අපරාධ පරිගණක එකකය සරාජ් විල්සන්ව මුදාහරි

ලංකා ධීවර වරයා නීතිගත සංස්ථාවට හා එහි කළමනාකාරීත්වයට එරෙහිව අපහාසාත්මක චෝදනා කළා යැයි ලැබුුුණු පැමිණිල්ලක් මත අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක ඒකකය මගින් සරාජ විල්සන්ව අද (26) උදේ එම දෙපාර්මේන්තුවට කැදවා කටඋත්තරයක් සටහන් කරගෙන ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් කටඋත්තර ලබාගෙන තිබුණි .

විල්සන්ට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක ඒකකයේ එම පැමිණිල්ල දමා ඇත්තේ , ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක වන වඩුවෙල් සත්‍යානන්දන් නැමැත්තා විසිනි.

සත්‍යානන්දන් මෙම පැමිණිල්ල දමා ඇත්තේ “සියලුම සමාජිකයින් CFHC හි සිදුවන දුෂණ සම්බන්ධයෙන් සෑම වෙිදිකාවකටම දැනුම් දෙන්න .අපි එකතු වී හඩක් නගමු . කාලය මැමිණ ඇත. ඉහල පුටු දෙක ,දුෂිිත දේශපාලන බුරුවෝ දෙන්නා විසි කරලා අපේ CFHC පරම්පරාවට ඉතිරි කරමු ” යැයි වට්ස්ඇෆ් ගොනුවක විල්සන් පල කළ අදහස සම්බන්ධයෙනි .

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ දේශපාලන පත්වීම් මත පැමිණ එම සංස්ථාවේ මහජන සම්පත් කොල්ලකමින් සහ සම්පත් අවභාවිතා කරමින් සිදු කරන විනාශය වළක්වා ගැනීම සදහා ධිවර සංස්ථාවේ සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට , අග්‍රාමාත්‍යවරයාට ,අල්ලස් දුෂණ කොමිසමට ,එෆ් සීඅයිඩියට සහ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට ලිඛිතව පැමිණිලි කර තිබියදීත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ‌නොගෙන , එම සිද්ධියේ පැමිණිකරුවන්ව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදෙව්වේ සාක්කිකරුවන් බිය වැද්දීමට දැයි බරපතළ සැකයක් මතු වෙයි .

ධීවර සංස්ථාවේ සේවකයෝ එම ආයතනයේ දුෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරික්ෂණ දෙපාර්මේන්තුවට සහ අනෙකුත් ආයතන වලට සත්‍යානන්දට පෙර පැමිණි කළ බව දැනගෙන සිටියා නම් විල්සව අද එම දෙපාර්මේනතුවට නොකැදවන බව ඔහුගෙන්ට කටඋත්තර ලබාගත් නිලධාරීයා තමට පැවසු බවත් විල්සන් අප සමග පැවැසීය .

විල්සන් කොන්ත්‍රාත් පදනම මත ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කාර්මික ඉජිනේරුවෙකු ලෙස සේවකයට බැදී ඇත. ඔහු එම සංස්ථාවේ තක්ෂණික කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කර තිබිණ .

සරාජ් විල්සන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සංජය ජයසේකර අපරාධ පරක්ෂණ ‌දෙපාර්මේන්තුව හමුවේ පෙනි සිටියේය .

“තම සේවාදායකයා එරෙහිවට මෙම පරික්ෂණය කරගෙන යැමේ නෛතික හැකියාවක් ඇත්තේ නැති බවත් මෙම ආයතනයේ ඉහල නිලධාරීන් සිදු කර ඇතැයි කියන වංචා හා අක්‍රමිකතා පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්මේනතුවට , ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දැනුවත් කර තිබියදීත් ඒවා විභාග කිරීමකින් තොරව , පැමිණිකරුවන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට ‌කැදවා කටඋත්තර ලබා ගැනීම් , පැමිණිකරුවන්ව බිය ගැන්විමක් වගේම සාක්කිකරුවන්ට බලපෑම් කිරීමක් නිසා පරික්ෂණය වහා නතර කරන්නැයි “නීීීීතිඥ සංජය ජයසේකර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ලියුමකින් දැනු් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *