අමරසිංහ ‘ලබ්බෙන්’ සමාව ඉල්ලයි

දළදාවට අපහස කළා යැයි අපරාධ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට අද (31) ඉදිරිපත් කළ අවස්ථාවේ දින 14 කට රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළේය .

“දළදා මාලිගාවට මොන ලබ්බක් ද” කියා අපහාස කළා යැයි යන චෝදනාව යටතේ අමරසිංහට එරෙහිව නඩුවක් පවරා ඇත.

සැකකරුව ලබන 10 වෙනාදා හඩ පරික්ෂණටක් සදහා රස පරික්ෂක දෙපාර්මේන්තුවට වෙත ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්මේන්තුවට නියෝග කළේය .

දළදාවට අපහස කළා යැයි කියන විඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැඑරීම පගින් බුදු දහමට හෝ දළදාවට හෝ කිසිදු අපහාසයක් කරන්නට අපේක්ෂා නොකළ බවත් යම් කිසි අපහාසයක් වි ඇත්නම් ප්‍රසිද්ධියේ මහ සංඝරත්නයෙන් සහ සමස්ත බෞද්ධ ජනතාවගෙන් සමාව ගැනීමට මගේ සේවාදායකයා සදානම් බවත් අමරසිංහ වෙනුවෙන් පෙනි සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දුන්නේය .

තෛනිකායික මහ ස්වාමින් වහන්සේලාගෙන් සමාව ඉල්ලා තමන් ලිඛිත ලියුුුුුමක් උන් වහන්සේලා වෙත යැවු බවත් නීතිඥ කුරුප්පු වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *