අද සිට ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජන අරඹති

ආණ්ඩුව බදු වෙනුවට දඩ ගැසීමේ ප්‍රතිපත්තිය වහා හකුළා ගන්නැයි බලකර ගෙන යන වෘත්තීකයින්ගේ එකාබද්ධව ගෙන යන සටනට සහාය ලබා දෙමින් , බස්නාහිර ,මධ්‍යම ,නැගෙනහිර සහ දකුණ පළාත්වල පිහිටි සියලු රෝහල් වල අද (13 ) සිට එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛධ්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .

හෙට (14) සිට වයඹ, උතුර , උතුරු මැද සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම රෝහල් වල එක් වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මාධ්‍යට ප්‍රකාශ කළේය .

මාර්තු 15 වනදා මුළු රටම අනාවරණය වන පරිදි සියලුම රෝහල් වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා පැවැසීය .

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි රජය දක්වන ප්‍රතිචාරය උඩ ඉදිරි ක්‍රියාමාර්ග මාර්තු 18 වනදා ප්‍රකාශයට පත් කරන බව ලේකම්වරයා කීවේය .

ළමා ,මාතෘ ,පිලිකා , ත්‍රිවිධ හමුදා සහ වකුගඩු රෝහල් වල මෙන්ම මානසික රෝහල් වල මෙම වැඩවරජනය ක්‍රියාත්මක නොවන බව ද වෛද්‍යවයා වැඩිදුරටත් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *