අන්තවාදී පිරිසක් ප්‍රහාරයකට කැසකවන බවට විදේස් ඔත්තු සේවාවක් හෙළි කරයි

පසුගිය දා කුරුන්දි පුරාවිද්‍යා භුමීයේ ඇති වු සිද්ධිය පෙරට දමාගෙන , සංවිධානාත්මක සිංහල බෞද්ධ අන්තවාදීන් පිරිසක් රටපුරා ආගම්වාදී හා ජාතිවාදී කොළහලයක් අවුලන්නට යන බවට ඉන්දියන් රෝ ඔත්තු සේවාව ලංකාවේ ආණ්ඩුවට හා ආරක්ෂක අංශ දැනුවත් කර ඇතැයි ලංකා ස්කයි නිවිස් වෙත වාර්තාවේ .

ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ආගම්වාදී සහ වර්ගවාදී ප්‍රහාරයක් දියත් කරන්නට අන්තවාදී පිරිසක් කැසකවන බවට ඉන්දියන් පුවත්පත් වාර්තා කර තිබු බවත් වාර්තාවේ .

කුරුන්දි පුරාවිද්‍යා භුමීයේ ඉදි කෙරෙමින් තිබු කටයුතු වහා නතර කරන්නැයි මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය . මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කළේ ,කුරුන්දි භුමීයට දෙමළ හින්දු ජනයා මෙන්ම සිංහල බෞද්ධ භික්ෂුන් අයිතිවාසිකම් කියන්නට යැමෙන් නැවත ආගම්වාදී කොළහලයක් ඇති වීම වැළැක්වීමටය .

මෙම අධිකරණ නියෝගය සිංහල බෞද්ධ අන්තවාදී කොටස් බෞද්ධයන්ට එරෙහිව සහ දෙමළාට පක්ෂව දුන් නියෝගයක් කියා දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා උසිගන්වති .

ශ්‍රී ලංකා දෙමළ කොන්ග්‍රස්යේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන් කුමාර් පොන්නම්බලම්ගේ නිවස ජනතාව සමග පැමිණ වටලන බවට සිංහල බෞද්ධ අන්තවාදී පක්ෂයක් නව සිහළ උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තර්ජනය කර ඇත.

1933 (බ්‍රිතානයේ යටත් විජිතයක්ව පැවති කාලයේ ) අංක 79 දරණ ගැසට් පත්‍රයක් මගින් කුරුන්දි භුමීය පුරාවිද්‍යා භුමීයක් ලෙස නම් කර ඇත . එම පුරාවිද්‍යා භුමීයට අක්කර 74 අයත් වේ . තවත් අක්කර 279 ක් කුරුන්දි පුරාවිද්‍යා භුමීයට අයිතියැයි ඇදා ගන්නට යැමෙන් මෙම තත්වය නිර්මාණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *