අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිගෙන් මානව හිමිකම් කොමිසම කරුණු විමසයි

The Human Rights Commission is asking the IGP for the arrest

සමාජවාදී තරුණ සංගමය මගින් පෙරේදා කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතා උද්ඝෝෂණයේ නිරත වු අරගලකරුවන් 85 දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් කඩිනම් වාර්තාවක් කැඳවා ඇතැයි එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.

එම වාර්තාව අද (26) පෙරවරුවේ කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ද කොමිසම් ආරංචි මාර්ග සදහන් කරයි.

පොලිසිය මගින් අත්ඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයන්ගේ තත්ත්වය පරික්ෂා කිරීම සදහා කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කළ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *