අරගලයේ දි මිය ගිය වුන් ගේ සැමරුමට පොලිසියෙන් බාධා

ගාලුමුවදොර අරගලයේ දි මරා දැමු රඹුක්කන චමින්ද ලක්ෂාන් ඇතුළු අරගලයේදි මිය ගිය විරුවන් සැමරීම සදහා අද (08) වනදා ගාලුමුවදොරට පැමිණි අරගලකරුවන් විසුරුවා හැරිමට පොලිසිය කටයුතු කළේය .

අරගලකරුවන් විසුරුවා හැරීම සදහා 2000 ක පමණ පොලිස් බල ඇණියක් ගාලුමුවදොරට කැදවා තිබුණි

කොම්ඥ්ඥ විදියෙන් ගාලුමුවදොරට ඇතුල් විය හැකි පාර වල්, ජල බවුසර් සහ පොලිස් නිලධාරීන් යොදා හරස් කොට වසා දැමිණ .

අරගලකරුවන් ෂැන්ගිලා ‌හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන්නට සුදානම් වෙද්දි , පොලිසිය ඊට හරස් වි ආරක්ෂත මාණ්ඩලික පුධානී ශවෙන්ද්‍ර සිල්වා අයත් යැයි කියන බැරකුඩා රේස්ටුරන්ට ඉදිරිපිට වෙිදිකාවට යන්නැයි කළ ඉල්ලීම පිළිගනිමින් අරගලකරුවන් පසු බැස්සේය.

අරගලකරුවන් පෙළපාලියෙන් බැර කුඩා දෙසට ගමන් කර , පසුව අතර මග නතර වි උද්‌‌‌ඝෝෂණය කරද්දි ,පොලිසිය ඊට මැදිහත් වි බැර කුඩා දෙසට අරගලකරුවන් තල්ලු කර ගෙන ගියේය . පසුව අරගලකරුවන් නැවතත් මග නැවති මරා දෑමුවන්ට සහ මිය වුන්ට මතක වස්ත්‍ර පුජා කර පිං දීමට භික්ෂුන් වහන්සේලා සුද්‍රනම් වෙද්දි , පොලිසිය ඊට බාධා කර අරගලකරුවන් පන්නා දැමිමට කටයුතු කළේය .

අරගලකරුවන් අවසානයේ පොලිසිය යන්නැයි බල කර ස්ථානයට ගොස් විරුවන් අනුස්මරණය කර පහන් දැල්වුහ .

පොලිසිය ලංකා ස්කයි වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ශාන්ත විජේසුරියට ඡායාරූප ගනිද්දි ඊට බාධා කළා යැයි මාධ්‍යවේදි විජේසුරිය උසස් පොලිස් නිලධාරීන් සමග ගැටිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *