අපේක්ෂයෙකුට ඡන්දදායෙකුට වියදම් හැකි මුදල රුපියල් 20යි

සම්මත කර ඇති මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව දැනට ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන ආයතන ජනදය විමසීම් සදහා අපේක්ෂයින්ට හා දේශපාලන පක්ෂ වලට වියදම් කළ හැකි සීමාවන් මැතිවරණ කොමිසන් සභාව තිරණය කර ඇති බව වාර්තාවේ .එම තිරණ වලට ආදාළ ගැසට් නිවේදනයක් ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවද වාර්තාවේ .

මැතිවරණ කොමිසම තිරණය කර ඇති එම වියදම් අනුව කොට්ඨාශයට තරග කරන අපේක්ෂයෙකුට එම කොට්ඨාශයේ ජ්දායෙකු වෙනුවෙන් රුපියල් 20 ක මුදලක් වැය කළ හැකිය .

එසේම දේශපාලන පක්ෂයකට පළාත් පාලන ආයතනයේ මුළු ජන්දදායකයින් සංඛ්‍යාව සදහා එක් ජන්දදායෙකු වෙනුවෙන් රුපියල් 20 ක් වන ගුණාකාරයන් සීයට 60 ක මුදලක් වැය කළ හැකිය .

තවද සමානුපාතික ලැයිස්තුවේ සිටින අපේක්ෂකයෙකුට එම පළාත් පාලන ආයතනයේ මුුළු ඡන්දදායක සංඛ්‍යාවෙන් එක් ඡන්දදායෙකු වෙනුවෙන් රුපියල් 20 ගුණාකාරයෙන් සීයට 40 ක් වැය කළ හැකිය .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *