අන්තරේ සාමකාමී පාගමන මර්දනය කරයි

Peaceful marches in Antare are suppressed with water and tear gas

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය කාර්මික විද්‍යාල (ටෙක්නිකල්) මංසන්ධිය දෙසට ගමන් කරද්දී , පොලිසිය එම විරෝධතා පා ගමන වැළැක්විම සඳහා ටෙක්නිකල් මංසන්ධිය පිවිසෙන මාර්ගය හරස් කොට හිස් ආවරණ හා ගෑස් මුහුණු පැලදගත් පොලිස් නිලධාරින් අත්වැල් බැදගෙන සිටියහ.

ඔවුන් ගේ පිටුපසින් ජල ප්‍රහාරක රථ සුදානම් කර තිබුණි .

විරෝධතාකරුවන් ආපසු හැරි මරදාන පොලිසිය දෙසට ගමන් කළ විරෝතාධතාකරුවන් ඩින්ස් පාර හරහා කොළඹ නව නගර ශාලාව දෙසට ගමන් කළ අතර, ඉන්පසු පොලිසිය සෞඛ්‍ය අමාත්‍යාංශය අසල දී කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට ක්‍රියා කළේය.

කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කරද්දී , විරෝධතාකරුවන් යළිත් මරදාන දෙසට ගමන් කළ අතර, පොලීසිය හා කැරලි මර්දන අංශ ද ඔවුන් පසුපස හඹා යමින් විරෝධතාව විසුරුවීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙසත් අත්අඩංගුවට ගත් අරගලකරුවන් නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

පොලිසිය සහා කැරලි මර්දන ඒකකය මගින් විරෝධතාකරුවන් විසිපස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අප කළ විමසුමකදී පැවසීය.

මෙම විරෝධතා උද්ඝෝෂණයේ දී අප ගත් ඡායාරූප පෙළක් පහතින් පළවේ …

(ඡායාරූප – ශාන්ත විජේසූරිය)

2 thoughts on “අන්තරේ සාමකාමී පාගමන මර්දනය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *