අධිකරණයට අත දැමුවොත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුව පන්නවා -නීතිඥයෝ

අධිකරණයට අත දැමුවොත් රනිල් - රාජපක්ෂ ආණ්ඩුව පන්නවා -නීතිඥයෝ

අධිකරණයට අත නොතබන්නැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (18) දහවල් නීතිඤ සාමුහිකය මගින් විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් තරංගා මහවත්තව අන්තර් විස්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ නඩුවෙන් ඉවත් කිරීම එම විරෝධතාවයට හේතු වි ඇත.

මහේස්ත්‍රාත් මහවත්ත ඇයගේ නිල කාමරයේදි අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමිට ගිලන්පස පුජා කළ බව ත්‍රස්ත විමර්ශන එකකයේ නිලධාරීන් නීතිපති දෙපාර්මේන්තුවට කළ පැමිණිල්ලක් මත මහවත්ත මුදලිගේ නඩුවෙන් ඉවත් කිරීමට හේතු බව අධිකරණ කොමිසම් සභාව දන්වා ඇත.

මුදලිගේ නඩුවෙන් පමනත් නොව සිරි ධම්ම හිමියන්ගේ නඩුවෙන් මහවත්ත ඉවත් කර තිබේ .

අධිකරණයට අත දැමුවොත් රනිල් - රාජපක්ෂ ආණ්ඩුව පන්නවා -නීතිඥයෝ
අධිකරණයට අත දැමුවොත් රනිල් - රාජපක්ෂ ආණ්ඩුව පන්නවා -නීතිඥයෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *