අමල් සාලින්ද, රගු,නිරංජන් ඇතුළු 07ක් පැහැර ගනී

kidnaps 07 including Salinda, Raghu, Niranjan

අන්තර් විශ්වවිද්‍යාලායීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය විරෝධය පෙළපාලියට සහභාගි වී සිටි අමල් සාලින්ද ,රගු සහා නිරංජන් යන අරගලකරුවන් කිසියම් නාදුනන පිරිසක් පැහැර ගෙන ගොස් තිබේ .

ඔවුන් පැහැර ගෙන ගොස් ඇත්තේ ,WP – NA 0410 අංකය සහිත් සුදු පාට KDH වැන් රථයකිණි .

සාලන්දව මිට පෙර අවස්ථාවක විශේෂ කාර්ය බලකාය මගින් කොටුවේ දී පැහැර ගෙන ගොස් පසු කොටු පොලිසියට බාර වී තිබුණි .

සාලින්ද බන්ධනාගාරගත වී සිට පැමිණ සති දෙකක් නැත.

අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් ඇරඹූ පා ගමන ටෙක්නිකල් මංසන්ධියේ දී විසුරුවා හැරීම සඳහා ඒ ආසන්නයේ පොලීසිය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබුණත් විරෝධතාකරුවන් ගමන් මග වෙනස් කරමින් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර, ඉන්පසු ආරක්ෂක අංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ දී කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට ක්‍රියා කළහ.

කඳුළුගෑස් හා ජල ප්‍රහාර මධ්‍යයේ විරෝධතාකරුවන් යළිත් ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් කළ අතර, පොලීසිය හා කැරලි මර්දන අංශ ද ඔවුන් පසුපස හඹා යමින් විරෝධතාව විසුරුවීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

(අරගලකරුවන් පැහැරගත් වෑන් රථය)

1 thought on “අමල් සාලින්ද, රගු,නිරංජන් ඇතුළු 07ක් පැහැර ගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *