අල්ලස් කුසලානය මෙවර ප්‍රදේශීය ලේකම් කාර්යාල සතුකර ගනී

රජයේ ආයතන අතරින් වැඩිපුර අල්ලස් ගන්නා ආයතනය බවට ප්‍රාදේශී ලේකම් කාර්යාලය මුල් තැනට පත්ව ඇතැයි අල්ලස හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි .

දෙවනුව වැඩිපුරම අල්ලස ගන්නා ආයතන ලෙස පොලිසිය ,අධ්‍යාපන ක්ෂේත්‍රය ,ශ්‍රී ලංකා රේගුව , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව ,ප්‍රදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්මේන්තුව බව ඒම කොමිසන් සභාවේ සදහන් කරයි .

ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වල අල්ලස් ගැනීම් සුලබව සිදුවන බවත් විශේෂයෙන් බලපත්‍ර නිකුත් කරන මෝටර් රථ දෙපාර්මේන්තුවේ සහ ප්‍රදේඔීය ලේකම් කාර්යාල වල අල්ලස් ගැනිම වැඩිවිමට ප්‍රධාන හේතු වි ඇති බවත් එම නිලධාරින් පෙන්වා දුන්හ .

මෙම ආයතන වල අල්ලස් ගැනිම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණි ප්‍රමානය අඩු බවත් රස්තියාදු විමට ඇති අකමැත්ත නිසා මුදලක් දී වැඩෙි කරගෙන යැමෙි ප්‍රවනතාවයක් ඇති වි තිබෙන බව එම නිලධාරිහු පවසති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *