LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අරගලකරුවන් 09 දෙදනෙක් අත්අඩංගුවට ගන්නැයි නියෝග.

අප්‍රෙල් 09 කොටුව සහා තලංගම ප්‍රදේශ වල කලහාකාරී ලෙස හැසිරෙමින් කටයුතු කළා යැයි ගාලූමුවදෝර ගෝඨා ගෝ ගම අරගලකරුවන් නමදෙනෙක් අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඊයේ (17) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කර ඇත .


මෙසේ අත් අඩංගුවට ගන්නැයි නියෝග කර ඇත්තේ ජෙහන් අප්පුහාම් , වසන්ත මුදලිගේ , ලහිරු විරසේකර රතිදු සේනාරත්න , ජගත් මනුවර්ණ ,ධම්මික මුණසිංහ ,රත්කරුවැවේ ගුනරතන , එරංග ගුනසේකර සහා ගලේවැව සිරි ධම්ම යන අය හා හිමිවරු වෙති .

ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට පහාරදුන් 500 ක පමණ පිරිසෙන් මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ , 30 ක පමණ පිරිසක් පමණී.

ගෝඨා ගෝ ගම අරගලකරුවන් පිරිසක් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය හෙළිදරව් කළේය .

2 thoughts on “අරගලකරුවන් 09 දෙදනෙක් අත්අඩංගුවට ගන්නැයි නියෝග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *