අරගලකරුවන් විනාශ කළත් අරගලය විනාශ කළ නොහැක : මහාචාර්ය අර්ජුන් පරාක්‍රම

Even if the strugglers are destroyed, the struggle cannot be destroyed : Prof. Arjun Parakrama

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගාලුමුවදෝර එකාබද්ධ කමිටුවේ සමාජිකයෙකු හා සමාජ ක්‍රියාධරයෙකු වන අසංක අබේරත්නම් ගෙන් පැය දෙකකට ආසන්න කාලයක් කට උත්තර ලබා ගැනීමෙන් පසු මුදාහැර ඇත .

කටඋත්තරයක් ලබා ගැනීම සඳහා අද (24) පෙරවරු 09ට අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුවට පැමිණේනැයි කරන ලද දැනුම්දීමකට අනුව ඔහු එහි ගොස් ඇත .

ජුලි 13 වෙනිදා අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල් වි එහි දෙපළවලට හානි කර , අග්‍රාමාත්‍ය කාර්යාලයේ බඩු සොරකම් කළැයි අපරාධ දෙපාර්තමේන්තුව මගින් චෝදනා ගොනුකර තිබේ.

අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලා ඊට ඇතුල් වන අවස්ථාවේ අබේරත්න සිට ඇත්තේ , ගාලුමුවදෝර අරගල භූමියේය.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල සිද්ධියට තමන් ගේ සම්බන්ධයක් නැතැයි අබේරත්න අපරාධ පරික්ෂණ නිලධාරීන්ට පවසා ඇත.

අබේරත්න මැයි 09 වෙනිදා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ මැරයන් විසින් ගෝඨා ගෝ ගමට එල්ල කරන ලද මැර ප්‍රහාරයට ගොදුරුවුවෙක් මෙන්ම හිටපු ඇමැති සනත් නිශාන්ත එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ද දමා ඇත .

අරගලකරුවන් එකින් එකා අත්අඩංගුවට ගෙන ,නඩු වලට පටලවා , අරගලය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් බාර ගෙන ඇති බවත් අරගලකරුවන් විනාශ කළත් අරගලය විනාශ කළ නොහැකි බව මහාචාර්ය අර්ජුන පරාක්‍රම ලංකා ඉස්කයි සමඟ පැවැසීය.

Prof. Arjuna Parakrama
Asanka Abeyratnam, a member of the Galumuwadora United Committee and a social activist.
Asanka Abeyratnam, a member of the Galumuwadora United Committee and a social activist.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *