‍රකාශ කොට හෝ සදහන් කර නැත.

ආණ්ඩුවේ සිළුමිණ පත්තරයට “ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කරන්න ගිය ලංකාවෙන් ගිය අයිඑස්අයිඑස් නාට්ටාමිලා” යන ලිපිය සම්පාදනය කළ ගයාන් කුමාර වීරසිංහ නාට්ටාමිලා අවමංගත කරමින් ඒවැනි අයට අයිඑස්අයිඑස් සංවිධානයට බැදෙන්න බැහැ වගේ කතා ඇතුලේම එම සංවිධානයට දැඩි විනයක් තියෙන රැකියාවෙන් මෙන්ම තත්වයෙන් උස්ස පුද්ගලයන් සිටින සංවිධානයක් බව වීරසිංහ කියන්ට උත්සහ දරා ඇත. වීරසිංහගේ අයිඑස්අයිඑස් විරෝධය හුදු අයිඑස්අයිඑස් විරෝධයක් නොව මුස්ලිම් විරෝධයට බවට සැකයක් නැත. ඔහු එක මෙහොතේ අයිඑස්අයිඑස් විරෝධියෙකු මෙන්ම එම සංවිධානයේ ප්‍රචාරකයෙකු බවට පත් වෙයි . වීරසිංහ අවිඥානිකවම අයිඑස්අයිඑස්ලා සහ නාට්ටාමිලා අතර වෙනස ලකුණු කරන්නට උත්සහ කරයි . අයිඑස්අයිඑස් අතර නාට්ටාමිලා සිටින බව ඔහු පිළිගන්නට කැමැත්තක් නැති බව මුළු ලිපිය පුරා දක්නට තිබේ.

ඉන්දිය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් සිව් දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු සහ ආගමික අන්තවාදීන් බවට තොරතුරු හෙළිදරව් වි නොමැති නිසා ඔවුන් අයිඑස්අයිඑස් කාරයන් විය නොහැකි බව තර්ක කරන වීරසිංහ  “අත්අඩංගුවේ දිර්ඝ ලෙස කෙරෙන ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් බොහෝ දේවල් හෙළිකර ඇති බව සදහන් වුවත් හැම දේයක් ඇත්තේ විමර්ශන මට්ටමේ යැයි “ඔහු  ලියා ඇත.  බොහෝ දේවල් හෙළිකර ඇති බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය අමීර්ගෙන් ප්‍රශ්න කරද්දී වැදගත් තොරුතුරු රැසක් එළිකරගෙන ඇතැයි කියමින් වීරසිංහ එම තොරතුරු හෙළි නොකරමින් , සිංහල සමාජය තුළ මුස්ලිම් භිතිකාවක් නඩත්තු කිරීමට අවිඥානිකව හෝ සවිඥානිකව උත්සහයක් දරා ඇත.

ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ලෝක පරිමානව මුස්ලිම් ජනයාට එරෙහිව සමුල ඝාතන යුද්ධයක් ආරම්භ කර ඇති අවදියක වීරසිංහ ඇතුළු සිංහල ස්වොත්තමවාදීන් මුස්ලිම් ජනයා කෙරෙහි වපුරන භිතිකාව නිකම් ම සිංහල ස්වෝත්තමවාදය ලෙස ගණන් බැලීම වැරදි වන අතර එය අධිරාජ්‍යවාදී යුද්ධයේම නිෂ්පාදිතයකි .

අහමදාබාද් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ලංකීය අයිඑස්අයිඑස් සැකකරුවන් සිව් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දිය බුද්ධිය අංශ වලට කලින් ලැබුණු තොරතුරුක් මත බව මාධ්‍ය වාර්තා කර ඇත.

මොහුන් කටුනායක ගුවන් තොටුපලින් චෙන්නායි බලා ගොස් එතැනින් අහමදාබාද් කරා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි .

ඉන්දීය ආරක්ෂක අංශ අයිඑස්අයිඑස්ලා යැයි හංවඩු ගසා අත්අඩංගුවට ගත් සිව් දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු ඉන්දියාව සහ ලංකාව අතර නීති විරෝධි භාණ්ඩ ප්‍රවාහානයේ යෙදීගත් අය මිස අයිඑස්අයිඑස් සංවිධානයට මොනම  යම් හෝ ආකාරයෙන් සම්බන්ධ පිරිසක් නොව බවට ත්‍රස්ත විමර්ශන ඒකකය කරුණු අනාවරණය කරගෙන ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි .

ගුජරාට් පොලිස් ප්‍රධානී සහේ පවසන පරිදි මොහුන් තිදෙනා ඉන්දියාවට පැමිණ ඇත්තේ ,කිතුනුවන් ,යුදෙව්වන් භාරතීය ජනතා පක්ෂයේ සහ ආර්.එස්.එස් නායකයින් ඝාතනය කිරීමටය . සහේ වහෙන්‍ ඔරෝ භාෂාවෙන් කියන්නේ ඉන්දිය ආක්ෂක අංශ පවසන ලංකීය අයිඑස්අයිඑස් ඉන්දියාවට ගොස් ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ නායකින් මෙන්ම ආර්.එස්.එස් නායකයින් ඝාතනය කිරීම සදහාය . ඔවුන් මෙහෙවා ඇතැයි ඉන්දිය ආරක්ෂක අංශ පවසන්නේ අබු නැමැත්තෙක් වන අතර ඔහු ද පාකිස්ථාන් ජාතිකයෙකි .ඉන්දිය ආරක්ෂක අංශ ලාංකීය අයිඑස්අයිඑස්  සිව් දෙනාගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් සගවා තිබු පාකිස්ථානයේ නිෂ්පාදිත ස්වයං ක්‍රිය පිස්තොල තුනක් සහ පතොරම් කිපයක් සොයාගෙන ඇත. පිස්තෝල හා පතොරම් නානාවිඩෝල ප්‍රදේශයේ තිබි අත්අඩංගුවට ගත්තා යැයි ගුජරාට් පොලිස් ප්‍රධානී සහේ පැවසුවද එම ආයුද තිබුණේ පුද්ගලයෙකු ලග ද නිවසක ද යන්න සදහනක් නැත .  මේ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැත . නානාවිඩෝලයට ආයුද පාදුර්භුත වී ඇත.

පාකිස්ථානය ඉන්දියවේ ප්‍රතිවාදියෙකු වන අතර ලංකීය අයිඑස්අයිඑස් මෙහෙයුම් අබු සහ ආයුද පාකිස්ථාන් විම අහම්බයක නොව අනිවාර්‍යයකි . මන්ද පකිස්ථානය සහ ඉන්දියාව අතර ගැටුම ආගමික ගැටුමකි . පකිස්ථාන්  පුද්ගලයෙකුගේ මෙහෙවිමෙන් භාරතිය ජනතා පක්ෂයේ සහ ආර් එස්  එස් නායකයින් මරා දැමීමට පැමිණි අයිඑස්අයිඑස්ලා සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්තා යන සිද්ධිය හින්දු ජනයා ප්‍රකෝප කරන ප්‍රවෘත්තීයකි. මැතිවරණයක් අද්දර මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ ඉන්දිය කම්කරු -පීඩිත ජනයාගේ මොන යම් හෝ සමාජ ආර්ථික ප්‍රශ්නයක් විසදීමට අසමත් නරේනද්‍ර මුඩි ඇතුළු ධනපති පාලක හැත්ත ජාති  ආගම් සහ කුල ප්‍රශ්න ඉස්මත්තට ගෙන තවදුරටත් බලයේ රැදීමට දරණ ප්‍රයත්නයකි . අගමැති නරේන්ද්‍ර මුඩි හින්දු ස්වෝත්තමවාදියෙකි .

2002 වර්ෂයේ ගෝද්‍ර නගරයේ දි  දුම්රියට ගිනි තැබු විට එහි ගමන් කළ හින්දු මගීන් දුසීම් ගණනක් පිලිස්සී මිය යෑමත් සමග ඇති වු ප්‍රචණ්ඩත්වය නිසා දහකට අධික පිරිසක් මිය ගිය අතර ඒ අතරින් වැඩි පිරිසක් මිය ගොස් සිටියේ මුස්ලිම්වරුන්  වෙති . මුස්ලිම්වරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර මුඩිට චෝදනා එල්ල විය . ඒ අවධියේ නරේනද්‍ර මුඩි ගුජරාට් මහ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත.

නුෂ්රාත් 40 වතාවකුත් නෆ්රාන් නවුෆර් 38 වතාවකුත් ඉන්දියාවට ගොස් ඇති අතර ඒ කිසිම අවස්ථාවක ඉන්දිය ආරක්ෂක අංශ  වල ඇස ඔවුන් කෙරෙහි යොමු වී තිබි නැත. ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයට යන එන නුෂ්රාත් සහ නවුෆර් හොදින් දැන සිටියේය . ඔවුන් ඉන්දියාවට නිතර  ගියේ වන්දනාගමක් සදහා නොව , ව්‍යාපාර කටයුතු සදහා යන්න ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය ද දැනුවත්ය .

අහමදාබාද් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපට ඉන්දිය ආරක්ෂක අංශ පවසන ලංකිය අයිඑස්අයිඑස්  සිව් දෙනා ගොඩබැස ඇත්තේ මැයි 19 වනදාය ‍. අයිපීඑල් තරගයට සහභාගිවන කණ්ඩායම් හතරක් එදින පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීමට නියමිතව තිබි ඇත.  ඊට කලින් එම ගුවන්තොටුපලට ප්‍රහාරයක් එල්ල කරන බවට රාවයක් ද පැතිර ගොස් තිබුණි . ඒ වැනි තත්වයක් ඇතුළේ ඔවුන් මුස්ලිම් විම නිසා සැකපිට අත්අඩංගුවට පත්වන්නට ඇත.  බොහෝ විට එය අහම්බයක් විය හැකිය . අහමදාබාද් කියන්නේ නරේන්ද්‍ර මුඩ්ගේ අණසකට යටත් ප්‍රදේශයකි . ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගන්නා ලාංකීය මුස්ලිම් ජාතිකයින් සිවි දෙනා පසුව අයිඑස්අයිඑස් බවට පත් කරන්නේ මැතිවරණය සමගය . එසේ නැතිනම් ඉන්දිය රෝ ඔත්තු සේවාව සහ ලංකාවේ හමුදා බුද්ධි අංශ වල අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත සිද්ධ වු දෙයක් ද යන්න සැකකයක් පවති . සහාරන් ඇතුළු පිරිස 2019 අප්‍රේල් 19 පාස්කු ප්‍රහාරය එල්ල කළේ ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ මහෙයවිමෙන් බව ලෝකයම දන්නා කුප්‍රකට රහසකි . ඉන්දියන් රෝ ඔත්තු සේවය ඒ පිළිබදව ලංකාවේ අරාක්ෂක අංශ දැනුවත් කර තිබියදීත් ලංකාවේ බුද්ධි අංශ හොරාට බුදියගෙන සිටියේය .

අතුරුදන්ව සිටින සාරා ජේස්මින් හෙවත් පුලස්ති මහෙන්ද්‍රන් කටුවාපිටිය දෙවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් අච්චි මොහොමඩ් හස්තුන්ගේ  බිරිදය වෙයි . ඇය රෝ ඔත්තුකාරියක් බවත් වාර්තාවේ .පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආන්දෝලාත්මක ප්‍රකාශයක් පසුගිය දා කළේය . ඒ පිළිබදව මාධ්‍ය ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේ සිරිසේන පැවසුවේ ශ්‍රී ලංකා ඉන්දියන් තානාපති කාර්යාලය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කළ බවයි.

පාස්කු ප්‍රහාරය දියත් කරමින් මරාගෙන මැරුණු සහරාන් ඇතුළු පිරිස මෙහෙයවා ඇතැයි හමුදා බුද්ධි අංශ පවසන්නේ අබු හිද් නැමැත්තෙකි . නරේන්ද්‍ර මුඩිලාට එරෙහිව ලංකීය අයිඑස්අයිඑස්ලා මෙහෙයවා ඇත්තේ අබු නැමැත්තෙකි . අබු හිද් සහ අබු යන දෙදනාම පාකිස්ථාන් ජාතිකයෝ වෙති . අබු යන්නෙහි තේරුම පියා යන්න වන අතර මුස්ලිම් සමාජයම දඩයම් කිරිම මෙහි අරමුණ වෙයි .

ලාංකීය අයිඑස්අයිඑස්ලාට අබු හෝ ඔවුන්ව ඉන්දියාවේ සිට මෙහෙයු පුද්ගලයින් විසින් ඉලක්කය කුමක්දැයි දැනුම් දී නැතැයි පවසන ගුජරාට් පොලිස් ප්‍රධානී සහේ පවසයි . ඉලක්කය දැනුම් දි නැතත් එම ප්‍රහාරය සදහා භාවිතා කරන ආයුධ සගවා ඇති ස්ථානය පිළිබදව කලින් ඔවුන්ව දැනුවත් කර තිබි ඇත. නරේන්ද්‍ර මුඩි සහ ආර්එස්එස් නායකයින් ඝාතනය කිරීම සදහා ලාංකීය අයිඑස්අයිඑස්ලා ලබා දී ඇත්තේ ස්වයං ක්‍රිය පිස්තෝල තුනකි . ප්‍රහාරයට හතර දෙනෙකු සහභාගිවන අතර පිස්තෝල තුනක් දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් මතු වේ . නරේනද්‍ර මුඩිට සහ ආර්එස්එස් නායකයින්ට දැඩි ආරක්ෂාවක්( විශේෂයෙන් මැතිවරණ අවස්ථාවක) සපයා තිබෙන අවස්ථාවක ඔවුන්ගේ සමීපයට ගොස් වෙඩි තැබිය හැකි ද? අයිඑස්අයිඑස් සංවිධානය මේ වැනි අවස්ථාවල දී වැඩියෙන් භාවිතා කර ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරයන්ය. නැතිනම් දුරදිග අවි භාවිතා කොට පහරදිම්ය.මේ සියලු කාරණා විශ්ලේශ්ෂණය කරද්දි පැහැදිලි වන්නේ මෙය ප්‍රබන්ධයක් බවයි .

ලාංකීය අයිඑස්අයිඑස්ලාගෙන් ප්‍රශ්න කරද්දී ,ඔවුන් ලංකාවේ තහනම් සංවිධානයක් වන තවුහිත් ජාමාත් (NTJ) සංවිධානයේ සමාජිකයින් යැයි පැවසු බව ගුජරාට් පොලිස් ප්‍රධානී සහේ මාධ්‍යයට පවසා ඇත. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව 2019 මැයි 04 වන දා තවුහිත් ජාමාත් සංවිධානය මෙරට තහනම් සංවිධානයක් ලෙස නම් කරනු ලැබුණි‍.පාස්කු ප්‍රහාරයත් සමග එම සංවිධානය සමාජිකයන් මෙන්ම හිතවතුන් පවා අත්අඩංගුවට ගෙන ඇති තත්වයක ලංකාවේ ආරක්ෂක අංශ වලට අසු නොවි නුෂ්රාත් ,නවුෆර් ඇතුළු පිරිස සැග වී සිටියේ කෙසේද? ගුජරාට් පොලිස් ප්‍රධානීයාගේ එම හෙළිදරව් කිරීමත් සමග ලංකාවේ ආරක්ෂක අංශ දැනුවත්ත ද එම පිරිස අත්අඩංගුවට ගත්තේ යන සැකය එළියට කාන්දු වී ඇත.

ඉන්දිය ආරක්ෂක අංශ පල්ල ගැලවි ඇති මුඩිගේ ජන්ද ගොඩ වැඩි කිරීමක් සදහා ලංකාවේ අයිඑස්අයිඑස් සිව් දෙනා යොදා ගනිමින් නිර්මාණය කළ ටෙලි නට්‍යය හරියට ලංකාවේ ආයුද පෙන්වන්නට මාංජු දමා රැගෙන යන තරුණයන් පොලිසියට වෙඩි තබන්නට ගොස් වෙඩිකා මිය ය‍ෑම වැනිම කතාවකි.  

ලාංකීය මුස්ලිම් සිව් දෙනා ඉන්දියාවට ගියේ ඔවුන්ගේ මිතුරන් පවසන ආකාරයට නීති විරෝධි භාණ්ඩ මෙරට රැගෙන එම සදහාය . නුෂ්රාත් සහ නෆ්රාන් නවුෆර් මෙන්ම මෙරට ධනවත් ව්‍යාපාරිකයන් බහුතරයක් මුදල් උපයන්නේ (smaggle ) ජාවාරම් වලිනි .

ලාංකීය මුස්ලිම් ජාතිකයින් සිව් දෙනා අයිඑස්අයිඑස්ලා යැයි හංවඩු ගසා අත්අඩංගුවට ගැනීම ,ධනපති ක්‍රමයේ අර්බුදය මගින් නිර්මිත කාලකන්නි භාවයට ඇද දමා ඇති මිනිසුන් ඉන්දිය පාලක පන්තියේ ජාතිකවාදී පාදඩ අරමුනු වෙනුවෙන් යොදා ගැනීම මෙන්ම ඉන්දිය පාලක නන්නත්තාරකම පෙනවන්නකි.

ධනපති ක්‍රමයේ අර්බුදය විසින් මිනිස් දුවිලි බවට පත් කර ඇති මිනිසුන්ගේම මිනි කදු මතින් බලයේ රැදී සිටිමට ප්‍රයත්න දරණ ධනපති පාලක හැතිකරය පරාජය කළ හැක්කේ විද්‍යාත්මක ඉදිරි දර්ශනයක් සහිත ජාත්‍යන්තර කම්කරු -පිඩිත මහජනයාගේ ව්‍යාපාරයකට පමණි .එම ඉදිරි දර්ශනයට පිටු පා සෑම ව්‍යාපාරයක් අවසානයේ සිද්ධ කරන්නේ ඒ කාලකන්නි ක්‍රමය පවත්වගෙන යෑමට රුකුල් දීමකි .

අභුත චෝදනා එල්ල කර අත්අඩංගුවට ගත් ලාංකීකයන් වහා නිදහස් කරන්නැයි අගමැති නරෙන්ද්‍ර මුඩි ඇතුළු පාලක පන්තියට බල කරමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *