අධ්‍යාපන කප්පාදුවට, මර්දනයට එරෙහිව කොළඹ සරසවි සිසුන් නැගී සිටිති

පොලිසීය සහ කැරළි මර්දන පොලිසිය කොළඹ විිිිශ්ව විද්‍යාලයට පෙරේදා (07) කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව එම විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා පෙළපාලියක් ඊයේ (08) දහවල් පැවැත් වු අතර පොලිසිය එම විරෝධතා පෙළපාලියට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර , ඉදිරියට යෑම වළක්වන ලදි .

අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මාර්තු (07) පවත්වන ලද විරෝධතා පෙළපාලියට කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට දි කැරළි මර්දන පොලිසිය පාර හරස් කර , ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලද අතර එයින් බෙිරීමට පෙළපාලිකරුවන් විශ්ව විද්‍යාල භුමීයට දුව යන අතර එහි දි ‌කැරළි මර්දන පොලිසීය විශ්ව විද්‍යාල ඇතුළට ද කදුළු ගෑස් එල්ල කිරීමට එරෙහිව කොළම විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (08) එම විරෝධතා පා ගමන පැවැත් වුහ .

සරසවි සිසුන්ගේ පා ගමන මර්දනය කිරීම සදහා පොලිස් සහ කැරළි මර්දන පොලිසියට අමතරව යුද හමුදාවේ සන්නා සන්ද්ධ භටයන් 500 යක පමණ පිරිසක් කැදවා තිබුණි .

කදුළු ගෑස් ප්‍රහාර වලට ගොදුරු වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිපදෙනෙක් රෝගාතුරු වි තිබේ .

කොළඹ රාජකීය විද්‍යාල ඉදිරිපිට සිට කොළඹ විශ්ව විද්‍යාල දක්වා පොලිසිය සරසවි සිසුන්ව පන්නා ගෙන ආ අතර සිසුන් විශ්ව විද්‍යාල ඉදිරිපිට පැමිණ ආණ්ඩුවටත් පොලිසීයටත් එරේහිව සිය විරෝධතාවය පල කළහ . ඉන් පසුව විශ්ව විද්‍යාල සිසුන් රැලියක් පවත්වන ලද අතර එම රැලිය අමතමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශ කර සිටියේ , මර්දනයට එරෙහිව සිසුන්ගේ නැගිටිම අගය කරන අතර ඉදිරියේ දි අධ්‍යාපන කප්පාදුවට සහ මහජනයාගේ නිදහස වෙනුවෙන් ‌ගෙන යන ඔිනෑම සටනක දි ආචාර්ය සංගමය සිසුන් සමග සිට ගන්නා බවත්ය .

මහාජනයාගේ ජිවත්විමේ අයිතිය සහ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගෙන යන සටන ජල සඑහ කදුළු ගෑස් වලින් නතර කළ නොහැකි බව ශිෂ්‍ය නායකයෝ පැවැසුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *