අයවැයේ ඇත්ත – වියදම ආදායම මෙන් තුන්ගුණයකට ලංවෙයි

The undisclosed budget is true – the expenditure is almost three times the income

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2022 සංශෝධිත අයවැය අනුව රජයේ මුළු ආදායම මෙන් තුන්ගුණයකට ආසන්න වියදමක් ඇති බව, අයවැය කතාවේදී හෙළිනොකරණ ඇමුණුම්වලින් අනාවරණය වේ.

එම ඇමුණුම්වලින් හෙළිවන්නේ රජයේ මුළු ලැබීම් රුපියල් බිලියන 2,384ක් වන අතර ණය ආපසු ගෙවීම් ඇතුළු මුළු ගෙවීම් රුපියල් බිලියන 6,222ක් වන බවය.

රජයේ වියදම ආදායම මෙන් 261%ක් දක්වා වැඩි වී ඇත.

මෙම වසර වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ඇමුණුම්වල සඳහන්ව තිබුණේ රජයේ මුළු ලැබීම් රුපියල් බිලියන 2,261ක් සහ මුළු ගෙවීම් රුපියල් බිලියන 5,245ක් වන බවය.

එම වියදම ආදායම මෙන් 232%කි.

බැසිල් රාජපක්ෂ මෙම වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය අනුව මුළු වියදම රුපියල් බිලියන 5,245ක් වූ අතර රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය අනුව එම වියදම රුපියල් බිලියන 6,222 දක්වා රුපියල් බිලියන 977කින් ඉහළ නැග තිබේ.

තවත් ලෙසකින් මෙම සඛ්‍යා දත්ත දෙස බැලුවහොත් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධිත අයවැයේ වියදම රුපියල් කෝටි 97,700කින් ඉහළ නැග ඇත.

බැසිල් රාජපක්ෂ 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *