අරගලකරුවන් තිදෙනෙක් අද CID යට කැඳවයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් බන්දුල සෝමරත්න, ඩිල්ෂාන් ප්‍රභාස්වර සහ සකුන්ද සිල්වා යන අරගලකරුවන්ට අද (26) කටඋත්තරයක් ලබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දන්වා ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීම අනුව ඔවුන් අද (26) උදේ එහි පැමිණියහ.

සිල්වාට සහ ප්‍රභාස්වරට අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මැදුරට ඇතුල් වු අය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප හදුනා ගැනීම සඳහ පැමිණේනැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ට දැනුම් දී තිබේ.

සෝමරත්නට කැදවිමට හේතුවක් නොදන්නවා, කටඋත්තරයක් ලබා ගනීම සඳහා පැමිණේනැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සී.අයි.ජයසේකර නැමැත්තෙක් දුරකතනයෙන් කතා කොට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *