අදහස් ප්‍රකාශ කරන්න හෝ share කරන්න බැහැ , අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවනවා -ප්‍රසාද් වැලිකුඹුර

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාශය එක්සත් සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රසාද් හේමකුමාර වැලිකුඹුරගෙන් අද (14) උදේ දහයේ සිට සවස දෙක දක්වා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගෙන මුදාහැර ඇත.

වැලිකුඹුර අද (13) උදේ (10 ) ට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක කොට්ඨාශය වෙත ගියේ එම දෙපාර්මේන්තුව මගින් කරන ලද ලිඛිත දැනුම් දීමකට අනුවය .

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව වැලිකුඹුරට එම දෙපාර්මේන්තුවට අද (13) එන්නැයි දැනුම් දී ඇත්තේ මුහුණු පොතේ පල වු වැකියකි share කළා යැයි කියාය .

ලිබර් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකට ද? මනුෂයෙකුට තමන්ගේ අසහසක් පල කරන්න හෝ මුහුණු පොතේ පල වන අදහස් share කරන්න බැහැ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවනවා .මේ වැනි සමාජයකට ඉදිරියට යන්න පුළුවන්නද ? මේකට ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ .ආණ්ඩුව කම්කරු පීඩිත ජනතාවගේ ප්‍රශ්න විසදනවා වෙනුවට කරන්නේ නීති අණ පනත් ගෙනැල්ලා සමාජ අයිතීන් වලට වල කපන බව වැලිකුඹුර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැමිණ මාධ්‍ය අමතමින් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *