අපි කළ පව් වලට දැන් අපි වන්දි ගෙවනවා – රනිල් වික්‍රමසිංහ

අපි කළ පවුවලට දැන් අපි වන්දි ගෙවන බව ජනාධිපති රනිල් වික්‍ර්‍රමසිංහ පවසයි .

ජනාධිපති වික්‍රමසිංහ එසේ පවසා ඇත්තේ තරුණ කණ්ඩායමක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදීය .

නව මැතිවරණ ක්‍රමයක් සැකසීම පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් අවශය බව ජනාධිපතිවරයා එම හමුවේදි පැවැසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

ජනාධිපතිවරයා පවසා ඇත්තේ මැතිවරණයක දී අපේක්ෂයෙකුට වැඩි මුදලක් වැය නොවන ක්‍රමයක් සැකසීම එහි අරමුණ බවයි .

අපිට විදුලි බිල වැඩි කළේ , විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 230 ක පාඩුවක් ලබන බවත් විදුලි බිල වැඩි කළේ නැතිනම් ඔබලාට විදුලිය බලය ලැබෙන්නේ නැති බවත් අපි කරපු පවි දැන් අපි ගෙවන බව පැවැසු ජනාධිපතිවරයා විදුලි බිල වැඩි කිරීමට බල පෑ හේතු පෙන්වා දුන්නේය .

අපි මේ තත්ත්වය දිහා ධනාත්මකව බැලිය යුතු බවත් ඔබලාට අවශ්‍ය විධියට ක්‍රමයේ වෙසක් සිදු කළ යුත් බවත් දැන් මේ තියෙන පරපුර පරපුරවල් දෙක තුනකට පස්සේ ආපු එකාක් බවත් අපි බලන්නේ 2048 ලංකාව කොහොම රටක් වෙයිද කියා බව පැවැසු ජනාධිපතිවරයා දැන් ඉදලා අවුරුදු 25ක් ඉදිරියට යායුු බවත් ඒ වෙන කොට ඔබලාට අවුරුදු 60 වන්නේ නැති බව කීය .

අපිට අවශ්‍ය දියුණු රටක් වෙන්න බවත් මැදි ආදායම් සහ ඉහල මැදි ආදායම් රටක් වෙන්න බවත් අවුරුද්දකින් මේ ප්‍රශ්නය විසදිය නොහැකි බවත් ලංකාවේ ආර්ථික ආකෘතිය කුමක්ද ? එය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? යන්න පිළිබද තිරණයක්ගෙන ඔබ දැන්ම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා එම හමුවේ දී තරුණයන්ගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *